Anonymous Reporter

ව්‍යාපාරිකයන් භිය වද්දා කෝටි ගණන් කප්පම් ගන්නා කවුද මේ මලී?

Published on: Jun 25, 2020 – ජංගම දුරකතනයක ‘වට්ස්අප්’ WhatsApp මෘදුකාංගය මගින් දත්ත සොරාගනිමින් ඒවා ප්‍රචාරය නොකර සිටීමට කප්පම් වශයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 10 ක් ඉල්ලීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් 24 හැවිරිදි හිටපු සැලසුම් කළමනාකාරිනියක ලෙස පෙනී සිටින මාලී,වැනි විවිධ නාමයන්ගෙන් පෙනී සිටින සමන්මලී අල්විස් නැමති කාන්තාව රටේ ව්‍යාපාරිකයන්, දේශපාලඥයන් ඇතුලු රැසක් රවටමින් මුදල් වංචාකර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

අදාළ කාන්තාව ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පසුගිය (22) අදා නියෝග කර තිබේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ තේ කර්මාන්තයට සම්බන්ධව මෙන්ම තවත් ව්‍යාපාර රැසක් මෙහෙයවන KDU Group හි සභාපති තුෂාන් (thushan upasena) විසිනි. තමන්ගේ ජංගම දුරකතයේ තිබූ “වට්ස්අප්” තාක්ෂණයෙන් හුවමාරුකරගත් ව්‍යාපාරික රහස් ඇතුළත් ගොනු මෙන්ම හඬපට ද ඇතුලු දේ බලෙන් ලබාගෙන ඒවා ප්‍රචාරය නොකර සිටීමට මෙම කප්පම් මුදල සැකකාරිය විසින් ඉල්ලූ බවට පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා තිබිණි.

අදාළ කාන්තාව විවිධ් ස්වරූපයෙන් පෙනී සිටින අයෙකු වන අතර ඇය සතුර Facebook සමාජ ජාල ගිණුම් 16කට වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර මංගල දැන්විම් පලකිරිම හරහා විවිධ පොසතුන් අල්ලා ගන්නා ඇය පසුව ඔහුන්ව් බිය වද්දා කප්පම් ගැනිම කාලයක සිට සිදුකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

“එයා මට ගොඩක් කැමතියි වගේ….යන්න ඕනා ටිකක් ඇඟ පත පේන විදිහට ඇඳගෙන.” ව්‍යාපාරිකයන් භිය වද්දා කෝටි ගණන් කප්පම් ගත් මලී?

ව්‍යාපාරිකයන් භිය වද්දා කෝටි ගණන් කප්පම් ගන්නා කවුද මේ මලී? අප පසුගියදා කල අනාවරණයට සම්බන්ධ සමනලී සම්බන්ධයෙන් ජාතික පුවත් පතක් කල අනාවරණය පහත දැක්වෙන් බව කරුණාවෙන් සලකන්න. මෙහි සමන් යනුවෙන් අන්වර්ථ නාමයෙන් දක්වා ඇත්තේ KDU Group හි සභාපති තුෂාන් (thushan upasena) ය.

සමනලී මඩපාත පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තරුණියකි. අවිවාහක ඇයට වයස අවුරුදු විසිහතරකි. ඇය සැලසුම් කළමනාකාරිණියක් ලෙස රැකියාවේ නිරත වූවාය.

ඉන වටා වැටුණු බොකුටු වරලස පුළුලූකුල සහ සිහින් සිරුර සමනලීට ගෙනාවේ අමුතුම සුන්දරත්වයකි. රෝසපාට තොල් පෙති, දිගැටි ඇස් සහ වත මඬලේ නිරතුරුව රැඳී තිබුණ සිනහව ඇයගේ සුන්දරත්වය තවත් ඔප් නැංවූවාය. කොටින්ම කියතහොත් ඇය මිහිපිට වසනා සුරංගනාවියක් බඳුය.

සමනලී රූමත් වුවත් චරිතය එතරම් පිරිසිදු නොවුණි. ඇය පාසල් සමයේදීම ගැහැණියක වූවාය. ඒ තම දෙවැනි පෙම්වතා අතින්ය.

රැකියාටව අමතරව ඇය නිරූපණ ක්‍ෂේත්‍රයේද නිරත වූවාය. එහිදී ඇයට කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු හඳුනා ගැනීමට හැකි විය.

මුදල්වලටද ඇය දැඩි කෑදරකමක් දැක්වූවාය. ‘‘මහන්සි වී මුදල් හොයනවාට වඩා ලෙහෙසියෙන් මුදල් හොයන්න ඕනා. දෙවියො ලස්සන සිරුරක් දීලා තියෙන්නේ ඒක නිසා වෙන්නැති. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනා.’’ ඇය එලෙස සිතුවාය.

එ අනුව ඇය කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් සමග සමීප සම්බන්ධතා පැවැත්වූවාය. ඔවුන් සමග සුපිරි හෝටල්වල රාත්‍රිය ගත කිරීම, මත්පැන් පානය කරමින් විනෝද වීම වැනි දේවල්වලට ඇය හුරු වූවාය. ඒ සමගම ව්‍යාපාරිකයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගැනීමටද ඇය වග බලා ගත්තාය.

ඇය අත දැන් යහමින් මුදල් ඇත. ඒවායින් කොටසක් ඇය වියදම් කළේ රූපලාවන්‍ය කටයුතු සහ ඇඳුම් පැළඳුම් ආදිය මිලදී ගැනීම සඳහාය. ඇයට වුවමනා වූයේ අන් අයගේ ආකර්ෂණය වැඩි වැඩියෙන් තමා වෙත යොමු කර ගැනීමටයි. විශේෂයෙන්ම කෝටිපති ව්‍යාපාරිකයන්ගේය. සමහර අවස්ථාවන්හිදී ඇය තම කලවා සහ පියයුරු ඕනවටත් වඩා අන් අයට පෙනෙන්න ඇඳුම් අඳින්න ඇත්තේද එමනිසා වන්නට ඇති.

කාලය එලෙස ගෙවී ගියේය. දිනක් ඇයට තවත් කෝටිපති ව්‍යාපාරිකයකු දැන හඳුනා ගැනීමට හැකි විය. නමින් ඔහු සමන් සිල්වාය. ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. විවාහකයෙකි. තිදරු පියෙකි. වයස අවුරුදු පනස් තුනකි. ඔහු ව්‍යාපාරය ලෙස කරගෙන ගියේ තේ කොළ අපනයනය කිරීමයි.

සමන් තම පවුලට ලැදිකමක් දැක්වුවත් තරුණියන් කිහිපදෙනකු සමග ද සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය.

සමනලී සමන් පළමු හමුවෙන්ම දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ඇති කරගත්හ. සමන් ඇයගේ සුන්දරත්වයට වශී වූ අතර සමනලී ඔහුගේ මුදල් වලට වශී වූවාය.

පසු දින උදා විය. සමන්ට පෙර ඇය ඔහුට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. එලෙස ලබාගෙන ඇය මෙලෙස පැවසුවාය.

‘‘හෙලෝ ගුඞ් මෝනිං මිස්ටර් සිල්වා. මම සමනලී මතකද මන්දා.’’

‘‘ගුඞ් මෝනිං, ගුඞ් මෝනිං ඇයි මතක නැත්තේ මම කෝල් එකක් ගන්න හිටියේ අද.’’

‘‘මම හිතුවා ඊයේ ඩි‍්‍රන්ක්ස් අරන් හිටිය නිසා මාව අමතක වෙලා ඇති කියලා.’’

‘‘ඩි‍්‍රන්ක්ස් අරන් හිටියත් ඔය වගේ ලස්සන මුහුණක් කොහොම අමතක කරන්නද?’’

‘‘අනේ යන්න බොරු නොකිය. මම එච්චර ලස්සන නැහැ. එහෙනම් මිස්ටර් සිල්වා ලස්සන ගෑණු ළමයි දැකලා නැහැ.’’

‘‘ලස්සන ගැහැනු ළමයෙක් දැක්කා ඊයේ.’’

‘‘අනේ විහිළු කරන් නැතිව ඉන්න.’’

‘‘විහිළු නොවෙයි මම ඇත්ත කීවේ. ඇත්තටම දැන් ඔයා මොකද කරන්නේ.’’

‘‘මම සැලසුම් කළමනාකාරිණියක් ලෙස සේවය කරනවා. එයට අමතරව මොඩ්ලින් කරනවා.’’

‘‘නියමයිනේ. ඔයාට ගැළපෙන්නේ මොඩ්ලින් තමයි.’’

‘‘ඇයි එහෙම කියන්නේ.’’

‘‘නැහැ ඔයා ලස්සනයිනේ. ඒක නොවෙයි අපි මීට් වෙලා කතා කරමු මටත් වැඩ වගයක් තියෙනවා කර ගන්න.’’

‘‘ හරි මිස්ටර් සිල්වා ටයිම් එකක් කියන්න. මම එන්නම්.’’

‘‘කල් දාන්න ඕනා නැහැ. අද හයට හිල්ටන් එකේ ලොබි එකට එන්න පුළුවන්ද?’’

‘‘හරි මම එන්නම්.’’

කතාව එලෙස අවසන් විය. ‘‘අනෙක් අය වගේ නොවෙයි. මිනිහව ඉක්මනින් දැලේ දාගන්න පුළුවන්. එයා මට ගොඩක් කැමතියි වගේ. අද යන්න ඕනා ටිකක් ඇඟ පත පේන විදිහට ඇඳගෙන.’’ ඇය එලෙස සිතුවාය.

සවස හයට දෙදෙනා මුණ ගැසුණහ. සමනලීගේ අඟ පසඟ සහ ලස්සන දැකීමෙන් ඔහු ඇයට තවත් වශී වූහ. ‘‘ ඇය සමග ය……. ඇත්නම් කොච්චර අගනේද.’’ ඔහුට එක්වරම සිතුණි.

දෙදෙනා එහි ආපනශාලාවට ගොස් පැය ගණනක් කතා බස් කළහ. සමන්ට වුවමනා වූයේ කෙලෙස හෝ ඇය තමා වෙත නතු කර ගැනීමටයි. එ සඳහා ඔහු නොයෙකුත් උපක්‍රම භාවිත කළේය. එහෙත් එය අසාර්ථක විය. අවසානයේ ඔහු ඇයට මෙලෙස පැවසුවේය.

‘‘අපේ කම්පැණියේ ඇඞ් ටිකක් කරන්න ඕනා. ඒකට මම ඔයාව තෝරා ගන්නවා.’’

‘‘ඒකනම් හොඳයි. මමත් ආසයි ඒකටනම්’’

‘‘හරි හරි අපි ඉක්මනට ඒක කරමු. හැබැයි ඔයා මට උදව්වක් කරන්න ඕනා.’’

‘‘ඒ මොකක්ද?’’

‘‘මම කැමතියි ඔයා එක්ක ඩි‍්‍රන්ක් එකක් අර ගන්න.’’

‘‘ඉතින්.’’

‘‘ඉතින් කියන්නේ කවදද එන්නේ.’’

‘‘අනේ මන්දා මිස්ටර් සිල්වා කියන දේවල්.’’

‘‘එහෙම කියන්න එපා. මම වෙන දේවල් ඉල්ලන්නේ නැහැනේ.’’

‘‘හරි හරි මම එන්නම්.’’

‘‘කවදද එන්නේ.’’

‘‘ඔයා කියන්න.’’

‘‘එහෙනම් කල් දාන්න ඕනේ නැහැ. හෙටම යමු.’’

‘‘හරි හරි.’’

ඉන් පසු දෙදෙනා විසිර ගියහ.

පසු දින උදාවිය. කතා කරගත් වේලාවට දෙදෙනා මුණ ගැසුණහ. ඉන්පසු ඔවුහු තරු පහේ හෝටලයකට ගියහ. ඉස්තරම් වර්ගයේ විස්කි සහ කෑම බීම ඇණවුම් කළහ. දෙදෙනා ඒවා පානය කරමින් විවිධ දෑ කතා බස් කළහ. සමන්ට වුවමනා වූයේ ඇය සමග සමීප ඇසුරක් පැවැත්වීමටයි. එම නිසා ඔහු ඇයට මෙලෙස යෝජනා කළේය.

‘‘මම දන්න අය මෙතනට එන්න පුළුවන්. ඒක දෙන්නටම හොඳ නැහැ. ඒක නිසා අපි රූම් එකකට යමුද? මම තියෙන හොඳම රූම් එක බුක් කරන්නම්.’’

ඇය එයට අකමැති නොවීය. සමන් එම තරු පහේ හෝටලයේම කාමරයක් වෙන් කර ගත්තේය. ඉන් පසු දෙදෙනා එය තුළට ගියහ. එලෙස ගොස් ගතවූයේ සුළු වෙලාවකි. සමන් ඇයව තුරුළුකර ගත්තේය. සමනලීද එයට අකැමැත්තක් නොපෙන්නුවාය. දැන් කිසිම දෙයකට බාධාවක් නොමැති බව ඔහු දැන ගත්තේය. ඉන් පසු ඔහු තම සිතේ තිබුණ ආශාව ඇයගෙන් ඉටු කර ගත්තේය.

එතැන් පටන් දිනපතාම පාහේ ඔවුහු එලෙස මුණ ගැසුණහ. සති කිහිපයක් යද්දී ඔහු අත දිගහැර ඇයට වියදම් කිරීමට පටන් ගත්තේය. ඇය ජීවත්වූයේ මාසික කුලිය 35000 ක් පමණ ගෙවන නිවසක තනියමයි.

සමන් සහ සමනලී අතර අනියම් සම්බන්ධය ජයමට පවත්වාගෙන ගියහ. ඒ අතර සමන් ඇය ඉල්ලන ඉල්ලන දේ දීමට පුරුදු වී තිබුණි. ඒ අතර කාලය තුළ ඇය වෙනත් කෝටිපති ව්‍යාපාරිකයන් සමගද සම්බන්ධතා පවත්වාගෙන ගියාය.

මුල සිටම සමනලීගේ සිතේ යම් අදහසක් තිබුණි. ඒ සඳහා ඇය මුල සිටම ක්‍රියාත්මක වුණි. ඇය සමන් සමග සිටින නිරුවත් පිංතූර සහ ඔහුගේ වට්ස්ඇප් ගිණුමේ තියෙන සියලූ තොරතුරු ඇය එක් රැස් කරගෙන තිබුණි. ඒ සමන්ගේ ජංගම දුරකථනයේ දත්ත බද්ධ කරගනිමින්ය.

සමන්ගේ දියණියක් විවාහ වීමට සූදානම් වී සිටියේය. ඇය එහි දින වකවානු ආදී සියල්ලම කල් වෙලා ඇතිව දැනගෙන සිටියාය. දැන් තමන්ගේ මෙහෙයුම පටන් ගැනීමට හොඳම කාලය බව ඇයට වැටහුණි.

පසුදිනම ඇය සමන්ගෙන් රුපියල් කෝටි 10 ක මුදලක් ඉල්ලූවාය. ඔහු කුමකටද කියා අසා එච්චර මුදලක් කිසිසේත්ම දිය නොහැකි බව පැවසුවේය. ඇය ඉන් කෝපයට පත් වූවාය. ඉන්පසු ඇය සමන්ට තර්ජනය කර තමන් ළඟ නිරුවත් පිංතූර සහ ඔහුගේ ජංගම දුරකථනයේ තිබුණ රහස් ගොඩක් තමන් ළඟ තියෙන බව පවසා ඒවා ප්‍රසිද්ධ කරන බව පැවසුවාය.

ඇයගේ එම තර්ජනය හමුවේ සමන් ඉතා අසරණ විය. තමන් කිසියම් උගුලකට හසුවී ඇති බව තේරුම් ගත්තේය. දැන් එයින් ගොඩ ඒමේ මගක් ඔහු කල්පනා කළේය. ඒ අතර සමනලී දිගින් දිගටම ඔහුට තර්ජනය කර කෝටි 10යේ කප්පම් මුදල ඉල්ලා සිටියාය.

සමන් දස අතේ කල්පනා කළත් නිසි පිළිතුරක් නොලැබුණි. අවසානයේ ඇයගෙන් බේරීමට නොහැකි තැන නීතියේ පිහිට පැතීමට තීරණය කළේය. ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ පිළිබඳව පැමිණිලි කළේය.

පැමිණිල්ලට අනුව පරීක්ෂණ ඇරඹූ එම නිලධාරීහු එම සැකකාර තරුණියව අත්අඩංගුවට ගත්හ. ඒ අනුව ඇය ළඟ තිබී ජංගම දුරකථන 4 ක් සහ ලැප්ටොප් 3 ක් සොයා ගත්හ. එවායේ තිබී තවත් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේම නිරුවත් පිංතූර සහ තවත් වටිනා තොරතුරු රැසක් සොයා ගැනීමටද එම නිලධාරීන්ට හැකිවිය.

පරීක්ෂණවලදී අනාවරණය වූයේ සැකකාරිය 2007 අංක 27 දරන පරිගණක පනත මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයද උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි. එම වෝදනාවලට අදාළව එම නිලධාරීහු සැකකාර සැලසුම් කළමනාකාරිණියව අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාර තරුණියව ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

කෝටිපති ව්‍යාපාරිකයන් සමග සමීප සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඉතා රහසිගත ලෙස සොරාගෙන ඉන්පසු කප්පම් ඉල්ලන සැලසුම් කළමනාකාරිණියට අවසානයේ සිදුවූයේ එලෙස බන්ධනාගාරගත වීමටයි.

Top