LNN SPY

වාසුගේ මස්සිනා එක්ක ගොඩ යන ගෝඨාගේ අලුත්ම Plan එක…….  දෙමළාට එරෙහි සිංහල වීරයා………

Aug 22, 2019 – ජනාධිපතිවරණ සටන කෙසේ හෝ ජය ගනිමියි යැයි තරයේ අධිෂ්ඨාන කර සිටින මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටු නඩය නැවතත් සිය ජරා ජීර්ණ තුප්පහි ජාතිවාදි දේශපාලනයට අවතීර්ණ වීමට තීරණය කොට තිබෙනවා.

මීට පෙර රටේ සුළු ජාතික ඡන්ද ඉතා වැදගත් ලෙසට සලකමින් ක්‍රියා කිරීමට මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලෙන් පොහොට්ටු සාමාජිකයන්ට උපදෙස් ලැබී තිබුණද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපෘතියේ පළමු පියවර සිතූ තරම් ප්‍රතිඵල අත්කර නොදෙමින් අවසන් වීම ගෝඨා ප්‍රචාරණ ක්‍රියාවලිය අසාර්ථක බව එම ව්‍යාපෘතියේ විශේෂඥයන් විසින්ම පිළිගැනීම හරහා මේ වන විට නැවතත් ජාතිවාදය අවුස්සමින් හෝ ප්‍රචාරණ වැඩපිළිවෙළ ගොඩ දා ගැනීමට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම ගෝඨාභයගේජනාධිපති අපේක්ෂකත්වය එළි දැක්වීම සිදු වූ පොදුජන පෙරමුණේ සාංවත්සරික උළෙලෙන් පසුව දකුණේ ජනතාව ගෝඨා වෙනුවෙන් මරාගෙන මැරෙන මොරාල් නිර්මාණය කර ගනිමින් ගෝඨා රැල්ලක් නිර්මාණය කරනු ඇතැයි පොහොට්ටුවේ ප්‍රචාරක විශේෂඥ බලාපොරොත්තු වූවද ජනතාව තුළ පවා ගෝඨාභයට වැඩි පිළිගැනීමක් නොලැබුණු තැන මෙම තීරණය ගැනීමට රාජපක්ෂ වරුන් යොමු වී ඇති බවද පැහැදිළිය.

ඒ වෙනුවෙන් ගෝඨාභයට එරෙහිව උතුරේ විරෝධතාවයක් ගොඩ නැංවීමට පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර මහතාගේ මස්සිනා වන උතුරු පළාතේ හිටපු මහ ඇමති සී. වී විග්නේෂ්වරන් යොදා ගනිමින් ගෝඨා විරෝධි දෙමළ ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීමට සැළසුම් කොට ඇති අතර එහි පළමු පියවර ලෙස පසුගියදා හිටපු මහ අමාත්‍යවරයා හිරු හා දෙරණ යන රාජපක්ෂ වන්දිභට්ට මාධ්‍ය නාලිකා වෙත ප්‍රකාශයක් කරමින් සැබෑ දෙමළ ජාතිකයකු කිසිවිටෙකත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා නොදෙන බවත් ඒ, ඔහු සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීම වෙනුවෙන් පෙනී සිටින්නෙකු නිසා බවත් ප්‍රකාශ කිරීම සිදු විය.

විග්නේශ්වරන් ගෝඨාට එරෙහිව සහ ගෝඨාගේ “සිංහල බෞද්ධ රාජ්‍යය” සංකල්පය ඉහළින්ම අවධානයට ලක් කරමින් දෙරණ සහ හිරු මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශයක් ලබා දෙන්නේත් එම මාධ්‍ය ආයතන ඊට අදාළව තමන්ට දිය හැකි ඉහළම ප්‍රචාරණය මෙම සැළැස්මේ කොටසක් වන අතර ඒ හරහා දෙමළාට එරෙහි සිංහල වීරයා” ලෙස පෙනී සිටිමින් සිංහල ජනතාව ගෝඨා වෙත ආකර්ශනය කරගැනීම මෙහි උපක්‍රමය ලෙස ට සකස් කොට ඇත.

කෙසේවෙතත් මේසම්බන්ධයෙන් වැඩි මනාපයක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් පළ කල නොමැති අතර මෙය තාවකාලික පියවරක් ලෙස දියත් කිරීමටත් ඉතාම ප්‍රවේශම් සහගතව තමන්ගේ ඇඟේ නොගාගෙන කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතා තරයේ උපදෙස් ලබා දී තිබෙනවා.

විග්නේෂ්වරන් හිටපු මහ ඇමතිවරයා විසින් ගෝඨාභය සඳහා ඇති විරෝධය දෙමළ ජනතාව වෙත නොපවසා හිරු සහ දෙරණ වැනි සිංහල මාධ්‍ය වෙත ලබා දීම විහිළුවක් වී ඇති බවත් උතුරේ ජනතාවට ගෝඨාභයට ඡන්දය නොදීමට විග්නේෂ්වරන්ගේ උපදෙස් අනවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය තරම් හේතු පවතින බවත් උතුරේ දේශපාලන නායකයින් කිහිපදෙනෙක් සිය විරෝධය අක්වමින් ප්‍රකාශ කර සිටියා.

Top