Breaking
24 Feb 2025, Mon

වැඩබලන සභාපතිලා යටතේ ජනාධිපතිවරණ තියන්න බෑ…… ස්ථිර සභාපතිවරයෙක් පත් කරන්න…… ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසමට තග දමයි……..

Published on – Oct 10, 2019 ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇති ප්‍රතිපාදන අනුව ස්වාධීන කොමිෂන් සභාවක් වන මැතිවරණ කොමිෂන් සභාවට වැඩ බලන සභාපතිවරයෙකු යටතේ ජනාධිපතිවරණය පැවැත්විය නොහැකි බැවින් වහාම ස්ථිර සභාපතිවරයෙකු පත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදි කතානායක කරු ජයසුරීයගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම නියෝගය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති රැස්වීම සඳහා මැතිවරණ කොමිසම් සභවේ වැඩ බලන සභාපතිවරයා හා නීතිපති දප්පුල ද ලිවේරා කැඳවා තිබූ අතර එහිදි නීතිමය තත්ත්වය පැහැදිළි කරමින් නිතිපතිවරයා සඳහන් කොට ඇත්තේ වැඩබලන සභාපතිවරයෙකු යටතේ ස්වාධීන මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවයි.

එම තත්ත්වය යටතේ හැකි ඉක්මනින් ස්ථීර සභාපතිවරයෙකු පත් කොට එවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙනවා.

ඊයේ පැවති එම රැස්වීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජනාධිපති නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ  සහභාගි නොවුණ අතර වැඩබලන සභාපති මහින්ද දේශප්‍රියට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් සහභාගි වී තිබුණි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.