LNN SPY

වැඩි ඡන්ද 2,75,000කින් සජිත් ඉදිරියට….. ගෝඨා බලකාය බොරු පැතිරවීමේ මෙහෙයුමක…. සමස්ථ ප්‍රතිඵලය එන තුරු ඉවසීමෙන් එක්ව ඉදිරියට!

Published on – Nov 16, 2019 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ගණනය කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන්ම ඒ සමඟ ම නිල නොවන ඡන්ද ප්‍රතිශත විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වීමද ආරම්භ වී තිබෙනවා.

2015 ජනාධිපතිවරණයේදි මෙන්ම මේ වන විට ලැබෙමින් පවතින නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ යම් දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙන බවට වාර්තා වූවද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ඡන්ද කඳවුරු ලෙස හැදින්විය හැකි ගාල්ල, මාතර, කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක වල තැපැල් ඡන්ද ප්‍රතිඵලය 50 % දක්වා අඩු වී ඇති බවත් වාර්තා වෙනවා.

මේ අතර ලැබෙමින් පවතින අනෙකුත් නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිපල අනුව සජිත් ප්‍රේමදාස යාපනය, මඩකලපුව , වන්නි ඇතුළු උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක සියල්ලේම, මහනුවර, මාතලේ, නුවර එලිය, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක තැපැල් ඡන්ද ජයග්‍රහණය කර තිබෙනවා.

එසේම මෙහි ඇති විශේෂත්වය වන්නේ 2015 ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් සජිත් ප්‍රේමදාස විසින් ජයග්‍රහණය කරන සෑම දිස්ත්‍රික්කයකම ලබා ගැනීමයි. එය ගෝඨාභය රාජපක්ෂගේ තත්ත්වයට වඩා වෙනස් වන අතර ගෝඨාභය ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක වලදීද ලබා ගන්නේ 2015 ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකි.

එසේම තැපැල් නොවන ඡන්ද ගණනය කිරීමද මේ වන විට ආරම්භ වී ඇති අතර සිරිකොත පක්ෂ මූලස්ථානය විසින් මෙහෙයවන විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරිය දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල යොදවා ඇති  45,000 ක නියෝජිතයන් ගෙන් ලබා ගෙන ඇති තොරතුරු අනුව සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ වඩා වැඩි ඡන්ද දෙලක්ෂ හැත්තෑපන්දහසකට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව තහවුරු කර ගෙන ඇත.

විශේෂයෙන්ම මේ වන විට ලැබෙමින් පවතින තොරතුරු අනුව දිස්ත්‍රික්ක හතරක් ජයග්‍රහණය කරන සජිත් වැඩි ඡන්ද එකලොස් ලක්ෂ විසි පන්දහසකින් (11, 25,000) ඉදිරියෙන් සිටින අතරම එම පරතරතය පියවීමට ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන සියළුම දිස්ත්‍රික්ක වල වැඩි ඡන්ද එකතුවෙන් පවා නොහැකි වී තිබේ.

මේ අතර නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵල හරහා ගෝඨාභය රාජපක්ෂ දිස්ත්‍රික්ක කිහිපයක් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වෙත්ම පොහොට්ටු කල්ලිය සිය මර්දනකාරි වැඩ පිළිවෙළ ආරම්භ කර ඇති අතරම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වෙමින් ගණන් කිරීමේ ඡන්ද මධ්‍යස්ථාන තුළ සිටින අනෙකුත් පක්ෂ වල නියෝජිතයන් පල් පාට් දමමින් ඔවුන්ව ගණක් කිරීමේ මධ්‍යස්ථාන වලින් එලවා දැමීමට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ අතර මෙම පුවත පල කිරීමට ආසන්න මොහොතේදි මැතිවරණ කොමිසම් නිල වාර්තා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂවාදින් විසින් සමාජ මාධ්‍ය ජාලා හරහා කුරුණෑගල දිස්ත්‍රික්කය ගෝඨා විසින් ජයගෙන ඇති බවට පතුරුවන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. මේ වන විටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීම් අවසන් වී නොමැති බවත් එම නිල ආරංචි මාර්ග සඳහන් කළා.

දිස්ත්‍රික්ක කිහිපයක ජයග්‍රහණයෙන් ඇස් අන්ධ වී ඇති ඔවුනට නොපෙනෙන කාරණය වන්නේ ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රමාණය මගින් ලබා දෙන පණිවිඩයයි. දන්නා කළ සිටම වමේ දිස්ත්‍රික්ක හා මහින්ද රාජපක්ෂගේ බල කොටු වලින් පවා ගෝඨාභය රාජපක්ෂ විසින් අඩු ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීම පොහොට්ටුවට ලබා දෙන්නේ පූර්ව දැනුම් දීමක් වන අතර ඒ හරහා කියවෙන්නේ සමස්ථ දිවයිනේ ඡන්ද ප්‍රතිඵලය පොහොට්ටුවට ගුණදායක නොවන බවයි. නමුත් එය වටහා ගැනීමට තරම් දේශපාලන ඥානයක් පොහොට්ටුව සතු නොවීම බරපතළ අපරාධයකි.

Top