Breaking
24 Feb 2025, Mon

වැඩේ වැරදුනොත් ජනපතිකම බේරා ගන්න සිරිසේනගේ සහෝදරයා රනිල් හමුවට…. ව්‍යවස්ථාව නොසලකා පාර්ලිමේන්තුව විසුරුවිමේ සුදානමක්!

Published on: Nov 7, 2018 – පාර්ලිමේන්තුවේ බලය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යලිත් අත්පත් කරගතහොත් තමන්ට සිය ධුර කාලය අවසන් වනතෙක් ජනාධිපති ධුරයේ රැදි සිටිමට අවස්ථාව ලබා ගැනිමට හැකියාවක් ඇද්ද යන්න මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යාපාරික සහෝදරයා අතේ අගමැති රනිල් වික්‍රමසිංහට පණිවිඩයක් එවා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපතිවරයා මේ වනවිට තමන්ගේ සටන් සගයා ලෙස හදුන්වාදුන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ද දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබාදෙමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාද මාධ්‍ය හමුවකදි ප්‍රසිද්ධියේම අනාවරණය කර තිබේ.යම් හෙයෙකින් පාර්ලිමේන්තුව රැස්වෙමින් අනතුරුව බහුතර පෙන්වා රනිල් යලිත් අගමැතිකම රැකගතහොත් අනිවාර්යයෙන්ම දෝෂාභියෝගයකටද ජනපතිට මුහුණ දිමට සිදුවන අතර එවන් තත්ත්වයක් උදාවුවහොත් ශ්‍රිලනිපයේ සහය පවා එයට හිමිවිමේ අවදානමක් ඇති බව පසුගියදා අප අනාවරණය කළා.

ජනාධිපතිවරයා බහුතරය පෙන්විම සදහා මේ තාක් ගත් සියලුම උත්සහයන් ව්‍යාර්ථවිම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාලීම හැකියාවක් ඇද්ද යන්න මේ වනවිට ව්‍යවථා විශාරදයන්ගෙන්ද විමසා ඇති නමුත් ඔහුන්ගේ පිලිතුරද එතරම් යහපත් නැති බවයි වාර්තා වන්නේ.අප පසුගියිදා අනාවරණය කල පරිදිම වත්මන් ආන්ඩුවේ බහුතර පෙන්විම සදහා ඇති එකම බාධකය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අතර මේ වනවිටත් ශ්‍රිලනීප මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ සාමූහික වගකිම් අත් හරිමින් කටයුතු කරමින් සිටි.

පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දය හෝ වසර 4 1/2 ක් ගෙවීම හෝ ජනමතවිචාරණයකින් ජනතාව අනුමත කළහොත් මිස පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති වුවත් පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව කැදවු සැනින් තත්ත්වය යහපත් නොවන බව වැටහි ගියහොත් පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනපති සුදානමින් සිටි.

ව්‍යවස්ථාව නොසළකා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අතර මැතිවරණ කොමිෂන් සභාව ගන්න තිරණ සම්බන්ධයෙන් ජනපති දැනටමත් විමසා ඇති අතර මාස 2ක කාලයක් තුල මැතිවරණයක් පැවැත්විමට කොමිසම සුදානම් බව පමණක් මේ වනවිට ජනපතිට දැනුම් දී තිබේ.

මේ අතර ඊයේ නව ආණ්ඩුවට සහය දක්වන එක්සත් ජනතා නිදහස් සංධාන සහ වෙනත් පක්ෂ වලින් සහය පළ කිරීමට පැමිණි මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්‍යාලයට කැදවා තිබූ අතර ඒ සදහා සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 80ක් පමණ අතර සහභාගි නොවු පිරිස අතර වැඩි සංඛ්‍යාවක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ මන්ත්‍රීවරුන් බවද අනාවරණය තිබේ.

Loading…

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.