LNN SPY

විපක්ෂනායකත්වය ගන්න රනිල් ගෝනි සෙල්ලමක…. කතානායකටත් බලපෑම්… අකිල,සාගල,රවී වෙස් මුහුණු ගලවයි… විපක්ෂ නායකත්වය සජිත්ට ඉල්ලා මන්ත්‍රීවරුන් 45ක් අත්සන තබයි…

Published on: Nov 21, 2019 – විපක්ෂනායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයාට බාරදුන් අතර රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට දිගින් දිගටම බලපෑම් කරමින් එම ඉල්ලිම ඉවත දමන ලෙස නියෝග කර තිබේ.

මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් කතානායක කරු ජයසුරිය ට ලිපියක් බාර දී තිබේ.

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම පිළිබඳව මතුවී තිබෙන ගැටළු සහගත තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බැවින් එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බව කතානායක කරු ජයසූරිය සදහන් කර තිබේ.

අද පෙරවරුවේ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කතානායකවරයා මේ බව ප්‍රකාශ කල බවයි අප පාර්ලිමේන්තු දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිළිගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ බහුතර මන්ත්‍රීවරයන් පිරිසක් සිටින දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා බවද කතානායකවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම එම දේශපාලන පක්ෂයේ මහ ලේකම්වරයා විසින් කතානායකවරයා වෙත ඒ බව ලිඛිතව දැන්වීමක් කිරීම පක්ෂ මහ ලේකම්වරයාගේ යුතුකමක් බවත් කතානායකවරයා විසින් කාරක සභාවට දන්වා සිටියේය.

සජිත් ප්‍රේමදාස විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් විසින් අත්සන් කළ ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී භාර දුන් අවස්ථාවේදී මෙම කරුණු කතානායකවරයා විසින් සඳහන් කළේය.

ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, අකිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස නම් කරමින් එවන ලද ලිපියක් කතානායකවරයා විසින් කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.

මහින්ද රනිල්ට දුන් පොරොන්දුව…..

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණක් සිටියද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ලබාදීමට කටයුතු කරන බව වත්මන් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට පොරොන්දුවක් ලබාදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය අතහැරිමට පෙර මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදි එම පොරොන්දුව මහින්ද ලබාදි ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ඒ සදහා 2015න් පසුව පැවැති පාර්ලිමේන්තුව අවශ්‍ය ප්‍රමාණයට පුර්වාදර්ශ පෙන්වා ඇති  බවද මහින්ද පෙන්වා දි තිබේ. (කොළඹ පැවැති එම සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු රැසක් බලාපොරොත්තු වන්න )

සජිත් විපක්ෂ නායකයා කරන්න මන්ත්‍රීවරු 45දෙනෙක් අත්සන් කරපු ලියුම කතානායකට….

Top