Breaking
23 Feb 2025, Sun

විපක්ෂ නායකකම නමට දුන්න රනිල්ගේ ගැට මෙන්න … පාර්ලිමේන්තුව 3 වෙනිදාටත් ඇරියා වැහුවා… මහින්ද-ගෝඨා-රනිල්-සාගල කුමන්ත්‍රණ වලින් එජාපයට කුමක් වේද?

Published on: Dec 9, 2019 – සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායකත්වය ලබාදීමට එජාප නායකත්ව බහිරවයා හේවත් රනිල් වික්‍රමසිංහ කටයුතු කිරිම හරහා තවත් කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.මහින්ද-ගෝඨා-රනිල්-සාගල සාකච්ඡාවලට අනුව කල්දැමු පාර්ලිමේන්තුව ජනවාරි 3 වැනිදාදා කැඳවිමට සුදානමක් නොමැති අතර තවදුරටත් පාර්ලිමේන්තුව කල්දමා හැකි ඉක්මනින්ම විසුරුවා හැරිම එම කුමන්ත්‍රණය වි තිබේ.

සජිත් ප්‍රේමදාසට ලබාදුන් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් නීතිමය හා සම්ප්‍රදායික ගැටළු ගණනාවක් මතුව ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව මෙම විපක්ෂ නායක ධුරය නම්කොට නොතිබීමයි.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස කතානායක කරු ජයසූරිය විසින් පිළිගත්තද එය කතානායකතුමා විසින් සම්ප්‍රදායානුකූලව පාර්ලිමේන්තුවේදී නිවේදනය කිරීමට අවස්ථාවක් නොමැති අතර, අදාළ ධුරය සම්බන්ධයෙන් එය දැඩි අර්බුදයක් මතු කර තිබේ.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය 2020 ජනවාරි මස 03 වැනි දා පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිත අතර, එදින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රාජාසන කතාවෙන් පසු යළිත් වතාවක් පාර්ලිමේන්තුව කල් තැබීමට මහින්ද-ගෝඨා-රනිල්-සාගල සාකච්ඡාවලදි එකඟතාවකට පැමිනිම මෙම අර්බුදය තවත් උග්‍රවිමට හේතු වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන නම පාර්ලිමේන්තුවේදී නිවේදනය නොකරන තාක් විපක්ෂ නායක ධුරයට නීතිමය හිමිකමක් නොපවැතිම සාමාන්‍ය සම්ප්‍රදායයි.

මේ අතර මෙම කුමන්ත්‍රණයේ කොටස්කරුවෙකු වන කතානායකවරයා 12 වැනිදා පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවට සජිත් ප්‍රේමදාසට මේ දක්වා ආරාධනා කර නොතිබීමද විශේෂත්වයක්.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.