LNN SPY

වෙල්ගම,ප්‍රසන්න,සී.බී,පවිත්‍රා,දිලුම් ශ්‍රිලනිපයෙන් දොට්ට….මන්ත්‍රීකමත් අහෝසි වන ලකුණු…..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධුරයද අහෝසි කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කර තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, සන්ධානයේ මහලේකම්වරයා මාර්ගයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි කිරීමටත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.

මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් පසු ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් නිතැතින්ම පක්ෂයේ තීන්දුවලට අනුකූල වන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

Top