LNN SPY

ශ්‍රිලනීප මෛත්‍රී පිලේ අර්බුදයක්! රාජපක්ෂ රෙජීමයත් එක්ක බෑ ,දුමින්ද මෛත්‍රීට දෙකක් කියයි…. මහින්ද දුවන කෝච්චියට බෙල්ල තිබ්බාද?

Published on: Oct 30, 2018 – ව්‍යවස්ථාවට පිටුපාමින්,ශ්‍රිලනිපයේ කිසිදු ජ්‍යෙෂ්ඨයෙකුගේ අදහස් විමසිමකින් තොරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තින්දුව හේතුවෙන් මේ වනවිට ශ්‍රිලනිපයේ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බහතරය සොයා ගැනිමට නොහැකි විමත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව වසා දැමිමත් මෙන්ම මේ වන විට ආණ්ඩුවේ සියලුම බලයන් සිය අනසකට රාජපක්ෂ කල්ලියේ විවිධ පුද්ගලයන් විසින් යටකර ගැනිම හේතුවෙන් 2015 ජනවාරියේ සිට මෛත්‍රී සමග සිටි ශ්‍රිලනීප කණ්ඩායම මේ වනවිට අසරණ වි ඇති අතර ඒ හේතුවෙන් නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරියේදී දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට තීරණය කර ඇති බවයි.

මේ අතර අමාත්‍ය දුමින්ද දිසානායක විසින් ජනාධිපති සිරිසේනගේ මුහුණටම මේ සම්බන්ධයෙන් පවසා ඇති අතර තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරියේදී දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට තීරණය කර ඇති බවත් රාජපක්ෂලා සමඟ දේශපාලන දීගයකට ගොස් රෙදි නැතුව පාරේ යනවාට වඩා දේශපාලනයෙන් සමුගෙන ගෙදර යැම සැපක් බවයි.

ශ්‍රීලනිපය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යංශ දැරූ ඇමතිවරුන් කැඳවු අවස්ථාවේ දුමින්ද දිසානායක සදහන් කර ඇත්තේ..

“2014 වසරේදී රාජපක්ෂ රෙජීමයෙන් ඉවත්වී පැමිණියේ මෛත්‍රීපාල සිරිසේන වෙත තිබූ පෞද්ගලික හිතවත්කමකට පමණක් නොව රාජපක්ෂ රෙජීමයේ තිබු ඒකාධිපති දුෂිත පවුල් පාලනය අවසන් කිරීමේ චේතනාවෙන් බවත් එතරම් අවධානමක් ගත් තමන් ඇතුළු පිරිසට කිසිඳු දැනුම්දීමක් සිදුනොකර රාජපක්ෂලා නැවත රජ කරවන්න ජනාධිපති සිරිසේනට හැකිනම් තමන්ටද ස්වාධීන අදහසක සිට කටයුතු කිරීමට හැකි බවයි. ”

කිසිදු අවස්ථාවක තමන් පදුරට නොකියා පළායන ආකාරයේ නිවටයකු නොවන බවත් යනවානම් ජනාධිපතිතුමාගේ අතට බුලත් අතක් දි යන බවද දුමින්ද සදහන් කර තිබේ.ඊයේ (29) කැබිනට් අමාත්‍යධුරයන්හි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට දිවුරුම් දෙන ලෙසට ජනාධිපතිවරයා කල යොජනාවද ඔහු විසින් ප්‍රතිකේෂ්ප කර තිබේ.

මේ අතර හිටපු ජනාධිපති චන්දිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල් වික්‍රමසිංහට ගැනිමේ වගකීම දැනටමත් බාරගෙන ඇති අතර ඇයගේ මැදිහත් විමෙන් විශේෂ මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Top