LNN SPY

ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ ඇමතිවරු එජාප දොරකඩ…පක්ෂ නායක,අගමැතිකම දෙකම රැකගෙන රනිල්ගේ වෙනම ආණ්ඩුවක් හදයි…

එක්සත් ජාතික පක්ෂය තනිව පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සමග එක්විම සදහා ජනාධිපති මෛත්‍රීපාල මහතාට ඉතා සමීපව සහ විශ්වාසවන්තව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මේ මැති ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂය සමග මෙසේ එක් වන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුම,ආශීර්වාදය සහ අවසරය ඇතිව නොව සිය ස්වාධීන මතය අනුව බව ද ඒ අනුව ඒ අය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

මෙම කණ්ඩායමට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්දයෙන් පරාජය වි මෛත්‍රීගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට කරනම් ගැසු කණ්ඩායමේ කිසිවෙකු ඇතුලත් වි නොමැති අතර ඔහුන් ආණ්ඩුවට එකතු කර නොගන්නා ලෙස පසුගියද අරලියගහ මන්දිරයේදි රනිල් හමුවි එජාප පසුපෙල මන්ත්‍රීවරුන් තරයේම් අගමැතිගෙන් ඉල්ලිමක් කර තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන කැළඹීම හේතුවෙන් තනිවම ආණ්ඩුවක් සෑදිම සදහා අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින අතර පක්ෂ නායකකමින් ඉවත් වන ලෙසට රනිල්ට එල්ලවන චොදනා සමනය කර ගැනිමේ අරමුණින් වෙනම ආණ්ඩුවක් නිර්මාණය කිරිම සදහා රනිල් උත්සහ කරමින් සිටින බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

ඊයේ (13)සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර පැවැති රැස්වීම අවසන් වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එකඟ වීමෙන් වන අතර පාර්ලිමේන්තුවේ බහුතරය හැකි නම් පෙන්වා එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් ගොඩනගා ගන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට කර තිබෙන අභියෝගය සදහා එජාප රනිල් පිළ වෙනම මෙහෙයුමක් දියත් කරමින් සිටි.

Top