LNN SPY

ශ්‍රීලනීපය සමග සන්ධාන එපා…සභාගයේ අභාගය අත ලගයි…..සිරිසේනට පක්ෂේත් නෑ විපක්ෂයත් නෑ …හංසයාගේ බෙල්ල කපයි….

මහ බැංකු බැදුම්කර විකිණීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කල බැදුම්කර කොමිසම හරහා එක්සත් ජාතික පක්ෂයට ග්‍රාමීය වශයෙන් කළු පැල්ලමක් එක් වි ඇති බවත් ජනාධිපතිවරයා දැන දැනම එජාපය අමාරුවේ දමා ඇති බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දි තිබේ.

බැදුම්කර කොමිසම හරහා දෛනිකව විවිධ පුවත් මවමින් ඒ හරහා රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් වංචා කල බවට පුවත් පත් වල පිටු ගණන් මුද්‍රණය කර ගං මට්ටමේ ජනතාව අතට එම පත්තර ලබාදිමට පවා ඇතැම් කණ්ඩායම් කටයුතු කර ඇති බවත් ඒ හරහා ගමේ සැම තැනකම බැදුම්කර ගණුදෙනුවක් යනු කුමක්ද කියා හෝ නොදන්නා මිනිසුන් පවා ඒජාපය දැවැන්ත වංචාවක් කර ඇති බවට ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන තිබෙන බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පෙන්වා දි තිබේ.

මිට අමතරව රනිල් විරෝධි කඳවුරු නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින පුද්ගලයන් මෙන්ම “සිරස” නාලිකා දෛනිකව එම මතය සමාජ ගත කිරිම සදහා විවිධ උපක්‍රම යොදනා බවත් කිසියම් මැතිවරණයක් පැවැත්විමට තින්දු කලහොත් අනිවාර්යෙන්ම බැදුම්කර වංචාව් ඉදිරියට ගෙන පක්ෂයේ පාක්ෂිකයින් දුර්වල කිරිමට මෙහෙයුම් දියත් වනු ඇති බවයි එම කණ්ඩායමේ මතය වි ඇත්තේ.

බැදුම්කර කොමිසමේ වාර්තා කරලියට පැමිණිමත් සමග පක්ෂ නායකත්ව්ය(එජප) ඉලක්ක කර මඩ ප්‍රහාර දියත් වනු ඇති බවත් එදාට “රනිල් හොරා “යැයි කියමින් වෙනම මඩ ප්‍රහාරයක් දියත් වනු ඇති බවයි එම කණ්ඩායමේ මතය වි ඇත්තේ.

වාර්තාව හරහා මුල්‍ය වංචාවක් සිද්ද වි නොමැති බවට වාර්තා ලැබුනද අද වනවිට එය රටේ බහුතර මතය බවට පත්ව ඇති හෙයින් ඒ හරහ එල්ල වු මඩ ලේසියෙන් සෙදිමට නොහැකි වනු ඇති බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

යම් හෙයකින් පළාත් පාලන මැතිවරණයක් පවත් වන්නේ නම් ඒ සදහා ග්‍රාමීය මට්ටමේ එජාපයේ ශක්තිය මැන ගැනිම සදහා එජාප බලමණ්ඩල සමාජිකයන් හරහා සිදුකල සමීක්ෂණ වලදි මේ තත්ත්වය අනාවරණය  වි ඇති බවත් වාර්තා වේ.අදාල වාර්තා සියල්ලම සලකා බලමින්  එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් එජාප ජ්‍යෙෂ්ඨයන්ට යොජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඒනම් ඉදිරියේදි පැවැත්වෙන කිසිදු මැතිවරණයක් සදහා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත නොවී සිටිම,හැකිතාක් ඉක්මනින් සභාග ආණ්ඩුව වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවිමට කටයුතු කිරිම ඇතුලු කරුණු ගණනාවක් යොජනා කර තිබේ.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරිම සදහා 95%ක්ම එක්සත් ජාතික පක්ෂය දායකත්වය දුන් නමුත් අද වනවිට එක්සත් ජාතික පක්ෂය අතහැර දමා එජාප නායකත්වය මෙන්ම දෙවැනි පෙල නායකත්වයද අපහසුතාවයට පත්කිරිමට කටයුතු කරන බව ඉතාම පැහැදිලි බවද එම කණ්ඩායම පෙන්වා දි තිබේන අතර එජාපයට සහ නායකත්වයට එරෙහිව දිය යටින් ගිණී ගෙනයන එජාපයේ රනිල් විරෝධි කදවුරේ පුද්ගලයන් ලබන වසරේ මැද භාගය වනවිට පක්ෂයට මෙන්ම නායකත්වයට එළවා පහරදෙන බවත් ඊට පෙර ඔහුන් මර්දණය කිරිම සදහා කටයුතු කලයුතු බවටද යෝජනා කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මේ අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණයට ඉදිරිපත්වු “හංසයා” ලකුණ දරණ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අත්හැර දැමිම  සදහා එහි පරම උරුමකරු වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කටයුතු කරමින් සිටින අතර ඒ සදහා පක්ෂයේ සභාපති වන ශලීල මුණසිංහ විසින් කල මුල්‍ය වංචාව ක්‍රමිකව යොදවා ගැනිමට මෙහෙයුමක් දියත් කර තිබේ. හංසයා පක්ෂයේ ලේකම් ධුරය දරන්නේ ෂර්මිලා පෙරෙරා වන අතර ඇය රවිගේ පෞද්ගලික ලේකම් මෙන්ම දැනට ලෝතරැයි මණ්ඩලයේ සභාපති ධුරයද දරමින් සිටි.

“හංසයා” 2010දි කරලියට ගෙන ආ අතර 2010 ලැබු ප්‍රසිද්ධිය නිසාම එය 2015 දි ජනතාව අතරට රැගෙන යැම ඉතාමත් පහසු කරුණක් වුනා.බැදුම්කර කොමිසම හරහා රවි හෙවත් RK දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්වු අතර කොමිසමේ අවසන් කාලසිමාවේදි RK ට සිරිසේන ජනාධිපතිවරයා හමුවිටම පවා අවස්ථාව නොලැබිම හේතුවෙන් ඔහු දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටියා.

Top