Featured

සජිත් කාමර කුමන්ත්‍රණයක- රවිට ඇප නැති වෙන හැඩ

පසුගිය සතියේ රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නුකුත් කරනු ලැබූ බුද්ධි අංශ වාර්තාව සමගින් එජාප අභ්‍යන්තරය ඉතා උණුසුම් වී ඇති බවදැනගන්නට ලැබේ. බොහොමයක් චෝදනා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුවී ඇති අතර ඔහුගේ අකාර්යක්ෂමතාව මෙයට හේතු වී ඇති බවත් ගේම් ගහලා මැතිවරණ දිනන්නට යාම හේතුවෙන් මේ තත්වයන් ඇති වී ඇති බවත් බහුතරයගේ මතය වී තිබේ.

එහෙත් මේ සිදුවීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා තම හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සහ ඔහුට හිතවත් එජාප ප්‍රබලයන් සමග රහසිගත සාකච්චාවක් කොළඹ 7, මල් පාරේ ඇති ආයතනයක කාර්යාල කාමරයක් තුල පවත්වා ඇත. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම මැතිවරණ පරාජයෙන් පසුව ඔහුට තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටීමට නොහැකි වීම හේතවෙන් පක්ෂ නායකත්වය තමාට ලබා ගැනීම සඳහා තම හිතවතුන්ගේ එකඟතාව ලබා ගැනීමයි.

පරාජයත් සමග පවත්වන පළමු පක්ෂ සමුළුව වන විට තමාගේ නම නිල නොලත් ආකාරයෙන් ප්‍රසිද්ධ කර තිබිය යුතු බව සහ රවී කරුණානායකට මහා බැංකු වංචාව අලලා පුළුල් ප්‍රචාරයක් දිය යුතු බවත් මොවුන්ගේ අදහස වී තිබේ.

සත්හඩ

Top