LNN SPY

සතියෙන් සතිය ගෝඨාට අහිමි වන ජනතා කැමැත්ත….. සජිත් ගෝඨා පරයා යයි……

Published on- Oct 18, 2019 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට වඩා වැඩ් වැඩියෙන් ජනතා කැමැත්ත ක්‍රම ක්‍රමයෙන් ලබා ගනිමින් පවතිනවා.

දිනෙන් දින සජිත් ජන රැලි වල ප්‍රමාණය වැඩි වීම ගෝඨාභය රාජපක්ෂ ජන රැලි වල ප්‍රමාණය අඩු වීම එය භෞතික වශයෙන් පෙන්නුම් කරමින් පවතිනවා.

මේ අතර කෘතිම බුද්ධිය මාර්ගයෙන් ජනාධිපතිවරණයේ ජය කාට හිමිවිය හැකිද යන්න පරීක්ෂණයේදී ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත තිබෙන ජනතා ආකර්ශනය අඩු වෙමින් පවතින බවත් සජිත් ප්‍රේමදාස වෙත පවතින ජනතා ආකර්ශනය වැඩි වෙමින් පවතින බවත් නීරීක්ෂණය කිරීමට හැකි වුණා.

ආචාර්ය නිශාන්ත මැද්දෙගොඩ https://www.facebook.com/nishantha.medagoda. නවසීලන්තයේ වාසය කරන ශ්‍රී ලංකික සම්බයක් සහිත බුද්ධිමතෙක් වන අතරම සිය ආචාර්ය උපාධිය කෘතීම බුද්ධිය සම්බන්ධයෙන් ලබාගෙන තිබෙනවා.

ඔහු ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්දයෙන් සතිපතා ජනමතයේ වෙනස් වීම මැන බලන අතර ඒ සදහා ඔහු යොදාගන්නා දත්ත වන්නේ අන්තර්ජාලයේ පසුගිය සති කීපයේ විවිධ පුවත් පත්වල පල වු, ප්‍රධාන අපේක්ෂක දෙපලට අදාල ප්‍රර්‍වති හා එවාට දැක්වු පාඨක ප්‍රතිචාර AI හා Machine Learning ඇසුරින් විශ්ලේශණයයි.

ජනමත දර්ශකය ( Referendum Index) හරහා මුලදී ඉතා අවාසි දායක තත්වයක සිටි සජිත් ගේ ක්‍රමික වර්ධනයත් ගෝඨාභය රාජපක්ෂගේ බිද වැටීමත් ඔහුගේ පිටුවෙන් ඕනෑම කෙනෙකුට බලා ගත හැකිය.

පහතින් දක්වා ඇත්තේ නිශාන්ත මැදගොඩ විසින් පසුගිය ඔක්තෝබර් 13 වෙනිදා පල කළ විශ්ලේෂණාත්මක වාර්තාව වේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාසට වඩා ඉහළ ප්‍රතිශතයක් ලබා ගෙන සිටින ආකාරය දක්නට ලැබේ.

එසේම නිශාන්ත මැදගොඩ විසින් අද (18) මෙම සතියේ විශ්ලේෂණය ඉදිරිපත් කොට ඇති අතර එයට අනුව ගෝඨාභය රාජපක්ෂට වඩා සජිත් ප්‍රේමදාස ඉහළ ප්‍රතිචාරයක් ලබා ගෙන ඇති ආකාරය නීරීක්ෂණය කළහැකිය .

එම දත්ත වලට අනුව ගෝඨාභය රාජපක්ෂගේ ජනප්‍රසාදය 1.9%කින් අඩු වී ඇති අතර සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රසාදය 1.6%කින් වර්ධනය වී ඇති බව හදුන ගත හැකිය.

 

 

Top