LNN SPY

‘ස්වයං නීර්ණ’ වචනය වෙනම රාජ්‍යයකට අර ඇඳීමක්… ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් TNA රට බෙදීමේ මෙහෙයුමක… TNA මහලේකම් සේනාධිරාජාට නොතීසි

Published on: Jul 8, 2018- ශ්‍රී ලංකා දේශයේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන කරුණු ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් පසුගිය පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔකතෝබර් මස 2 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දෙමළ ජාතික සන්ධානයෙහි මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහතාට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) නොතීසි නිකුත් කෙළේය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “ස්වයං නීර්ණ අයිතියක්” සහ ස්වයං නීර්ණ ආණ්ඩුවක් යන්න සඳහන් කිරීම මන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන බවට සහ එමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට චෝදනා කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කෙළේය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවිම යන්න අර්ථ ගැන්වෙන වදන් ඇතුළත් කිරිම සහ ඊට උත්සාහ කිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පකෂයෙහි පොදු අරමුණ ශ්‍රි ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවිම, බව පෙන්වා දි ඇති පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ එය දෙමළ ජාතික සන්ධානයෙහි ප්‍රමුඛ එක් අරමුණක් බවට ප්‍රකාශ කරන ලෙසය‍. නීතිඥවරයකු වන උණවටුන තොටවත්තගේ අරුණ ලක්සිරි විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. දෙමළ ජාතික සන්ධානයෙහි මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහතා පෙත්සමෙහි වගඋත්තරකරු වේ.

අගවිනිසුරු මොහාන් පිරිස්, සත්‍ය හෙට්ටිගේ , රෝහිනී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (27) කැඳවන ලදි. ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වු උතුරු පළාත් මැතිවරණයට පෙර ඒ සඳහා තරඟ කළ දෙමළ ජාතික සන්ධානය ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කෙළේය.

“ස්වයං පාලන අයිතිය “ දෙමළ ජනයාගේ හිමිකමක් ලෙස එහි දක්වා තිබේ .ස්වයං තීරණ ආණ්ඩුවක්, අවශ්‍ය බව ද එහි දක්වා තිබේ. එම කරුණු මගින් අදහස් කරන්නේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරිම බවත් , වෙනම ආණ්ඩුවක් පිහිටුවිම බවත් පෙත්සමෙහි දැක්වේ.එසේම ස්වයං නීර්ණ අයිතිය දෙමළ ජනයාට හිමිවිම වක්‍රාකාරයෙන් ස්වාධින වූ වෙනම ආණ්ඩුවක් ස්ථාපිත කිරිම බව ද පෙත්සමෙහි සඳහන් වේ.

එමගින් මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි 1,2,3,4,5,6,7,8, යන ව්‍යවස්ථාවන් උල්ලංඝනය වන බවද පෙත්සම්කරු පවසයි.

එබැවින් එම ප්‍රතිපත්ති පුකාශ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ ද යන්න පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස දමෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම වෙනුවෙන් පෙත්සම් කාර නිතිඥඅරුණ ලක්සිරි මහති පෙනි සිටියේය.

~~නෙල්කා මැදගෙදර~~

Top