LNN SPY

සිරිසේනගේ වෙබ් භීතිකාව උග්‍ර අතට…. enews සදරූවන් අල්ලන්න ජනපති බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගෙන් සහය ඉල්ලයි…

Published on: Jun 10, 2018 – එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිවුස් වෙබ්(Lankaenews) අඩවියේ කතෘ වන දැන ලන්ඩනයේ පදිංචිව සිටින ප්‍රදීප් සඳරුවන් සේනාධීර අත්තඩංගුවට ගෙන ලංකාවට එවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ එංගලන්ත රජයෙන් ඉල්ලීමක් කොට තිබෙන බව වාර්තා වේ.

පසුගිය කාලසිමාවේ සිරිසේන ජනාධිපතිවරයාගේ පවුලේ දුෂණ,වංචා අනාවරනය කිරිම හේතුවෙන් Lankaenews වෙබ් අඩවිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බද්ධ වෛරයෙන් පසුවු අතර ඒ හේතුවෙන් ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා වන James Dauris ව සිය නිල නිවස වෙත කැඳවා සිදු කළ පැය භාගයක සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළ බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක හා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරතන සහභාගි වී ඇති අතර ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය 2017 වසරේ නොවැම්බර් මාසයේ සිට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු විසින් සභාපතිධූරය හොබවන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තහනම් කර ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල විවේචනය කරමින් එම වෙබ් අඩවිය විසින් ලිපි පල කිරීම එය හේතු විය .

පසුගිය රාජපක්ෂ රජය සමයේ ඇති වූ තර්ජන හෙතුවෙන් රටෙන් පලා ගොස් ලන්ඩනයේ සිටින සඳරුවන් සේනාධීර වැනි ලංකාවෙන් බාහිරව ක්‍රියාත්මක වන වෙබ් අඩවියක කතෘවරයෙක් සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයට නොහැකි බැවින් TRC හරහා සුදුසු පියවර ගැනීමට කටයුතු කර ඇති බවද එම සාකච්ඡාවේදි පෙන්වා දි තිබේන බවද වාර්තා වේ.

Groundviews වෙබ් අඩවිය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරු මගින් අනාවරණය වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කරනු ලැබූ ලිපියකින් සඳහන් කර තිබුණේ අසත්‍ය පුවත් පල කිරීම මගින් ඊ නිවුස් වෙබ් අඩවිය (Lankaenews) සහ ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ වෙබ් (lankanewsweb.today) අඩවිය ජනාධිපතිවරයාට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අපහාස කර බවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ සභාපති ධර්මසිරි බණ්ඩාර ඒකනායක විසින් අත්සන් කර තිබු ලිපියක් මගින් පවසා සිටියේ එම වෙබ් අඩවිය ලංකාවෙන් බාහිරව ක්‍රියාත්මක වන බවත් එහි කතෘවරයා ඊමේල් සහ දුරකතන සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරු බවත් ඒ සියල්ලම අසාර්ථක වු බවත්ය.

2004 චන්ද්‍රිකා යුගයේ අවසානයේ සිට මහින්ද රාජපක්ෂගේ 2015 යුගයේ අවසානය දක්වා මාධ්‍ය ආයතන වලට පහරදිම,ගිනී තැබිම, මාධ්‍යවේදීන් ඝාතනය කිරිම,තර්ජනය කිරිම පැහැර ගැනිම,අතුරුදන් කිරිම එපමණක් නොව  කප්ප,දිම ආදි චොදන 1000 ගණනක් අධිකරණ වල පුස් කමින් තිබියදි ඒ සියල්ලම අමතක කර දම රාජපක්ෂලා සුද්ද කරමින්  සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ වංචා දුෂණ වසා ගැනිම සදහා ලංකා ඊ නිවුස් මර්දණය වෙනස් ආකාරයට දියත් කිරිම අප දැඩි ලෙස හෙළාදකින් අතර සමස්ත තොරතුරු දැන ගැනිමේ අයිතියට ගරු කරන ජනතාව සිරිසේනගේ ඒකාධිපති වියරුවට එරෙහිව පෙලගැසිය යුතු බවද අප තරයේ අවධාරණය කර සිටිමු.

Top