Breaking
24 Feb 2025, Mon

සෙනසුරාදා, ඉරිදා වැඩ කර ද්විත්ව පුරවැසිකම් දුන් ජනපති අයියා…… මහින්ද රාජපක්ෂගේ නීතියේ නැමිල්ල……… ද්විත්ව පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ පිළිගන්න බෑ!

Oct 2, 2019 – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ කරුණු විභාගය අද (02) අභියාචනාධිකරණය ඉදිරියේ ආරම්භ වුණා.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගන්නා ලදී .

එහිදි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පිනි සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් මූලික විරෝධතා ඉදිරිපත් කළ අතර  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ පොලිස් පරික්ෂණයක් සිදු කරන බවත් එහි විමර්ශන අවසන් නොමැති මොහොතක රිට් පෙත්සමක් සලකා බැලීමටඅභියාචනාධිකරණයට බලයක් නොමැති බවත්  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වකරුවන් ලෙසට නම් කර නොමැති බවටත් ඔහු සිය මූලික විරෝධතා දක්වමින් පෙන්වා දුන්නා.

මූලික විරෝධතා පිළිබඳව සලකා බැලීම අභියාචනාධිකරණය විසින් පිළිගත් අතර අනතුරුව පෙත්සම්කාර පාර්ශවය සිය කරුණු දැක්වීම ආරම්භ කරනු ලැබූවා.

එහිදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් මස 18 දා පැවැති මැතිවරණයෙන් ජයගත් අතර නොවැම්බර් මස 21 අතර තුර කාලයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයකු පත් කර නොතිබූ කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිකුත් කර ඇති බවයි.

නොවැම්බර් මස 18 දා සිකුරාදා දිනයක් බවත් ඉන් අනතුරුව එළඹුණේ සති අන්තයක් බවත් කෙසේ වෙතත් නොවැම්බර් මස 21 වන සදුදා වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය තහවුරු කරමින් සහතිකයක් නිකුත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා . හිටපු ජනාධිපතිවරයා මෙම සහතිකය නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරුන් හෝ අමාත්‍යවරුන් පත් කර නොමැති අවස්ථාවකදී බව ඔහු පවසා සිටියා . එබැවින් මෙම ලේඛනය නීතිය ඉදිරියේ කිසිදු වලංගුතාවක් නොමැති බවට සුරේන් ප්‍රනාන්දු මහතා පවසා සිටියා.

එසේම පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් වැඩිදුරත් කරුණු දක්වමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ යනු අමෙරිකානු පුරවැසියෙක් බවත් අමෙරිකානු පුරවැසියෙකු ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ලංකාවේ ස්වෛරීභාවයට, ස්වාධිපත්‍යයට හා භෞමික අඛණ්ඩතාවයට බරපතළ හානියක් සිදු කරන බැවින් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි.

මෙහිදි මින් පෙර ගෝඨාභය රාජපක්ෂ ගේ ආගමන විගමන ලියවිලි තොරතුරු, ගමන් බලපත්‍ර තොරතුරු හා ජාතික හැදුනුම්පත් පිළිබඳව තොරතුරු අධිකරණයට ලබා දෙන ලෙස කල නියෝගයට පිළිතුරු ලබා දෙමින් ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බවයි.

රජය වෙනුවෙන් පෙනි සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ බව අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නා.

පෙත්සමේ වැඩිදුර විභාගය හෙට (03) දක්වා කල් තැබීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර සිටියා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.