LNN SPY

“හදවත” නතර වෙයි! නව සන්ධානයේ ලකුණ “හංසයා”?… නායකත්වය සජිත්ට,ලේකම් රංජිත්… සජිත් පිළ රනිල්ට අද (14) මධ්‍යම රැ 12 වෙනකම් කල්දෙයි!

Published on: Feb 14, 2020- ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක් එක්ව විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත සන්ධානයේ ලකුණ ලෙස ජනාධිපතිපතිවරණයට තරග කල “හංසයා” භාවිතා කිරිමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අද පැවැති සාකච්ඡාවේදි තිරණය කල බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මහ මැතිවරණ සටන මෙහෙයවන 10 දෙනෙකුගෙන් යුත් කමිටුව අද සවස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදි මේම එකගතාව ඇතිකර ගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම මහා ලේකම් ධුරය රංජිත් මද්දුමබණ්ඩාරට ලබාදිමට කටයුතු කර තිබේන අතර ලකුණ සම්බන්ධයෙන් ඇතිවි තිබේන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා සිදුව තිබේ.  එහිදි කිසිවෙකුත් බෙදි වෙන් නොවන ලෙස,රටේම ජනතාව හදුනන “හංසයා” භාවිතා කිරිමට හැකියාව ඇති බව මංගල සමරවීර මහතා පෙන්වාදි තිබේ. එම අවස්ථාවේදි  රවී කරුණානායක මන්ත්‍රීවරයා “හංසයා” ලකුණ ලබාදිමට සිය කැමත්ත පලකර ඇති අතර ඒ අනුව නව සන්ධානය හංසයා ලකුණ යටතේ තරග කිරිමට කමිටුව එකඟතාවක් ඇතිකරගෙන තිබේ.ඒ සම්බන්ධයෙන් තවදුරටත් සියලු දේනා සමග සාකච්ඡා කිරිමටද එහිදි එකගතාව පලවි තිබේ.

මේ අතර සන්ධානයේ ජාතික සංවිධායක ධුරය පාඨ්ළි චම්පික රණවකට ප්‍රදාණය කල බවට පලවන් වාර්තා සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡා සිදුව ඇති අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පෙන්වා දි ඇත්තේ සන්ධානයේ නායකත්වය සහ මහා ලේකම්ධුරය පමණක් මේ දක්වා පත්කර ඇති බවයි.අනිකුත් තනතුරු ඉදිරියේදි සාකච්ඡා කර පත්කිරිමට සුදුසු බවද ඔහු පෙන්වා දි තිබේ.

10 ‌දෙනාගේ කමිටුව සජිත් ප්‍රේමදාස, ජෝන් අමරතුංග, රවී කරුණානායක, රන්ජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ‌සහ අකිල විරාජ් කාරියවසම්,ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක යන අයගෙන් සමන්විත වේ.

මේ අතර සමගි ජන බලවේගය සඳහා ‘අලියා’ ලකුණ ලබානොදුනහොත් අනිවාර්යයයෙන්ම ‘හදවත’ ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම අද (14) තීරණය කල බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. නව සන්ධානයේ ලකුණ ලෙස ‘අලියා’ ලකුණ ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (14) මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා කාලය ලබාදීමටත්, මධ්‍යම රාත‍්‍රියට පෙර අවසන් තීරණයක් නොලැබුණොත් යළිත් එම පාර්ශවය සමඟ සාකච්ඡා නොකිරීමටත් මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කළ බවයි ඔහු මාධ්‍ය හමුවේ සදහන් කළේ.

සමගි ජන බලවේගයේ ඉදිරි කටයුතු පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී කණ්ඩායම විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) රැස්වූ අතර එහිදී මෙම තීරණය ගත් බවද මන්ත්‍රීවරයා සදහන් කළා.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top