LNN SPY

හොටු පෙරාගෙන අඩාගෙන ආවේ කවුද දන් නෑ…ගියා නම් මොකද අද, සදා සොත්ථිනේ? … බුදුන්වහන්සේගේ දේශයේ ජනපති කිවේ බොරුවක්ද?

“මේ ඓතිහාසික මහා පුදබිම මේ බුදුන්වහන්සේගේ දේශය. මම මේ කියන්නේ සත්‍යයක් සැබෑවක් මිස බොරුවක් අසත්‍යයක් නොවෙයි. මම ගෙදර ගිහින් කතා කරලා කීවා මේ ප‍්‍රශ්නත් එක්ක මේ ගමන යන්න බැහැ නේද අපි ආණ්ඩුව වෙනස් කරමු කියලා ජනක ඇස්වලින් කඳුළු හළාගෙන හයියෙන් අඬන්න පටන් ගත්තා. මට කිව්වා ඔබතුමා මුහුණ දෙන දේවල්, ප‍්‍රශ්න, ගැටලු ගැන මම හරි වේදනාවෙන් ඉන්නේ කියලා. මම එදා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවා දවස් 42 න් තමුන්නාන්සේලා දන්නවා. ඒ ආණ්ඩුව හැදුවේ ඇයි ?”යනුවෙන් පසුගිය (13) පස්වරුවේ දඹුල්ල ගම්උදා ක්‍රිඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත කල ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට (ඉරිදා) ලංකාදිප පුවත් පතේ සංවාදයකට එක්වෙමින් ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා ප්‍රකාශයක්  කර තිබේ.

2015 දි මහින්ද රාජපක්ෂ විරෝධය අවුලන්න ඔබත් විශාල වශයෙන් දායක වුණා. දැන් මොකද හිතෙන්නේ?

“මම දැක්කා ජනාධිපතිතුමත් දඹුල්ලෙදි කියලා තිබුණා. ඔය කතාව. දැන් එතුමා ජනාධිපතිනේ. එතකොට මිනිස්සු පිළිගත්තේ එතුමා කියන කතාව. දැන් මමත් 25 වැනිදාට ඕකට උත්තරයක් දෙනවා. මගේ ගෙදරට ඇවිත් ඇඩුවේ කවුද කියලා දන්නේ මම. එතුමාට මම කිව්වා ප්‍රශ්න තියනවා. ඔබතුමාටත් ප්‍රශ්න තියනවා. හැබැයි අපිට යූ. එන්. පී එකත් එක්ක එකතු වෙන්න බෑ. ගිහිල්ලා එකතු වෙන්නේ යූඑන්පී එකත් එක්ක නම් ඊට වැඩිය හොදයි මේක කියලා. අපි හිටියේ එහෙම තැනක නැත්නම් අපිට යන්න තිබුණා. ගියා නම් මොකද අද, සදා සොත්ථිනේ? එහෙනම් ඉවරයිනේ අද, අද අපි කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා. අද මට කොන්දක් තියනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට හරි ප්‍රශ්නයක් ආවාම කෙලින්ම කිව්වා. ඇහුවේ නැති වුණාම තද වුණාම දොස් කිව්වා. ඒක වරදක්ද? මගේ දිස්ත්‍රික්කයේ මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. මම ඉඩම් ඇමති. ඌ ගහනවා අර ඉඩම් ඔප්පු වල ඌගේ ෆොටෝ එක ඒක වැරදියිනේ. මම ඒක ගිහින් කිව්වා. එතකොට තරහා යන්නේ නැද්ද? ඉඩම් ඇමතිට තරහා යන්නේ නැද්ද? එතකොට ඒ දේවල් වෙනකොට අපි කෑගැහුවා. ඒවා නතර කළා නම් මහින්ද මහත්තයා තාම ජනාධිපති”

ජනපති රැළියේ කල කතාව…

“මම ආණ්ඩුවෙන් එළියට යන්න සතියකට කලින් පොළොන්නරුවේ ගෙදර යන ගමන් කුරුණෑගල පහු කරලා මම දුරකතනයෙන් කතා කරලා ඇහුවා ජනක ගෙදර ඉන්නවා ද කියලා. කතා කරපු ගමන් ඔව් සර් මම ඉන්නවා කිව්වා. මම කීවා මම ගෙදර යන ගමන් මම එනවා කියලා. ජනක ඔයා කාලයක් තිස්සේ මට කීවා වැඩපිළිවෙළකට යමු කියලා. ඒවාගේම ඔයා මට කීවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කේන්දරය ඔයා බලලා කේන්දරයේ තියෙන දේවලුත් මට කිව්වා. ඒක නිසා මම යන ගමන් ඔයා හම්බ වෙන්න එනවා කියලා කිව්වා. ආණ්ඩුවෙන් එළියට යන්න සුමානයයි. එදා එතුමාගේ පවුලේ සියලු දෙනාම දඹුල්ලේ ගෙදර හිටියා.”

“මේ ඓතිහාසික මහා පුදබිම මේ බුදුන්වහන්සේගේ දේශය. මම මේ කියන්නේ සත්‍යයක් සැබෑවක් මිස බොරුවක් අසත්‍යයක් නොවෙයි. මම ගෙදර ගිහින් කතා කරලා කීවා මේ ප‍්‍රශ්නත් එක්ක මේ ගමන යන්න බැහැ නේද අපි ආණ්ඩුව වෙනස් කරමු කියලා ජනක ඇස්වලින් කඳුළු හළාගෙන හයියෙන් අඬන්න පටන් ගත්තා. මට කිව්වා ඔබතුමා මුහුණ දෙන දේවල්, ප‍්‍රශ්න, ගැටලු ගැන මම හරි වේදනාවෙන් ඉන්නේ කියලා. මම එදා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවා දවස් 42 න් තමුන්නාන්සේලා දන්නවා. ඒ ආණ්ඩුව හැදුවේ ඇයි ?”

Top