Breaking
23 Feb 2025, Sun

13++ පනී…. 19 අහෝසී කර හෝ 13 බලාත්මක කරනවා…. ඩොලර් මිලියන 400 ණයක් ගන්න ඉන්දියාවේ රූකඩයක් උන විරුවා …

Published on: Nov 30, 2019-  ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ 19 වන සංශෝධනය අහෝසි කර නැවත 13 වන සංශෝධනය බලාත්මක කිරීම සදහා තමන් කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවේ පොරොන්දුවක් ලබාදි තිබේන බව ඉන්දිය අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන අය හමුවී අද (29) ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සාකච්ඡාවේදි වැඩි අවධානයක් යොමුකර ඇති අතර ඉඩම් සහ පොලිස් බලතල සහිතව එය ක්‍රියාත්මක කිරිම රටේ සංහිදියාව වර්ධනායට වැදගත් බවද පෙන්වා දි තිබේ.

එම ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවාලිය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර ජාතීන් හා වාර්ගික සහජීවනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය දේශපාලන මතය ප්‍රකාශ අර තිබේන අතර සෑම ජාතියක්ම සහ ආගමක්ම සමාන ලෙස සලකා කටයුතු කිරිම හරහා ප්‍රශ්ණ රැසකට පිළිතුරු සොයා ගත හැකි බවයි.

දෙමළ ජනතාවට ගෞරවය ඇතිව සාමය, සමානාත්මතාව සහ සංවර්ධනය ඇතුළු සියලු පරමාර්ථ සහ අභිලාෂ ඉටු කරගනිමින් ශ්‍රී ලංකාව සංහිඳියා ක්‍රියාවලිය තුළ ඉදිරියට යනු ඇතැයි තමන්ට විශ්වාස කරන බවද ඉන්දීය අගමැතිවරයා එහිදි පවසා තිබේ.

එම කොන්දේසි මත ඉන්දියාව ඩොලර් මිලියන 400 ණයක් ශ්‍රි ලංකාවට ප්‍රදානය කිරිමට කටයුතු කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.