Breaking
23 Feb 2025, Sun

නුගේගොඩ නගරයේ පැවැත්වෙන බෙදුම්වාදීන්ගෙන් රට බෙරාගැනිම සදහා වන එතිහාසික අරගලයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විමට නියමිත බව අප විශේෂ LNW වාර්තාකරු සදහන් කළා.අද (09) වැලිකඩ බන්ධනාගාර ගතව සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මහා ලේකම් සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා බැලිමට පැමිණිමෙන් පසුව කොළඹ පැවති විශේෂ හමුවකට එක්වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ බව පවසා තිබේ.

“මම ආපහු  දේශපාලනයට එන්න හිතන් හිටියේ නෑ …එ උනාට මේ රට විකුණන්න දෙන්න බෑ….. පාක්ෂිකයනට හිරිහැර කරනවා …ඉවරයක් නෑ..”

“මම එනවා…… ඒ විතරක් නොවේ… තව මාස දෙකකින් අපේ ආණ්ඩුවක් හදනවා….”  යනුවෙන්ද  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසු බව LNW වාර්තාකරු සදහන් කළා.

මේ අතර අද කොළඹ මාධ්‍ය හමුවක් කැදවමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ (දිනේෂ් ගුණවර්ධන), පිවිතුරු හෙළ උරුමය (උදය ගම්මන්පිල), ජාතික නිදහස් පෙරමුණ (විමල් වීරවංශ) හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ (වාසුදේව නානායක්කාර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මැතිවරණයේදී අගමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්ත පළකර සිටියා.

අපේ සටන මෛත්‍රිපාල සිරිසේන ජනපතිට එරෙහිව නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට හැකි “එකම බලාපොරොත්තුව” මහින්ද රාජපක්ෂ පමණයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.