Political

රනිල්,සාගලට යටවේ-බුද්ධික කපන්න මංගල දත කයි

පැවැත්විමට නියමිත මහා මැතිවරණයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සබ්ජෙක්ට් කොලුවා වන අග්‍රාමාත්‍ය කාර්යාල මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක දිනවිම වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුල යලිත් අර්බුද ගණනාවක්ම හටගෙන තිබෙන බව වාර්තා වේ.පසුගිය සතියේ දෙනියාය,මොරවක ප්‍රදේශවල සාගල රත්නායක සංවිධානය කල මැතිවරණ රැස්විම් සහ දේශපාලන් ක්‍රියාකාරකම් සදහා  රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වි ක්‍රියාකාරිව කටයුතු කල අතර මාතර දිස්ත්‍රික්කයේ කැපිපෙනෙන්න දේශපාලන තරුවක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සම්පුරණයෙන් අමතකර දමා තිබු අතර මෙම් රැස්විම් සදහා මංගල සමරවිර එකතුකරගෙන යැමට රනිල් උත්සහ දැරුවද සාගල එයට දොස්මුරය දමා තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් මේ සතිය තුල මාතර දිස්ත්‍රික්කය සංවිධානය කර තිබුනු අඩු ආදායම් ලාභී ජනතාවගේ නිවාස හා ජීවනෝපාය සංවර්ධනය ක්‍රියාවට නැංවීමේ යෝජිත දිස්ත්‍රික් වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා ක්‍රියාත්මක වැඩසටහන් සදහා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබුනද එම අවස්ථාවන්ට සහභාගි විම මංගල සමරවිරගේ බලපෑම් මත අතහැර දමා තිබේ.

පසුව බුද්ධික පතිරණගේ සහයට නිවාස හා සමෘද්ධි අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, සජිත් ප්‍රේමදාස මාතරට ගොස් තිබේ.

මේ අතර මහා මැතිවරණයට පෙර මාතර තමන්ට අහිමිවි ඇති බලය ඇල්ලිම සදහා මංගල සමරවිරද මෙහෙයුමක් දියත්කර තිබේ.ඒ සදහා හැකිතාක් මාතර ජනප්‍රියතාව දිනා සිටින  බුද්ධික පතිරණට එරෙහිව විවිධ මඩ ප්‍රචාර පැතිර විමට කණ්ඩායමක් යොදවා තිබේ.එම පිරිස මාතර ෆැන්සිස් සමරවිර මාවතේ පිහිටි මංගලගේ නිවසේ 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නතරකර තිබෙන අතර බුද්ධිකගේ වැඩසටහන් ආදිය පිළිබඳව සොයා බලා එවාට ලැබෙන ප්‍රතිචාරයන් පිළිබඳව වාර්තා කිරිමට නියෝග කර තිබේ.

Top