ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට අදාලව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනය සඳහා කුමන්ත්‍රණය කිරීම හා අපරාධය සිදුකිරීම සඳහා අවශ්‍ය ගිනි අවිය ලබා දීම, මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යන වැරදි මත Osman Gunasekera හෙවත් “ගම්පහ ඔස්මන්” නැමැති සැකකරු 2026.05.13 වන දින රාත්‍රියේ ගම්පහ පොලිස් වසමේ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බලපත්‍රයක් නොමැතිව විදේශ රටක නිෂ්පාදිත රීපීටර් වර්ගයේ ගිනි අවියක්, එම ජීව පතරොම් 10 ක් හා පතරොම් ගැබ් 02 ක්ද සැකකරු සන්තකයේ තිබී ඇත.
ඔස්මන්ගේ අත් අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමත් ලෙසට පෙනුනද එහි වෙනත් පසුබිමක් තිබෙන බව අප දේශපාලන වාර්තාකරු පවසයි.ඔස්මන් නැමැත්තා ගේ කළු සල්ලි සුදු කිරීමේ සහ කළු නම සුදු කිරීමේ අරමුනින් පසුගිය කාලයේ father නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කෙරුනි.එය නිෂ්පාදනය කලේ චමින්ද ජයසූරිය නම් මාලිමා රජයට සෘජුව සම්බන්ධ .NPP ජාතික විධායක සභිකයෙකු වන අයෙකි.ඔහු ක්ලීන් ශ්‍රි ලංකා වැඩ සටහනේ සම්බන්ධීකාරකවරයෙක් මෙන්ම අනුර කුමාර දිසානායක ගේ සම්පතම මිතුරෙකි. එමෙන්ම රජයේ උසස් දේශපාලඥයින්ට බිස්නස් ඩීල් සම්බන්ධ කරන අයෙකු බව නොදන්නා කෙනෙකු නැත.
ගම්පහ ඔස්මා ගැන අපි මීට පෙරත් ගනේමුල්ලේ සංජිව ඝාතනය හා බැදී ඇති බවට අනාවරණය වු නමුත් ඊට එරෙහිව මාලිමාවේ ඩෝබි බලකාය සහ අනුර කුමාරගේ දේශපාලන හිතවතුන් ගම්පහ ඔස්මන් හට හැලි ලියන්න විය. හින් නුලෙන් ගේම් ගහන ඔස්මා මෙම පුනුරුද ආණ්ඩු ගෙන ඒමට දැවැන්ත ලෙස කටයුතු කල අයෙක් බව ගම්පහ මාලිමා ප්‍රබලයෙකු සිය කාඩරයට කිය තිබු නිසාවේනි.
අනුර දිසානායක සහ කුමාර ජයකොඩි සම්බන්ධ ගල් අගුරු මගඩියේ දේශීය නියෝජිතයන් වූ හක්මණ නන්දාලෝක හිමි, රඛිත රාජපක්ෂ,සනත් බණ්ඩාර ජයසුන්දර සහ චමින්ද ජයසූරිය නැමැත්තාය.මේ ගණුදෙනුවේ සම්බන්ධීකරණ කරනු ලැබුවේද චමින්ද ජයසූරිය විසිනි.ගල් අගුරු වංචාවේ ලියවිලි වල නම සදහන් නොවුනත් එහි දේශපාලන යාන්ත්‍රණය සම්බන්ධීකරණ කරනු ලැබුවේ චමින්ද ජයසූරිය විසින් බව කවුරුන් නොදන්නවා වුවත් අනුර සහ ජයකොඩි හොදින්ම් දනි.
සමහර අය වගේම ඔස්මන් කියන්නෙත් පොරක් වෙන්න ආසා කෙනෙක් ඒ වගේම තමයි ඔස්මන් මුදල් දි තමන් පොරක් ලෙස මාධ්‍ය මගින් ප්‍රචාරය කර ගන්න ආසා කරන චරිතයක් එක තමයි ගම්පහ ඔස්මා ෆාදර් කියන ෆිල්ම් එක කරන්න සල්ලි වියදම් කරේ. ඒ සදහා ශාන්ත ගීතදේව නම් ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන අයෙකු නිෂ්පාදක ලෙස ඉදිරිපත් කර , ඔස්මන් , චාමින්ද ජයසූරිය ගේ කලු සල්ලි සුදු කිරීම,ගල් අගුරු වංචාවට සම්බන්ධ දේශපාලඥයින්ගේ නම් හෙලිවීම වැලක්වීම , ඔස්මන් නැමැත්තා අත් අඩංගුවට ගැනීමේ හේතුව බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.
අධ්‍යක්ෂක එක්ක කුඩු සල්ලි සුදු කරන්න වගේම නොකියා තමන් ලංකාවේ පාතලයේ ගොර්ඩ් ෆාදර් කියාගන්න ගත්ත උත්සහයක් තමයි father ෆිල්ම් එක හරහා කර තිබුනේ.
මෙම අත් අඩංගුව ගැනීම ට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයෙකු ගේ නියෝජිතයෙක් ඔස්මන් ගේ නිවසට ගොස් ඇති ඇත.එමෙන්ම මේ අවස්ථාවේ රටෙන් පිට සිටින ඔස්මන්ට ඉතා හිතවත් ඇමතිවරයෙක් මෙම අත් අඩංගුවට ගැනීම ගැන දැඩි ලෙස කලබල වී ඇති බවද වාර්තා වේ.
ඔස්මන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඉහල දේශපාලඥයින් කීල දෙනාගේ සාකච්ඡාවකදී තීරනය වී ඇත්තේ මේ අවස්ථාවේ ඔස්මන් ඇප මත නිදහස් කිරීම අනතුරු දායක බැවින් , ඔහු රජයට සම්බන්ධ අයටග් නම් හෙලිදරව් කල හැකි බැවින් දින 90ක රැදවුම් නියෝග මත තබා ගැනීම වඩා ප්‍රවේශම් සහගත බවයි .
කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ ගනේමුල්ලේ සංජිව ඝාතනයේ රහස් වහන්න ගම්පහ ඔස්මන්ට ආයුධ බලන්න යන්න වේවිද? යන්නයි.
ඊට ආසන්නතම හේතුව අප මෙසේ සදහන් කර තබමු! ගනේමුල්ලේ සංජිව මරන්න ඒ වෙනුවෙන් ඉඩ හදලා දෙන්න, කෝටි 50ක මුදලක් ආණ්ඩුවේ ප්‍රබලයන් හට දුන්නේ කවුද? ඒ කෝටි 50ක මුදල බෙදාගත් ආණ්ඩුවේ ප්‍රබලයන් කවුද? අන්න එක දන්න ඔසමන් එක්කෝ බෙල්ල කපා ගන්න ඔනේ නැත්නම් උණ්ඩකට බිලි වෙන්න ඔනේ.
