LNN SPY

19 අහෝසි කර අගමැතිවරයා නිකන්ම නිකං නිකමෙකු කරනවා.. MR-GR බල අරගලය උග්‍ර වෙයි… අවුලක් වුනොත් බලය පවත්වාගෙන යැමට හමුදාවෙන් සහය… ඉන්දියාවේ බලපෑම උග්‍රයි .. උතුරෙන් නරක ආරංචියක්!

Published on: Jan 1, 2020 – ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා අතර මතභේදයක් ඇති වුවහොත් ගෝඨාභය තම බලය පවත්වාගෙන යැමට හමුදාවෙන් සහය ලබා ගැනීමේ තත්ත්වයක් උදාවිය හැකි බවත් මේ වනවිට එම වටපිටාව සහතික කෙරෙන අනුමාන ක්‍රියාවන් සිදුවෙමින් තිබේන බව මහින්ද පිළෙ ප්‍රබලයන් අතර මේ වනවිට සාකච්ඡා වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඔහුන්ගේ මතය වි ඇත්තේ එවන් තත්ත්වයක් ඇතිවුවහොත් බොහෝදුරට එය චීනයට බෙහෙවින් සමාන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි.

මහින්ද රාජපක්ෂ පසුගියදා කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගෝඨා පිළේ ඇතැමුන් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මහින්ද පිළෙ ප්‍රබලයන් අතර සාකච්ඡාවක් පසුගියද පැවැත්වුනා.

ශ්‍රී ලංකාවේ සියලු දෙනා එකඟ වන්නේත් ප්‍රධාන බල කේන්ද්‍රය වන්නත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවත් “මහින්ද ” යනු සම්පූර්‍ණ දේශපාලන icon එකක් බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන්ම මහින්දගේ පුර්ණ් පාලනයේ පැවැතිම හේතුවෙන් ජනාධිපතිවරයා පාලනය කර ගැනිමට හැකිවන බලය මහින්ද සතුව ඇති බවයි මහින්ද කණ්ඩායමේ මතය වි ඇත්තේ.

කෙසේ වෙතත්, 2020 දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී, මහින්දට අගමැති ධුරයට නැවත පැමිණීම සඳහා ගෝඨාභයගේ ජනප්‍රියත්වය අවශ්‍ය බැවින් ගෝඨාභය පිළ සමග අවබෝධක් සහිතව කටයුතු කලයුතු බවද එහිදි සාකච්ඡා වි තිබේ.

ගෝඨා පිල මහින්ද පිළෙන් ගේම ඉල්ලයි…

සිය සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද මෙහෙම හෝ වැඩක් කරන්නේ තමා අගමැතිධූරය දරන නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා අනුරාධපුර ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක සිදුකළ සාකච්ඡාවේදී කල ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභයගෙ සමීපතම මිතුරා වන බොර්න් අගේන් කල්ලියේ පිල්ලිය වන නාලක ගොඩහේවා ස්ථාන කිහිපයකම සිදුකල ඇති බරපතල ප්‍රකාශයින් කිහිපයක් සම්බන්ධයෙන් මහින්ද පිළේ අවධානය යොමුව තිබේ.

19 වෙනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර තිබේන බවත් මහ මැතිවරණය අවසන් වු වහාම 19 අහෝසි කර අගමැතිවරයා නිකන්ම නිකං නිකමෙකු බවට පත්කිරිමට සුදානම් බවත් එම සාකච්ඡාවේදි නාලක ගොඩහේවා දැඩි අවධානයෙන් පවසා තිබේ.

ගෝඨාගේ වියතුන් අවුලක….

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රථම ඉන්දිය නිළ සංචාරය තුලදි ඇතිකරගත් එකඟතා
සම්බන්ධයෙන් ගෝඨාගේ වියතුන් අතර දිර්ඝ වශයෙන් සාක වි ඇති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පාර්ලිමේන්තුවේ පුර්ණ සහය ලබා ගැනිමට ඉන්දිය රජයෙන් සහය ඉල්ලිමත් සමග ඉන්දියාවේ මැදිහත් විම් මේ වනවිට උග්‍ර අතට හැරිමෙන් තිබේන බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

ද්‍රවිඩ ආධිපත්‍යය ඇති උතුරු පළාත නුදුරු අනාගතයේ දී “ඉන්දියානු ආධාරයෙන්” රටේ සෙසු ප්‍රදේශවලින්
වෙන්වීමට තරම් විශාල හිසරදයක් බවට පත්වනු ඇති බවට සැකයක් සමස්ත් ශ්‍රි ලංකාව තුලම පැතිරි ඇති බවත් එය මහ මැතිවරණයකදි ද්‍රවිඩ ඡන්ද සදහා පමණක් නොව සිංහල මධ්‍යස්ථ ඡන්ද සදහාද දැඩි බලපැමක් එල්ල කරනු ඇති බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

දෙමළ ආධිපත්‍යයෙන් යුත් කලාපයෙන් ජනාධිපතිවරයාට ලැබුණේ ඡන්ද 12.27% ක් පමණක් වන අතර 82.2% ක ඡන්ද ප්‍රතිශතයක් සජිත් ප්‍රේමදාස වෙත හිමිවු අතර ඒ අනුව මෙම කලාපය එක්සත් ජාතීන් විසින් නියම කර ඇති පරිදි ස්වයං නිර්ණ අයිතිය ක්‍රියාත්මක කර වෙනත් රටක් සමඟ ඒකාබද්ධ වීම එනම් ඉන්දියාව උතුරු පළාත “මහා තමිල්නාඩුවේ” කොටසක් බවට පත් කර ගැනිම සදහා මෙහෙයුම් දියත් වන බවද එහිදි අනතුරු අගවා තිබේ.

මෙම සන්දර්භය තුළ, උතුරු පළාතේ අගනුවර වන යාපනයේ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉදිකිරීම සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කිරිම සහ දැනටත් – චෙන්නායි සහ යාපනය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිම යම් භීතියක් ඇති කිරිමට සමත්ව ඇති බව වියතුන්ගේ අදහස වි ඇත්තේ.

කෙසේවෙතත් ඉන්දියාවේ එවැනි කිසිදු සැලසුමක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩතාව වෙනුවෙන් කැපවී සිටින බවත් දිල්ලියේ ආරංචි මාර්ග සදහන් කර තිබේන බව අප ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Top