Breaking
23 Feb 2025, Sun

2/3 තියා 120ක් ගන්න එකත් අවුලක්!ගෝඨාගේ 70ක් ගියාම අපේ අය ගෙදර… මහින්ද කුරුණෑගල අතහැර ගම්පහට එයි…..

Published on: Jan 11, 2020 –ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එළඹෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනිම සම්බන්ධයෙන් මේ වනවිට මහින්ද පිළ සහ ගෝඨා පිළ අතර අර්බුද රැසක් මතුව තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.මහා මැතිවරණයේදි 2/3 ක කෙසේවෙතත් මන්ත්‍රීධුර 120ක් දිනා ගැනිම තමන්ගේ එකම ඉලක්කය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෙරේදා මහින්ද පිළ සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.

1988 දී සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රමය හඳුන්වා දුන් දින සිට මහ මැතිවරණ හතක් පැවති නමුත් ජයග්‍රාහී පක්ෂය අති බහුතරයක් රැස්කර ගත්තේ දෙවරක් පමණක් බව මතක් කල මහින්ද ඉන් එකක් 1989 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යටතේ පැවති අතර අනෙක් අවස්ථාව වූයේ තමන් යුද්ධය අවසන් වූ විගස 2010 දී පැවැත්වු මැතිවරණය බවද පෙන්වා දි තිබේ.

නමුත් එම මැතිවරණ දෙකහිදිම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලය අසීමාන්තික භාවිතා කල බව පෙන්වා දුන් මහින්ද 2015දි සිරිසේන ජනාධිපති වි පසුව එජාපයද අමාරුවේ දමමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට කටයුතු කිරිම නිසා එජාපයට අත්වුයේ සෙලවෙන බහුතරයක් බවද පෙන්වා දි තිබේ.2015 සහ 2020 තත්ත්වය අතර විශාල වෙනසක් නොමැති බව පෙන්වා දුන් මහින්ද විශේෂයෙන්ම සුළු පක්ෂ සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂ්ප කිරිම මහා මැතිවරණයකදි දැඩි ලෙස බලපෑම් එල්ල කල හැකි බවද සදහන් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ කල්ලියේ මිළින්ද රාජපක්ෂ විසින් ගෙනයන අලුතින් 100ක් පාර්ලිමේන්තුවට යන වැඩසටහන සහ තවත් සිවිල් ක්‍රියාකාරින් පිරිසක් ගෙනයන අලුතින් 100ක් පාර්ලිමේන්තුවට යන් වැඩසටහන් සම්බන්ධයෙන්ද එහිදි අදහස් පලවි ඇති අතර 2020 මහා මැතිවරණයකදි අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් විමෙන් අලුතින් 100 දෙනෙකු කෙසේවෙතත් 70ක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බවත් ඒ අනුව ඉතිරි මන්ත්‍රීධුර කිහිපය පමණක් ඉතුරු සියලු දෙනා අතර බෙදියනු ඇති බව එහිදි මහින්ද පිලේ ප්‍රබලයන් පෙන්වා දි තිබේ.

“කොළඹ අපට ගන්න පුලුවන් 11 වගේ සර්ගේ(ගෝඨාභය) 5 දෙනෙක් කොළඹට ඉල්ලනවලු…එහෙම උනොත් ගොඩක් අය ගෙදර තමා…” “විජේදාස බලන්නේ ලැයිස්තුවේ උඩටම එන්න එකයි එයා සර්(ගෝඨාභය) වෙනුවෙන් කියලා ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ…. විමල් දැන් වැඩිය සර්ගේ (මහින්දගේ ) වැඩවලට එන්නේ නෑ.. එයා බලන්නෙත් සර්ගේ(ගෝඨාභය) පහනෙන් එලිය බලලා ගොඩ යන්න.” මහින්ද පිලේ අමාත්‍යවරයෙකු දිගටම කියාගෙන ගොස් තිබේ.(නම අනාවරණය නොකරන ලෙස ඉල්ලිමක් කර තිබේ.)

තමන් 2020 මහා මැතිවරණයේදි කොළඹ දිස්ත්‍රිකයෙන් තරග කිරිමට සාකච්ඡා කල නමුත් ගෝඨාභය
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් වැඩි කැමත්තක් නොදැක්වු බවත් ඒ හේතුවෙන් තමන් මෙවර ගම්පහ
දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට තිරණය කල බවත් මහින්ද එහිදි සදහන් කර තිබේ.

දීර්ඝ කාලයක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ මහින්ද 2015 මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.