Breaking
23 Feb 2025, Sun

20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නෑ.. මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියයි…. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් facebook සමාජ මාධ්‍යවල වලටත් තහනමක්!

Published on: May 20, 2020-රටේ පවතින වත්මන් තත්ත්වය මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සදහන් කළා.

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) තෙවැනි දිනයටත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සමස්ත සෞඛ්‍ය අංශ වලින් යහපත් ප්‍රතිචාරයක් හා මාර්ගෝපදේශන මාලාවක් ලැබෙන තෙක් මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන් අතර මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස දින 70 ක් ඇතුලත ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද මැතිවරණ කොමිසම අධිකරණයට දන්වා සිටියා.

මේ අතර මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල දීර්ඝ කරුණු දැක්වීම් සඳහා තවදුරටත් අවස්ථාව ලබා දීම සඳහා මෙම පෙත්සම් හෙට දක්වා කල් තැබීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කල බවයි අප වාර්තාකරු සදහන් කලේ.

මේ අතර ලබන ජුනි මස 20 වනදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන් අවස්ථාවේ නැගී සිටි පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මැතිවරණ කොමිසමේ එම දැනුම් දීමට අනුව දැනටමත් හිමිවී තිබෙන බැවින් ඔහු සිය පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව දන්වා සිටියා.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 17 ,18 සහ 19 යන දින වල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බව පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව නාම යෝජනා පත්‍ර භාර ගත හැක්කේ සාමාන්‍ය රාජකාරි කාර්යාල වේලාවන් වල පමණක් බව පෙන්වා දුන් නීතිඥවරයා රජයේ නිවාඩු වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ මාර්තු මස 17 ,18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි සඳහන් කළේ.එය තමන්ගේ සේවාදායකයාගේ මතය බවද ඔහු අගවිනිසුරුවරයා හමුවේ සදහන් කළා.

කෙසේවෙතත් එම ප්‍රකාශයට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් එම කොමිසමේ සාමාජිකයෙකු විසින් මෙයාකාරයෙන් විවේචනය කරමින් කරුණු දැක්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කර තිබේ.

මේ අතර මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන 501 ⁣දරණ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශාලාවේ කිසිදු පින්තූරයක් ෆේස්බුක් සමාජ මාධ්‍යවල පළ නොකරන්නැයි , අගවිනිසුරු වරයා අද (20) විවෘත අධිකරණයට පැමිණි පිරිස හමුවේ අවවාද කරමින් නියෝග කර සිටියා.

මෙම අධිකරණ ශාලාව උපරිමාධිකරණයේ පිලිගැනීමේ උත්සව ශාලාව වුවද , මේවන විට එහි මෙම පෙත්සම් විභාගයට ගැනෙන හෙයින් එම අධිකරණයේ ගරුත්වය ආරක්ෂාවන පරිදි සියලු දෙනාම කටයුතු කළ යුතු බවත් එබැවින් දුරකථනය භාවිතයෙන් එම අධිකරණ ශාලාව ජායාරූප ගත කොට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමෙන් වහාම වළකින්නැයි ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය හමුවේ සදහන් කර සිටියා.

facebook

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.