LNN SPY

7%ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් සමගින් සජිත් වාර්තාගත ජයග්‍රහණයක්! ආසන 118 ක් හංසයාට !!!.. අවසන් බුද්ධි අංශ වාර්තාවත් එයි…

Published on- Nov 15, 2019  2019 ජනාධිපතිවරණයට ඇත්තේ තවත් පැය 24 කට වඩා අඩු කාලයකි. මැතිවරණයේ උණුසුම වැඩි වෙමින් පවතින අවස්ථාව රටේ ලෝකයේ සියළු දෙනාම හෙටින් ලංකාව මෙහෙයවීමට බාර ගන්නා පුද්ගලයා කවුරුන් විය හැකිද යන්න පිළිබඳව අවධානයෙන්  සිටි.

මේ වන විටත් රාජ්‍ය බුද්ධි අංශය හා විදේශීය බුද්ධි අංශ දේශපාලන ඒකක ඒකාබද්ධව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තා සකස් කොට ඇති අතර අතිශය රහසිගත් වූවද එය මේ රටේ ප්‍රධාන කිහිපදෙනෙක් වෙත ලබා දීමට ඔවුන් කටයුතු කොට ඇත.

ඒ අනුව නවතම බුද්ධි අංශ වාර්තාව ඊයේ දහවල් වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලබා දීමට බුද්ධි අංශ කටයුතු කර අතර එයට අනුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ ට වඩා 7% ක ප්‍රමාණයකින් ඉදිරියෙන් සිටින බවට වාර්තා වේ.

එසේම සජිත් ප්‍රේමදාස හට ආසන 108 ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙන බවද එම බුද්ධි අංශ විසින් තහවුරු කොට ගෙන තිබෙනවා.

මෙම වාර්තාව ඊයේ රාත්‍රි ය වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ වෙත ලබා දී ඇති බවද එය නිසා පොහොට්ටු පිලේ අවසන් බලාපොරොත්තුවද බිඳ වැටි ගිය බවද අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා,

අදාළවාර්තාව ලැබීමත් සමඟ මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන මණ්ඩලය කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර ගහන්න තියන සියලුම තුරුම්පු මේ වන විට ගසා අවසන් බවත් දැන් ඇත්තේ 16 වෙනිදා හවස් වන තෙක් බලා සිටිම පමණක් බවත් ඔවුන් පෙන්වා දී ඇත.

ඒ සමඟම මේ වන විටත් පොහොට්ටු පාර්ශවයට පැන පැන සහය දුන් බොහෝ දෙනා නියුටල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අයින් ගසා ඇති බවද අප දේශපාලන වාර්තාකරු සඳහන්කළා .

එසේම අධිකරණ අවසරයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා වංචාදූෂණ වලට සම්බන්ධ පොහොට්ටුවේ බොහෝ දෙනෙකුට විදේශ ගත වීමට නොහැකි බැවින් මහින්ද වැඩිදුරටත් කලකිරී ඇති බවද වාර්තා වේ.

ජනතාව ගේ ජනප්‍රසාදය දිනා ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදයේඑ කොහි හෝ තැනක වරදක් ඇති බවද ඉක්මනින් එය සොයා නොගතහොත් මහමැතිවරණය ද පරාජය වන බවද මහින්ද මෙම සාකච්ඡාවේදි පවසා ඇති බව වාර්තා වේ.

Top