Featured

යහපාලනයේ පිහිටෙන් ගුවන් සේවා අධිකාරී ලොක්කන්ගේ පඩිය ලක්ෂයකින් ඉහලට!

ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු ඉහළම තනතුරු හොබවන්නන්ගේ වැටුප් ලක්ෂ ගණනින් වැඩිකර ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය රජය කාලයේ සිට මෙලෙස තම වැටුප් වැඩිකර ගැනීමට උත්සාහ දරුවද සැලකිය යුතු කාර්යක් නොකරන බව පවසමින් එම ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කොට ඇත. කෙසේවෙතත් වත්මන් ඇමති නිමල්සිරිපාල නොමග යවමින් ප්‍රධානීන් කිහිප දෙනකු මෙසේ සිය වැටුප් වැඩි කර ගෙන ඇත.

ඒ සඳහා අල්ලස් ලෙස බදුල්ලේ පිරිසකට කිසිදු පදනමකින් තොරව රැකියා ලබාදී ඇත. රැකියා ලබාදීම වෙනුවෙන් බොරු විභාග පවත්වා ඇති අතර එහිදී විභාගයෙන් 04 වන තැන ලබාගත් කළුතර ප්‍රදේශයේ ඇමති හිතවාදියකුට තොරතුරු තාක්ෂණ අංශයේ කළමණාකරු තනතුර ලබාදී ඇත. අනෙකුත් රැකියා ලබාදීම දීම වෙනුවෙන් පසුගිය රජය විසින් පත්වීම් ලබාදුන් සිව්දෙනකු රැකියාවලින්ද දොට්ට දමා ඇත.විගණකාධිපතිවරයා විසින් පසුගිය කාලයේ අධිකාරියේ මූල්‍ය වංචා පිළිබඳ බොහෝ තොරතුරු හෙළිදරව් කළද යහපාලන රජය විසින් ඒවාට නිසි පියවර මේ දක්වා ගෙන නොමැති බවද වාර්තා වේ.

රටේ වෙනත් කිසිදු ආයතනයක නොමැති ලෙසින් වසර 16ක තරම් කාලයක් අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පුටුව අරක්ගෙන සිටින අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පහළ මට්ටමේ සේවකයින්ට කිසිදු ආකාරයක සහනයක් ලබානොදීම සම්බන්ධයෙන් අධිකාරියේ බොහෝ සේවකයින් දැඩි කලකිරීමට පත්ව ඇති බවයි ගුවන් සේවා අධිකාරියේ සේවකයන් සදහන් කළේ.

Top