ඉන්දියාව කියලා රටක් ඇති වුණෙ ඉංගිරිසින්ගෙන් පස්සෙ වුණත් ඒ ප්‍රදේශය බොහොම කාලෙක ඉඳලා පැවතුණා. ඒ ප්‍රදේශයට යම් කාලෙක ඉන්දියාව කියලත් කිවුවා. ප්‍රදේශයක් තියෙන්න රටක් තියෙන්න ඕන ම නැහැ. කොලම්බස් බටහිරට ගියෙත් ලෝකය රවුම් හින්ද ඉන්දියාව සොයා ගෙන කියලා කතාවක් තියෙනවා. ඇමරිකා මහාද්වීපයෙ හිටි මිනිසුන්ට රතු ඉන්දියන්වරු කියලා කිව්වෙත් මේ ඉන්දියා කතාව හින්ද.
මේ ඉන්දියාව කියන ප්‍රදේශයෙ විවිධ කොටස් දඹදිව හරි මොන නමකින් හරි හැඳුන්වුවත් එදා සිට ම ලංකාව සමග සම්බන්ධකම් පැවැත්තුවා. බොහෝම කාලෙකට ඉස්සර මේ ප්‍රදේශ මුහුදු තීරයකින් වෙන් වෙලා තිබුණෙ නැහැ. මේ රටට කාලිංගයෙන් (ඔදෙස්සා) හා වංගයෙන් (බෙංගාලයෙන්) මිනිසුන් වරින් වර සංක්‍රමණය වෙලා තියෙනවා. සිංහලයන්ගේ ජානවලින් 25%ක් පමණ මේ ප්‍රදේශවල ජනයාගේ ජාන සමග එකඟ වන බව කියැවෙනවා. විජයගේ සීයා ලාට රටේ වුණත් ආච්චි වංගයේ කියලා කියනවා (සමහරවිට කාලිංගයේ වෙන්නත් පුළුවන්). පසු කාලෙක දි මලබාර් ප්‍රදේශයෙනුත් ලංකාවට ජනයා සංක්‍රමණය වී තිබෙනවා. ඒ වගේම මෙරටින් කේරළයට මිනිසුන් සංක්‍රමණය වී තිබෙනවා. එහි ඉලවර් කියන අය ලංකාවෙන් ගිය අය ලෙසයි සැලකෙන්නෙ.
කාලිංගයේ අය රාජ්‍ය උරුමය සොයා ලංකාවට පැමීණ තිබෙනවා. නිස්සංක මල්ලට ඒ උරුමය ලැබුණා. පාණ්ඩ්‍ය දේශයේ කුමරවරු කුමාරිකාවන් මෙරටට පැමිණියා. විජය කුවේණි අත්හැරලා බිසවක් ගෙනාවෙ පාණ්ඩ්‍ය දේශයෙන්. ඒ කාලෙ දෙමළ කතාවක්, දෙමළ අනන්‍යතාවක් තිබුණෙ නැහැ. පරාක්‍රමබාහු රජුටත් පාණ්ඩ්‍ය සම්බන්ධයක් තිබුණා. නායක්කාර් රජවරු පැමිණියෙ මදුරා පුරයෙන්. ඔවුන් මදුරා පුරයට ඇවිත් තියෙන්නෙ ආන්ද්‍ර ප්‍රදේශයෙන්.
සිදුහත් කුමරු උපන්නෙ කාලිංගයේ කියලත් කතාවක් තියෙනවා. අශෝක රජ්ජුරුවො මුරාගෙ මුණුබුරෙක්. ඔහු කාලිංගය ආක්‍රමණය කෙළේ රජවෙලා කාලෙකට පස්සෙ. ඔහුට ඒ සඳහා දරුණු යුද්ධයක් කරන්න වුණා. ඔහු යුද්ධයෙන් පසු දිග්විජය වෙනුවට ධර්මවිජය ඇරඹුවා කියලා කියනවා. අශෝක රජුට බෞද්ධයකු වන්නත් කාලිංගය බලපාන්න ඇති. ඒ යුද්ධය නිසා ම නො වෙයි.
විජය රජු හා පිරිස් මෙරටට පැමීණීමට පෙර, බුදු හාමුදුරුවන්ට පෙර ලංකාව ඉන්දියාව නැත්නම් දඹදිව කියන ප්‍රදේශයෙන් වෙන් වුණා. ඉන් පසු අප අපේ ම අනන්‍යතාවක් ගොඩනගා ගත්තා. විජය පැමිණෙන විටත් අපට අපේ ම අනන්‍යතාවක් තිබුණා. අපි ඒකට හෙළ අනන්‍යතාව කියමු. වංගයෙන් හා කාලිංගයෙන් පැමිණි ජනයාත් සමග එක් වී අප සිංහල ජාතිය ගොඩ නැගුවා. ඒ පණ්ඩුකාභය රජ්ජුරුවන්ගෙ කාලෙ. ඒත් ඒක රජරටට පමණක් සීමා වුණා. මාගම ඇතුළු රුහුණේ වෙන ම ජනවර්ගයක් තිබුණා.
ගැමුණු රජතුමා මාගමයි අනුරාධපුරෙයි එකතු කරා. ඒ වන විට අප බෞද්ධයන් වී සිටියා. ගැමුණු රජු සිංහල බෞද්ධ රාජ්‍යය ඇති කළා. එතුමාගේ අලිඛිත ව්‍යවස්ථාව 1815 දක්වා ම පැවතුණා. ඒ අතර මෙරටට සංක්‍රමණය වූ අය සිංහල බෞද්ධ සංස්කෘතියට ඇතුල් වුණා. එනම් ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වුණා. දහහතර වැනි සියවසේ මලබාරයෙන් පැමිණි බොහෝ අය එලෙස සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වුණා. එහෙත් මුස්ලිම් අය එසේ අවශෝෂණය වුනෙ නැහැ.
ඒ වගේ ම යාපනයට ගිය අයත් එලෙස අවශෝෂණය වුණෙ නැහැ. ඒ වන විට ආර්ය චක්‍රවර්තීන් යාපනයට ඇවිත්. ඔවුන්ගේ ස්වාධීන රාජ්‍යයක් නොතිබුණත් ඔවුන් යම් කිසි බලපෑමක් කළා. පසුව ලන්දේසි කාලෙ 1650න් පස්සෙ මෙරටට කෝරමණ්ඩල වෙරළෙන් වෙල්ලාලයන් ගෙනාවා. ඒ යාපනයේ දුම්කොළ වගාවට. ඔවුන්ට ලන්දේසින්ගෙ හා පසුව ඉංගිරිසින්ගෙ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබුණා. මේ වෙල්ලාලයන් යාපනයේ සම්පූර්ණ ආධිපත්‍යය ලබාගත්තෙ එහි සිටි සිංහල මිනිසුන් දෙමළ සංස්කෘතියේ අඩුකුල පිරිස ලෙස ඇතුල් කර ගැනීමෙන්. මොවුන් කෝරමණ්ඩල වෙරළ සමග තිබූ සම්බන්ධකම් නැති කර ගත්තෙ නැහැ.
පසුව ඉංගිරිසින් විවිධ කාර්යයන් සඳහා තමිල්නාඩු ප්‍රදේශයෙන් ගෙනා දෙමළ ජනයා නැගෙනහිර පළාතේ පදිංචි කළා. ඒ එකී ප්‍රදේශවලින් සිංහලයන් සමූලඝාතනය කිිරීමෙන්. ඒ දෙමළ ජනයා වෙල්ලාලයන්ට අනුව අඩු කුලේ අය. පසුව ඉංගිරිසින් කෝපි වගාවට හා තේ වගාවට තමිල්නාඩු ප්‍රදේශයෙන් දෙමළ ජනයා ගෙනාවා. මේ කිසිවකු ඉන්දියාව, තමිල්නාඩුව සමග තිබූ සම්බන්ධකම් අත්හැරියේ නැහැ.
අද මෝදි ඇවිත් තියෙන්නෙ ඊනියා ජාත්‍යන්තර වෙසක් දිනේකට නොවෙයි. මේ දිනය තායිලන්තයේ එකොළොස් වතාවකුත් වියට්නාමයෙ එක් වතාවකුත් පවත්වලා තියෙනවා. මේකෙන් ලංකාවට ලැබෙන කීර්තිය මොකක් ද? කලින් තායිලන්තයට හරි වියට්නාමයට හරි ලැබුණු කීර්තිය මොකක් ද? අඩු තරමෙන් අපවත් දැන හිටියා ද ඒ රටවල ඊනියා ජාත්‍යන්තර වෙසක් දිනය සැමරූ බව. වෙසක් දිනයට නිවාඩු දෙන රටවල් කීයක් තියෙනවා ද? මේක මේ මෝදිට ලංකාවට ඒමට අවස්ථාවක් ලබා දීම පමණයි.
අපට පෙර කාලයෙ ඉන්දියාව කියලා රටක් එක්ක ගණුදෙනු කරන්න තිබුණෙ නැහැ. අප ගණුදෙනු කළේ ප්‍රාදේශීය වාංශික රජවරු එක්ක. ඒ කාලෙ අප රජවරුන්ගෙ විචක්‍ෂණභාවය නිසා අපේ ස්වාධීනත්වය රැකගත්තා. ඒත් අපට දැන් තියෙන්නෙ විශාල ඉන්දියාවක්. ඇසෑමය, බූතානය පමණක් නොව නේපාලයත් යට කරගත් ඉන්දියාවක්. මෙරට පාලකයන් ඒ ඉන්දියාව සමග කටයුතු කරලා ස්වාධීනත්වය රැක ගන්න දන්නෙ නැහැ. දේශපාලනඥයන් විතරක් නොවෙයි ජනමාධ්‍ය දන්නෙත් නැහැ. අපට ඉන්දීය වෙළෙඳ දැන්වීම්, නාට්‍ය, ගීත නැතිව වැසිකිළිය සුද්ද කරන්නවත් බැහැ.
මෙරට වෙල්ලාලයන් හා කඳුකරයේ දෙමළ ජනයා ඉන්දියාව එක්ක තිබූ සම්බන්ධකම් නැති කර ගෙන නැහැ. මෝදි දික්ඔය යන්නෙ මෙරට නියම ඉන්දියානුවන් හම්බ වෙන්න කියලා ඉන්දියාවෙදි කියලා. දික්ඔය ගැන නොයෙකුත් කතා පැතිරෙනවා. සිතම්බරම්ලා හැසිරෙන්නෙ කඳුකරය ඉන්දියාවෙ කොටසක් විධියට සලකමින්. ඔවුන් මෝදි පිළිගන්නෙ සිංහ කොඩිය විකෘත කරලා ඉන්දියානු ත්‍රෛවර්ණ කොඩිය වනලා. තොණ්ඩමන්ගෙ වෘත්තීය සමිතියෙ කොඩිය වුණෙත් ඉන්දියානු කොඩිය.
මෝදි සිරිමා ශස්ත්‍රී ගිවිසුම ගැන දන්නෙ නැද්දෙ? ජේ ආර්ගෙ පාවාදීම් ගැන දන්නෙ නැද්ද? අද ලංකාවේ ඉන්දියානුවන් ඉන්නවා නම් ඒ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලෙ හා තවත් කිහිප තැනක පමණයි. දික්මය ඉන්දීය ජාතිකයන් නැහැ. මෝදිගෙ ප්‍රකාශය ගැන රනිල් කිසිවක් කියන්නෙ නැහැ. මෛත්‍රිපාල ඒ ගැන දන්නෙවත් නැතිව ඇති. මහින්දත් මොකුත් කියන්නෙ නැහැ. මෝදිට නියම ඉන්දියානුවන් ගැන කීි කතාව අස්කරගන්න කියලා දේශපාලනඥයන් බල කරන්න ඕන.
ඒ වෙනුවට මෝදිත් එක්ක භෝජන සංග්‍රවලට සහභාගි වෙනවා. ඊනියා ජාත්‍යන්තර වෙසක් දින උත්සවවලට පමණක් සහභාගි වෙනවා කිව්ව මහින්ද මෝදිත් එක්ක ඊයේ රාත්‍රි කෑම කෑ බව හින්දු පත්‍රයෙ සඳහන් වෙනවා. මහින්ද අප රවටන්න හදනවා ද? රනිල් මෝදිත් එක්ක දේශපාලන ගිවිසුම් අත්සන් කරලා තියෙන්නෙ. එට්කා විතරක් නොවෙයි ත්‍රිකුණාමල තෙල් ගිවිසුම අදියත් එයට අයත්. අද ඔවුන්ට කරන්න තියෙන්නෙ ඒ ගිවිසුම් ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරන්්නෙ කොහොමද කියලා තීරණය කරන එක විතරයි.
නලින් ද සිල්වා
2017 මැයි 12