LNN SPY

සරත් ෆොන්සේකාගේ අල්මාරියේ ලසන්තගේ ඇටසැකිල්ලක්…. කීත් නොයාර්ගේ දෑත් බැඳපු නයිලෝන් ලණුවත් ඒ අල්මාරියේ

Published on: Apr 10, 2018 – රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතාට පහර දුන්නේ සරත් ෆොන්සේකා මහතාගේ උපදෙස් පිට ඔහු ළඟ සිටි කණ්ඩායමක් බව මව්බිම උදෙසා රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා කොළඹදී ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී චෝදනා කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් ප්‍රසන්න..

2008 ජෙනරාල් අමල් කරුණාසේකර, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ විදිහට වැඩ කළා. එවිට යුද හමුදාපතිව සිටියේ ජෙනරාල් සරත් ෆොන්සේකා.

සරත් ෆොන්සේකාගේ අල්මාරිය විවෘත කලාම ලසන්තගේ ඇටසැකිල්ලක් තියෙනවා. කීත් නොයාර්ගේ දෑත් බැඳපු නයිලෝන් ලණුවත් ඒ අල්මාරියේ තියෙනවා. රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට ගහන්න භාවිත කළ උපකරණ තියෙන්නෙත් එම අල්මාරියේමයි. ඒ නිසා ෆොන්සේකාට අද අගමැති කියන විදිහට කතා කරන්න වෙලා.

රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට හා කීත් නොයාර් මහතාට පහර දුන්නේ සරත් ෆොන්සේකා මහතාගේ උපදෙස් පිට ඔහු ළඟ හිටපු කණ්ඩායමක් බව මම පැහැදිලිවම කියනවා.සරත් ෆොන්සේකා මහතාගේ නීති නිලධාරියා ලෙස මම කටයුතු කර තිබෙනවා ඔහුගේ ෆයිල් මා ගාව තියෙනවා. මාධ්‍යවේදීන්ට පහර දුන්නේ කවුදැයි සැබෑ ලෙසම සොයා බලන්න මේ රජයට සැබෑ වුවමනාවක් නැහැ.

Top