LNN SPY

පාර්ලිමේන්තුව විසුරුවීමත්,19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් නීති විරෝධීයි….! ජනාධිපතිට එ‍රෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි….

Published on: Nov 11, 2018- ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීමත්, කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදියට අර්ථනිරෑපණ කිරීමත් සමග 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජනතා පරමාධිපත්‍යයට සහ පාර්ලිමේන්තුවේ චේතනාවට පටහැනි වන හෙයින්, පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට 2018.11.09 දින ජනාධිපතිවරයා විසින් තීරණය කිරීම අන්තනෝමතික, හිතුවක්කාරී ක්‍රියාවක් බවත්, එය ජනතා පරමාධිපත්‍යයට පටහැනි බවත්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇත්තේ ජනතාවගේ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් බවත්, එමගින් පුරවැසියන්ගේ සමාගමයේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස, අදහස් පළකිරීමේ නිදහස, සිතීමේ නිදහස උල්ලංඝනය කර ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මතවී කථානායකවරයා සහතික කරනු ලැබුද 19 වන ව්‍යවස්ථා සංශෝධනය ම නීතියට පටහැනි බවත්, එය නීතියෙන් ඉවත් කරන ලෙසත්, පෙත්සම විභාග කර අවසන් කරන තෙක් පාර්ලිමේන්තුව විසුරැවීමට ජනාධිපතිවරයා 2018.11.09 දින ගනු ලැබූ තීරණට අත්හිටුවන ලෙසත්, පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව ගනු ලබන සියලු පියවර අත්හිටුවන ලෙසත්, ජනාධිපතිවරයා විසින් 2018.11.14 දින පාර්ලිමේන්තුව කැදවීමට කරන ලද නියෝගය අනුව පාර්ලිමේන්තුව 2018.11.14 දිනට පාර්ලිමේන්තුව කැදවීමට නියෝග කරන ලෙසත්, ඉල්ලා නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි….!

තවද එකී පෙත්සම මගින්

පාර්ලිමේන්තුව විසුරැවීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ නොවිමසා විනිශ්චයකාරවරුන් පත් කිරිමේ තනි අධිකාරයත් ජනාධිපති ලබා ගෙන ඇති බවත්,

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරවන ලද ගැසට් පත්‍රයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ නොවිමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරිමේ අධිකාරය ලබා ගෙන ඇති බව දක්වා ඇත.

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව”
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ 33 (2) වගන්තියේ (ඊ) ව්‍යවස්ථාවේ බලතලද ජනාධිපතිට ඇත.

33 (2) වගන්තියේ (ඊ) ව්‍යවස්ථාව……..

‘‘ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද, අග‍්‍රාමාත්‍යවරයා ද, අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල සහ ජනරජයට අයත් වූ ද, ප‍්‍රදානය කිරීමට සහ පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වු ද ඉඩකඩම් සහ අනෙකුත් නිශ්චල දේපළ ප‍්‍රදානය කිරීමේදී හෝ පවරා දීමේදී ඒ සම්බන්ධයෙන් ප‍්‍රදාන පත‍්‍රවල සහ පැවරුම් පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීම ද, රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද, ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’’

ඒ අනුව ස්වාධීන කොමිෂන් සභා නොවිමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ජනාධිපතිට පුළුවන් විය යුතුය?

ජනාධිපතිවරයාගේ 2018.11.09 දිනැති පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් නිවේදනය අනුව එසේ විසුරැවා ඇත්තේ 33.2.ඇ ව්‍යවස්ථාව අනුව ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප‍්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව” පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය. යන විධිවිධානය අනුවය.

එහිදී පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට ඇති බලය 70 ව්‍යවස්ථාවේ දක්වා ඇති එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරන් ද ඇතුළුව මුළු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීම සඳහා නියම කර ගැනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’ යන විධිවිධානය නොතකා ක්‍රියා කර ඇති බව ද දක්වා ඇත.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ 33 (2) වගන්තියේ (ඊ) ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොවිමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් ද පත් කිරීමේ අධිකාර පත‍්‍රවල රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරමටත් පුළුවන් බවත් දක්වා ඇත.

Top