LNN SPY

කීර්තිමත් වාණිජමය සංවිධානය… ලංකා වාණිජ මණ්ඩලය හිටගෙන කඩේ යයි.. නැති සෝෆා ගිවිසුමක් ගැන කියලා කුජිත වෙලා…

Published on: Jul 7, 2019- ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සෝෆා ගිවිසුමක් නැහැ.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගැන පැවැත්වුණු සාකච්ඡා සියල්ලටම වානිජ මණ්ඩලයට ආරාධනා කළා.

කීර්තිමත් වාණිජමය සංවිධානයක් වන ලංකා වාණිජ මණ්ඩලය ඔබගේ නායකත්වය යටතේ දේශපාලනීකරණය වී තිබීම කණගාටුවට කරුණක්

අග්‍රාමාත්‍ය ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක මහතාගෙන් ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හාන්ස් විජේසුරිය මහතාට පිළිතුරක්!

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හාන්ස් විජේසුරිය මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ‘සෝෆා ගිවිසුම හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව ඉහළ පාරදෘශ්‍යභාවයකින් කටයුතු කරන ලෙසට කරනු ලබන ඉල්ලීම’ යන ශීර්ෂයෙන් යුතුව 2019 ජූලි 03 දින එවන ලද ලිපියට පිළිතුරක් 2019 ජූලි 06 දින යවන අග්‍රාමාත්‍ය ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා ‘සෝෆා ගිවිසුම හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධ කරුණු පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ නොදැනුවත්භාවය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා වික්ෂිප්තභාවයට පත් වූ බවත් දැනුම් දෙනු කැමැත්තෙමි’ යි ලියා යවා ඇත.

එයට හේතුව යහපාලනය හා විනිවිදභාවය අගය කරමින් කටයුතු කරමින් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව පැවැත්වෙමින් තිබූ සාකච්ඡා සම්බන්ධව 2016.04.04, 2016.04.07, 2016.04.08, 2016.06.14, 2016.06.22, 2017.04.05, 2017.04.06, 19.10.2018 හා 27.10.2018 දිනැති ලිපි මගින් ලංකා වාණිජ මණ්ඩලය හා එහි සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කර තිබීමයි.

“මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හා සම්බන්ධ නිශ්චිත ව්‍යාපෘති යෝජනා කරනු ලැබුවේ අප රජය විසිනි. එක්සත් ජනපද රජය ඇමරිකානු ඩොලර් මිලියන 490 ක ප්‍රදානයක් මේ සඳහා ලබා දෙන ලදී. මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ. මෙය එක්සත් ජනපදයේ පමණක් නොව යුරෝපීය රටවලද පවතින නීතිමය සම්ප්‍රදායයි. ” යනුවෙන් අග්‍රාමාත්‍ය ලේකවරයාගේ ලිපියෙහි දක්වා ඇති අතර, “පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම ගිවිසුම පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව විසින් සමාලෝචනය කිරීමටත් ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශවවලින් නියෝජනයන් ලබා ගැනීමටත් නියමිතව ඇත.” යනුවෙන්ද සඳහන් කරයි.

මෙහිදී සෝෆා ගිවිසුම ගැන කරන ලද සඳහනට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ලේකවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය හා එක්සත් ජනපද රජය අතර සෝෆා ගිවිසුමක් නොමැති බවත් එවැනි යෝජනාවක් අදාළ රේඛීය අමාත්‍යංශය වන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට නොමැති බවත්ය.

“මෙම කරුණු සම්බන්ධව නැවත වරක් පැහැදිලිකිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමි. කෙසේ වුවද, සම්පුර්ණ ක්‍රියාවලිය තුල පාර්ශවකරුවෙකු වශයෙන් කටයුතු කල ලංකා වාණිජ මණ්ඩලයේ හදිසි නොදැනුවත්භාවය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා තම විමතිය පල කර සිටින ලදී. දැනට යම් දේශපාලන පක්ෂ විසින් කර සිදු කර ඇති ප්‍රකාශ හා සසඳා බැලීමේදී ඔබගේ මෙම හදිසි නොදැනුවත්භාවය ඔබගේ අරමුණු හා විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතු කරන බව එතුමාගේ අදහසයි. කීර්තිමත් වාණිජමය සංවිධානයක් වන ලංකා වාණිජ මණ්ඩලය ඔබගේ නායකත්වය යටතේ දේශපාලනීකරණය වී තිබීම කණගාටුවට කරුණකි. ” යනුවෙන් එම ලිපිය තවදුරටත් සඳහන් කරයි.
—————————————————————————————

2019.07.06
හාන්ස් විජේසුරිය මහතා
සභාපති
ලංකා වාණිජ මණ්ඩලය

ප්‍රිය මහත්මයාණෙනි

සෝෆා ගිවිසුම හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව ඉහළ පාරදෘශ්‍යභාවයකින් කටයුතු කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ඔබ විසින් ඉහත කරුණ සම්බන්ධව ගරු අග්‍රාමාත්‍යතුමා වෙත එවන ලද 2019 ජූලි 03 දිනැති ලිපිය ලද බවත් සෝෆා ගිවිසුම හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධ කරුණු පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ නොදැනුවත්භාවය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා වික්ෂිප්තභාවයට පත් වූ බවත් දැනුම් දෙනු කැමැත්තෙමි.

යහ පාලනය හා විනිවිදභාවය අගය කරමින් කටයුතු කරමින් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව පැවැත්වෙමින් තිබූ සාකච්ඡා සම්බන්ධව 2016.04.04, 2016.04.07, 2016.04.08, 2016.06.14, 2016.06.22, 2017.04.05, 2017.04.06, 19.10.2018 හා 27.10.2018 දිනැති ලිපි මගින් ලංකා වාණිජ
මණ්ඩලය හා එහි සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. (කරුණාකර ඇමුණුම බලන්න).

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හා සම්බන්ධ නිශ්චිත ව්‍යාපෘති පිළිබඳවද ඔබ දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. ඔබ දන්නා පරිදි, මෙම ව්‍යාපෘති යෝජනා කරනු ලැබුවේ අප රජය විසිනි. එක්සත් ජනපද රජය ඇමරිකානු ඩොලර් මිලියන 490 ක ප්‍රදානයක් මේ සඳහා ලබා දෙන ලදී. මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ. මෙය එක්සත් ජනපදයේ පමණක් නොව යුරෝපීය රටවලද පවතින නීතිමය සම්ප්‍රදායයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම ගිවිසුම පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව විසින් සමාලෝචනය කිරීමටත් ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශවවලින් නියෝජනයන් ලබා ගැනීමටත් නියමිතව ඇත.

ශ්‍රී ලංකා රජය හා එක්සත් ජනපද රජය අතර සෝෆා ගිවිසුමක් නොමැති අතර එවැනි යෝජනාවක් අදාළ රේඛීය අමාත්‍යංශය වන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට නොමැත.

මෙම කරුණු සම්බන්ධව නැවත වරක් පැහැදිලිකිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමි. කෙසේ වුවද, සම්පුර්ණ ක්‍රියාවලිය තුල පාර්ශවකරුවෙකු වශයෙන් කටයුතු කල ලංකා වාණිජ මණ්ඩලයේ හදිසි නොදැනුවත්භාවය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා තම විමතිය පල කර සිටින ලදී. දැනට යම් දේශපාලන පක්ෂ විසින් කර සිදු කර ඇති ප්‍රකාශ හා සසඳා බැලීමේදී ඔබගේ මෙම හදිසි නොදැනුවත්භාවය ඔබගේ අරමුණු හා විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතු කරන බව එතුමාගේ අදහසයි.

කීර්තිමත් වාණිජමය සංවිධානයක් වන ලංකා වාණිජ මණ්ඩලය ඔබගේ නායකත්වය යටතේ දේශපාලනීකරණය වී තිබීම කණගාටුවට කරුණකි.

මෙයට විශ්වාසී

අත්. කලේ / ඊ එම් එස් බී ඒකනායක
අග්‍රාමාත්‍ය ලේකම්

Top