LNN SPY

ලැජ්ජයි… සිරිසේන ලැජ්ජයි…. පොදු සමාව අවභාවිතා කර රදගුරු හිමිපාණවත් පාවාදිලා…. ජනාධිපති සමාව ලබා දීමට ප්‍රමිතියක් ඇති කළ යුතුය.. Royal Park ගේම් එක පිටු පස රතන සාධූ!

Published on: Nov 12, 2019 – රෝයල් පාක් ඝාතකයා ලෙස ප්‍රසිද්ධ වූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ වෙත ජනාධිපති පොදු සමාවා හිමි වීම මේ වන විට සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම වැරදිකරු වෙත ජනාධිපති සමාව ලබා දීමට පදනම් වූ හේතු පිළිබඳව පැහැදිළි කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඊයේ මාධ්‍ය නීවේදනයක් නිකුත් කළ අතර එහි සඳහන් වන්නේ අතුරුලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා සිවිල් සංවිධාන, අනෙකුත් ආගමික නායකයන්ගේ ඉල්ලීම් සලකා බලා ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත් බවයි.

එම නිවේදනයේ එක් තැනක සඳහන් වන්නේ දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ රදගුරුතුමා ජනාධිපතිතුමා වෙත ලිඛිතව කරුණු දක්වමින් ජූඩ් ඇන්තනිගේ නිදහස් වීමට ආශිර්වාදය දැක්වූ බවයි.

නමුත් ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය නිවේදනය උඩුයටිකුරු කරමින් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ අසත්‍ය කරුණක් බවත් තමන් වහන්සේ කිසි දිනක රෝයල් පාක් ඝාතකයා නිදහස් කරන ලෙස ඉල්ලා නොමැති බවත් සඳහන් කරමින් රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ ප්‍රසිද්ධ නීවේදනයක් නිකුත් කළා.

ඒඅනුව මීට වසර ගණනකට පෙර තරුණ සිරකරුවන්ගේ යහපත් පුනුරුත්තාපනය හා ආධ්‍යාපන අවස්ථා වැඩිකිරීම වෙනුවෙන් ජනාධිපති සිරිසේන වෙත කරුණු දක්වමින් ලිපියක් යොමු කළ බවද එහි ජූඩ් ඇන්තනි ගැන සඳහන් නොකළ බවත් රදගුරු හිමියන් පවසනවා.

එසේම අදාළ නඩුවේ කරුණු කිසි දිනක අධ්‍යනය කර නොමැති බව ද එම ඝාතකයා පෞද්ගලිකව නොහදුනන බවද රදගුරු හිමිපානන් සඳහන් කරනවා.

මුදලින් කොටි 300ක මුදලක් සහ කොළඹ 7 ග්‍රෙගරි පාරේ නිවසක්

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් වාචිකව සහ හමුවී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත කරුණු ඉදිරිපත් කර තිබූ අතර ඒ වෙනුවෙන් ඝාතකයා නිදහස් කිරීමේ දී සිරිසේන සහ රතන දෙදෙනාම මුදලින් කොටි 300ක මුදලක් සහ කොළඹ 7 ග්‍රෙගරි පාරේ නිවසක් අල්ලස් ලෙස ලබාගෙන තිබේ.

රාජගිරිය රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ පියගැටපෙළ මතදී 2005 වසරේ ජූනි 30 වන දා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙළ සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පෙම්වතා වූ ජූඩ් ශ්‍රමන්තට දීර්ඝ නඩු විභාගයකින් පසු වර්ෂ 2012 දී කොළඹ මහාධිකරණය විසින් දොළොස් වසරක සිර දඬුවමක් නියම කර තිබු අතර 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව ප්‍රදානය කරන ලද්දේ සිය ජනාධිපති ධුර කාලය අවසන් වීමට එක් දිනක් පමණක් තිබියදී ය.

තමන් රතන සමග එක්ව ලබාගත් අල්ලස 2019 ඔක්තොම්බර් 20 දා සාධාරණ කළේ මෙසේය:

“ඉවසීම නැතිවුණ තැන සිද්ධ වන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මම හිතනවා ඔබතුමන්ලාට මතක ඇති කියලා මීට වසර ගණනකට කලින් රෝයල් පාක් නිවාස සංකීර්ණයේ සිද්ධිය. ඒ තරුණයාට එතකොට වයස අවුරුදු 19 යි. ඔහු තරුණිය සමඟ වාදයක පැටලිලා අවසානේ ඇයව ඝාතනය කළා. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා, මම හිතන්නේ දැන් ඔහුට වයස 32 ක්.”

ඔහු මෙසේ කීවේ එසේ මෙසේ තැනකදී නොව කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමිනි.

රදගුරු හිමිපාණන්ගේ මෙම ප්‍රසිද්ධ නිවේදනය සමඟ ජනාධිපති මාධ්‍ය නිවේදනයේ සඳහන් පූජ්‍ය බද්දේගම සමිත හිමියන්, ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරතන නායක ස්ථවිරයන්, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ  ඇතුළු පිරිසද ඇත්තටම ජූඩ් ඇන්තනි නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා දැයි යන සාධාරණ සැකය අප වෙත මතු වේ.

අවසානයේ ගත් කල ජනාධිපති සිරිසේන විසින් මේ ජනාධිපති සමාව අවභාවිත කරමින් ගත් අසාධාරණ තීරණය පිටු පස රතන සාධූ පමණක් ද යන සැකයද මතු වේ.

රතන සාධුගේ දේශපාලන භාවිතාව හා පෞද්ගලික භාවිතාව පිළිබඳව විවරණයේ දි මෙවන් ක්‍රියාවක් කිරීම පෙළඹීමේ අසම්භාවි බවක් අපි නොදකිමු.

අනෙක් අතට ජනාධිපති මාධ්‍ය අංශය අනුවම රතන හිමියන් විසින් ජනාධිපතිවරයා  වෙත කරුණු දක්වමින් පවසා ඇත්තේ  මෙයට අදාළ සිද්ධිය ප්‍රේම සම්බන්ධයක් පදනම් කරගෙන තරුණයෙක් හා තරුණියක් අතර ඇති වූ ආරවුලක් බවයි.

එහෙනම් රතන සාධු ගේ පරිකල්පනය අනුව තරුණියක් හා තරුණයෙක් ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් පමණින්, කාන්තාවක් හා පුරුෂයෙකු විවාහ වූ පමණින් මිනි මැරීමට බලපත්‍රයක් නොමිලේ ලැබෙනවාදයි අපි නොදනිමු. එහෙම සංකල්පයක් සඳහන් වන්නේ කවර සූත්‍රයේ කවර වග්ගයේ, කවර පිටකයේ දැයි අපි විමසමු.

එසේම ජූඩ් ඇන්තනි යනු මිනිමැරීමක වරදකරු වී සිරගතව සිටින එකම ඝාතකයා නොවේ. ඔහු ට අමතරව මීට වඩා දීර්ඝ කාලයක් සිරබත් කන, ජූඩ් ඇන්තනීට වඩා ලාබාල මිනිමැරුම් වලට වරදකාරි වූ තරුණයන් තරුණියන් සිටි. තම මවුවරුන් සමඟ සිරබත් කන කුඩා දරුවන් සිටි. එසේ සිටියදි මෙම ඝාතකයාටම ජනාධිපති සමාව ලබා දීමට රතන සාධුට වැළඳුණු අනුකම්පා ගාය පිටුපස තිබෙන්නේ කුමක්ද යන්න නුදුරේදීම අපට අනාවරණය වනු ඇත.

මහාධිකරණය වීසින් අවුරුදු 12 කට ලබා දෙන සිර දඩුවම අභියාචනායේදි මරණ දඩුවම තෙක් දීර්ඝ වන්නේ මෙම නඩුවේ ඇති සිද්ධිමය හා නෛතික කරුණු වල ඇති ප්‍රභලතාවය නිසා ය. සරළව ගතහොත් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ ඉවෝන් නම් තරුණිය චේතාන්විතව ඝාතනය කළ බවට ඇල්පෙනිති තුඩක තරම් හෝ සැකයකින් තොරව අධිකරණය ඉදිරියේ ඔප්පු වී අවසන්ය.

එසේ තිබියදී නිල බලයෙන් තමාට ලැබුණු ජනාධිපති සමාව මෙලෙස අවභාවිත කිරීම ජනාධිපතිවරයාට ඇති පෞද්ගලික අයිතිය කුමක්දැයි අපි ප්‍රශ්න කරමු. නීතිය ඉදිරියේ, අධිකරණය ඉදිරියේ අපරාධ නඩුවක් සාධාරණ සැකයෙක් තොරව ඔප්පු කිරීමට කෙතරම් කාලයක්, වියදම යනවා දැයි අපි දනිමු. එසේ තිබියදි පාර්ශව ගණනාවක මහන්සිය, වින්දිත පාර්ශවයට වන සාධාරණත්වය, නීතිය ඉදිරියේ වරදකරුවන්ට දඩුවම් ලැබීම එක පෑන් පහරකින් විධායකට නැතිභංගස්ථාන කළ හැකි නම් පෙර රජ කලේ වගේ අධිකරණය පෙට්ටියක දමා වසා ජනාධිපතිම නඩු ඇසුවා නම් කම් නැතුවා වියයුතුය .;

මීලගට පත් වන ජනාධිපතිවරයා කවරෙකු වූවත්, ව්‍යවස්ථාදායකය කුමන පක්ෂය බහුතරය හිමි වූවත් කළ යුතු ප්‍රධාන කාර්යයක් වන්නේ නීතිය පසිදලීමට විධායකයේ අනිසි මැදිහත් වීම අවම කිරීමයි. අවම වශයෙන් ජනාධිපති සමාව ලබා දීමට ප්‍රමිතියක් ඇති කළ යුතුය. මරණ දණ්ඩනය ලබා දීමට විධායකට ඇති අයිතිය ප්‍රමිතිගත කළ යුතුය.

නොඑසේනම් යාපනයේ විද්‍යා ඝාතනය කළ මිනීමරුවන්, සේයා ඝාතනය කළ මිනිමැරුවන්, කොටකෙතන මව හා දියණිය ඝාතනය කළ මිනිමරුවන්, හා අනියම් බිරිය සමඟ ජීවත් වීමට සිය බිරිඳ හා දරු දෙදෙනා මරා දැමූ රත්මලානේ මිනිමරුවාද ඇතුළුව සිතක් නොමැතිව අමු අමුවේ මිනිමැරූ ඝාතකයක් බොහෝ දෙනා සිරබත් කන බව මතක් කරන අතර සිරිසේන වැනි ජනාධිපතිවරුන් ද රතන සාධුලා වැනි ආත්මාර්ථකාමින් ද බිහිවනු බව මතක් කරන්න ට කැමැත්තෙමු.

Top