LNN SPY

ප්‍රජාතන්ත්‍රවාදයෙන් හමුදා රාජ්‍යයට….. දිවයිනටම හමුදා බලඇණී… මේ ඇරඹෙන්නේ Gota’s War සමයයි…

Published on: Nov 23, 2019 – ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

ඒ පිළිබඳව බලය පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව රටේ මහජන් ආරක්ෂාව පවත්වා ගෙන යාමට කැඳවා තිබෙනවා.

එම ගැසට් නිවේදනයේ දෙවන උපලේඛනය අනුව ත්‍රිවිධ හමුදාව විසින් නීතිය හා සාමය පවත්වා ගෙන යා යුතු දිස්ත්‍රික් හා බල ප්‍රදේශ නම් කොට තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම දිස්ත්‍රික්ක හා එම ප්‍රදේශ වලට අයත් භූමියට අදාළ ජල තීරුව, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව ආදි වශයෙන් මුළු දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මෙලෙස ත්‍රිවිධ හමුදාව විසින් නීතිය හා සාමය පවත්වාගෙන යනු ඇත.

ඕනෑම රටක හමුදාව විසින් රටේ නීතිය හා සාමය මහජන ආරක්ෂාව පවත්වා ගෙන යන්නේ නම් එතැන සිවිල් නීතිය අදාළ නොවන බව අපි දනිමු. මෙතැන් පටන් සමස්ථ දිවයිනේම සෝදිසි කිරීම් සඳහා සෝදිසි වරෙන්තු අවශ්‍ය නොවනු ඇත. අත්තඩංගුවට ගැනීම සඳහා ද වරෙන්තු අවශ්‍ය නොවනු ඇත. හමුදාවට ඕනෑම පුද්ගලයෙකු ග්‍රහනය කිරීමට හා සෝදිසි කිරීමට නීතියෙන්ම බලය ඇති අතර ඔවුන් කළ යුත්තේ එලෙස ග්‍රහනයට ගන්නා පුද්ගලයා පසුව පොලිසිය ට භාර දීම පමණි.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම තීරණය සමඟ නැවතත් රට පුරා හමුදා මාර්ග බාධක පවා ඇති වනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමේ අරමුණ කවරක් වූවද ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිය වැඩිමහල් සොහොයුරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පත් කොට ඇති විටක, රටේ හදිසි තත්ත්වයක් නොමැති අවස්ථාව මේ සිදු කොට ඇත්තේ ආරක්ෂක අමාත්‍යධූරයේ බලතල සියතට ගැනීමකි.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය අනුව ජනාධිපතිවරයාට තමා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් නොවි, ආරක්ෂක අමාත්‍යවරයෙකුද පත් නොකොට ආරක්ෂක අමාත්‍යධූරයේ කටයුතු කළ හැකි වූවද මෙහිදිතත්ත්වය වෙනස් වන්නේ මහින්ද රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කොට තිබීම නිසාය. ඒ අනුව මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය උල්ලංඝනය කිරීමක් ලෙස පැහැදිළි කළ හැකිය.

ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් නිවේදනය,

Top