LNN SPY

තනතුරු දෙන්න හදපු කමිටුව නිසා නෙලුම් මාවත පත්තු වෙයි… කමිටුවේ දෙන්නෙක්ම UNP… ශ්‍රිලනිපය මහ මැතිවරණය වනතුරු ඇගිලි ගනීයි…

Published on: Nov 25, 2019- රජයේ ආයතනවල සභාපති අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා සුදුස්සන් නිර්දේශ කිරීම සදහා ගෝඨාභය රාජපක්ෂ විසින් නම්කල සිව් පුද්ගල කමිටුව පිළිබඳව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් මේ වනවිට කලකිරීමට ලක්ව සිටින බව බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටු කාර්‍යාලයේ ප්‍රබලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග පවසා තිබේ.

රාජපක්ෂ පත්කල කමිටුවේ සාමාජිකයන් ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති සුසන්ත රත්නායක, මාස් හෝල්ඩින් සමූහයේ හිටපු සභාපති ඩයන් ගෝමස් යන පත් කර තිබේ.

සුසන්ත රත්නායක සහ ඩයන් ගෝමස් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ ප්‍රබලයන් දෙදෙනෙකු විම මෙම කලකිටිමට මුලික හේතුව වි තිබේ. ඊට අමතරව ගෝඨාභය ජනපති විමට පෙර ජනාධිපති ලේකම් සේ තැන තැන පෙනී සිටි නාලක ගොඩහේවා සම්පූර්ණයෙන්ම තමන්ට කැමති අය පමණක් තොරා ගැනිමේ පදනමක සිටින බවයි පොහොට්ටු ප්‍රබලයා සදහන් කර ඇත්තේ.

ශ්‍රිලනීප අර්බුදය…

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වනවිට බරපතල අර්බුදයකට මුහුණ දි සිටින බව වාර්තා වේ.මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයෙ සවස පවත්වා තිබේ.

අපේක්ෂිත බලයක් අලුත් ආණ්ඩුව තුල නොලැබිම සහ ජනාධිපතිවරණයට පෙර දුන් ප්‍රබලම පොරොන්දුව වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරිමත් ඔහුට උචිත අමාත්‍යංශයක් ලබාදිමද සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු සාකච්ඡාවක් රාජපක්ෂලාගෙන් සිදු නොවිම පිළිබඳව මෙහිදි පුලුල්ව සාකච්ඡා කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවිම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ ඡන්ද පදනම බලපැ බව මේ වනවිට පිළිනොගන්නා තත්වයකට පත්ව ඇති බව මෙහිදි මහින්ද අමරවිර පෙන්වා දි තිබේ.

“මම මේ ප්‍රශ්ණ ගැන කතා කළා නමුත් වැඩක් උනේ නෑ…. දැන් එයාලා කියන්නෙ කොහොමත් ගෝඨාභය දිනනවා … එකට අනිත් පක්ෂ වල ලෝකු බලපෑමක් තිබුනේ නෑ කියන කතාවයි…..” යනුවෙන් මහින්ද අමරවිර පවසා තිබේ.

මාස 4කින් පමණ මහ මැතිවරණයකට මුහුණ දිමට සිදුවන බැවින් තවදුරටත් ඉවසිමෙන් යුතුව කටයුතු කලයුතු බව මෛත්‍රීපාල සිරිසේන මෙහිදි පෙන්වා දි තිබේ.

Top