LNN SPY

විරුවා…විරුවා…. කිව්වාට සරමටත් බයයි…. මනෝජ් රාජපක්ෂගේ මුල්‍ය වංචා තොරතුරු ජනතාවට යෑම නතර කිරිමට රංජන් අල්ලන් යයි…ෂර්මි කුමාරි සමග සැතපෙන්න ගියේ කවුද? .. පොලිසියටත් අභියෝගයක්!

Published on: Jan 5, 2020 –හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවස ඊයේ (4 ) පැය ගණනක් සොදිසි කර පසුව බලපත්‍ර නැති පිස්තෝලයක් තබාගත් වරදට අත්තඩංගුවට ගත්තද එම සොදිසියෙ අරමුණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පුත් මනොජ් රාජපක්ෂගේ මුල්‍ය වංචාවකට අදාල ලිපි ලේඛන මන්ත්‍රීවරයා සතුව ඇති බවට ලැබුනු තොරතුරකට අනුව සිදුකරන ලද්දක් බව මේ වනවිට අනාවරණය වි ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බයියන්ට අනුව ගෝඨාභය විරයෙකු වුවද ඇත්තටම ගෝඨා යනු සරමටත් බයවන බියගුල්ලෙකු බව මේ වනවිට ඔප්පුකරමින් සිටින අතර මනොජ් රාජපක්ෂගේ මෙන්ම රාජපක්ෂ පරම්පරාවේ හොරකම්,මැරකම්,දුෂණ,ඩීල් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අඩංගු ෆ්යිල් මෙම සෝදිසියෙන් පසුව රැගෙන ගොස් ඇති අතර එම ලේඛන රටේ ආරක්ෂාවට තර්ජනයක් යැයි මතයක් සමාජය තුල මවාපාමින් ඒ තොරතුරු සියල්ල විනාශ කර දැමීම ඔවුන්ගේ අරමුණ වි ඇති බවයි වාර්තා වන්නේ.

රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සෝදිසි කිරීම සදහා රැගෙන ගොස් තිබේ.

2012 ජුලි සිට 2014 අගෝස්තු ජනපති පුත් කල මුල්‍ය වංචාව ……

2015 දී යහපාලනාය රජය පිහිටුවා රනිල් -මෛත්‍රී සුසංයෝගය ආරම්භ කල රාජපක්ෂ දඩයම් මන්දිරය හේවත් FCIDය(පොලිසිය මූල්‍ය අපරාධ විමර්ශන අංශය) ටික කලක රාජපක්ෂ යුගයේ දූෂණ හා මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය මහජනයාට පෙන්වා පසුව එය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් භාවිතා කල බව නොරහසකි.

පොලිසිය මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) අපරාධ පසුපස යෑමට ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ 2012 ජුලි සිට 2014 අගෝස්තු දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂගේ දමින්ද මනෝජ් රාජපක්ෂ අවස්ථා කිහිපයකදීම, ශ්‍රී ලංකාවේ සිට එක්සත් ජනපදයට ගොස්, ඇමරිකානු ඩොලර් සියයක බිල්වලින් හරියටම ඇමරිකානු ඩොලර් 20,000 ක මුදලක් ඔහු සමඟ ගෙන ආ බව ඇමරිකනු රහස් ඔත්තු සේවා රජයේ මැදිහත් විම මත අනාවරණය කර තිබේ.

සංචාර හයකදි රාජපක්ෂ පුතු විසින් ඇමරිකානු ඩොලර් 120,000 ක් එනම් රු. මිලියන 15.6 ක් ශ්‍රී ලංකාවෙන් සහ ඔහුගේ මව් රට වන ඇමරිකාවට රැගෙන ගොස් තිබෙන බව ඩොලර් 10,000 කට වඩා වැඩි මුදලකින් යමෙකු ඇමරිකාවට මුදල් ගෙන එන විට ප්‍රකාශ කිරීම සඳහා මෙම මුදල්, ජාත්‍යන්තර මුදල් හෝ මූල්‍ය උපකරණ ප්‍රවාහනය පිළිබඳ වාර්තා (CMIR)හරහා තහවුරු කර තිබේ.

මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 27 වන වගන්තියෙන් ඩොලර් 10,000 ට වැඩි මුදල් හෝ ඒ හා සමාන උපකරණ සහිත ශ්‍රී ලංකාවට ඇතුළු වන හෝ පිටවන ඕනෑම පුද්ගලයෙකුට රේගු නිලධාරියෙකුට මුදල් ප්‍රකාශ කිරීම අවශ්‍ය වේ. සෑම අවස්ථාවකම ප්‍රකාශ කිරීමට හෝ අසත්‍ය ප්‍රකාශයක් කිරීමට අපොහොසත් වීමෙන් වසරක සිර දඩුවමක් නියම වේ. මුදල් විශුද්ධිකරණය කළේ නම්, එම සිර ද දඩුවමද වසර විස්සක් දක්වා ඉහළ යා හැකිය.

මනෝජ් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ රේගු ප්‍රකාශ නිකුත් කර තිබේද නැද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා ඇමරිකානුවන් යෝජනා කළ අතර ඉන් අනතුරුව එෆ්.සී.අයි.ඩී. හෝ මහ බැංකු මූල්‍ය බුද්ධි අංශය එම තොරතුරු ශ්‍රී ලංකාවේ අරමුදල් ප්‍රභවය විමර්ශනය කිරීමට යොදා ගනී. කෙසේවෙතත් අදාළ සාක්ෂි සහිත ලිපිගොනුව අද දක්වාම පරික්ෂණ සදහා භාජනය නොවු අතර රාජපක්ෂ පුත්‍රයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ මේ දක්වා පරික්ෂණ සිදුකර නෑ.තත්ත්වයමෙසේ තිබියදි අදාළ ලිපි ලේඛන සියල්ලම දුෂණයට එරෙහිව නිරන්තරයෙන් හඩනගන රංජන් රාමනයකගේ අතට පත්කර ඇති අතර ඔහු ඉදිරි දිනකිහිපය තුලදි ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අනාවරණයක් කිරිමට සුදානමින් සිටි බවයි වාර්තා වන්නේ.

ගෝඨාගේ පොලිසියට අභියෝගයක්!

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාලගේ නීති විරෝධී සූදුව වහාම අල්ලනු… මෙන්න තොරතුරු…

අංක: 267, ගාලුපාර, කොළඔ 03 යන ලිපිනයේ මුලස්ථානය පිහිටි Sporting Times ආයතනය සහ මෙරට අමාත්‍යවරයෙකුගේ පවුලකට අයත් Sporting star ආයතනය හා Leisure Sport ආයතන සතුව රටපුරා සුදු මධ්‍යස්ථාන 412 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවත්වාගෙන යනු ලබයි. 1930 අංක 9, 1930 අංක 29 හා 1943 අංක 55 දරණ සූදු ආඥාපනත අනුව සජීවි අශ්වරේස් සදහා ඔට්ටු ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානවලට බලය ලැබී තිබුනද වර්තමානයේ මෙම සමාගම මෙම සූදු මධ්‍යස්ථානවලදී ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව සහ වෙනත් ක්‍රීඩා සදහා ඔට්ටු ලබා ගැනීම සිදු කරනු ලබන අතර පරිගණක මෘදුකාංගයක් මගින් සාදන ලද (Animation) සජීවී නොවන අශ්ව සහ සුනඛ රේස් සදහාද ඔට්ටු ලබා ගැනීම සිදුකරනු ලබයි(TRUCK SIDE) එසේ ඔට්ටු ලබා ගැනීම නීතිවිරෝධීවේ ඉහතතින් අප පෙන්වා දුන් මධ්‍යස්ථාන පොලීසිය විසින් වටලන තෙක් අප සංවිධානය
දෑස් දල්වා බලා සිටිමු.

ස්තුතියි,
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

ෂර්මි කුමාරි සමග සැතපෙන්න ගියේ කවුද?

එජාප මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පරික්ෂා කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය යයි කියවෙන DVD පට අතර අන්තර්ජාලය ඔස්සේ ආන්දෝලනාත්මක වීඩියෝමුදාහරිමින් සිටි ෂර්මි කුමාරි නම් කාන්තාව විසින් ලබාදී ඇතැයි සැක කෙරෙන DVD පට කිහිපයක් ද තිබුන බවට සැලවීමත් සමග විවිධ ක්ෂේත්‍රවල ප්‍රබලයින් රැසක් බලවත් සේ කලබලයට පත්ව සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වන බව theleader.lk වෙබ් අඩවිය වාර්තාකර තිබේ.

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයෙකු එවකට විපක්ෂයේ සිටියදි ෂර්මි කුමාරි සමග ලිංගික ක්‍රියාකාරම් කිරිමට මුදල් දි ලබාගෙන ඇති නමුත් ඔහුගේ අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් වලට විරෝධය දක්වමින් අවසන් මොහොතේ ඇය දේශපාලඥයව ප්‍රතික්ෂ්ප කර තිබේ. පසුව ආණ්ඩුව පත්වු වහාම දෙසැම්බර් 02 වැනිදා ඇය අත්තඩංගුවට ගැනිමට පොලිසියට බලකර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.(තොරතුරු බලාපොරොත්තු වන්න )

Loading…


Top