Political

රාජපක්ෂලාගේ 70 පැන්න මැන්ටලයක් ටෙලිකොම් සභාපති කමට! රනිල්ගේ ඥාති සහෝදරී,දිලිත්ගේ සමීප මිතුරිය ඉෂිනි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්…ගෝඨාට ගුවන් ටිකට්පත් දුන් ධර්මදාස ගුවන් සේවා අධිකාරියේ සභාපති..මාස 02යි ගෝඨා Fail!!!

Published on: Jan 17, 2020 – සියලූම සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල ජනවාරි 06ට පෙර ඉවත් වන ලෙස ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කළද එම හිස්තැන් පිරවීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නොතිබුන බැවින් පසුගිය මාස 02 තුළම ආණ්ඩුව අකාර්යක්ෂමයි වගේම අසාර්ථක වි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පෙන්ව දෙනවා.අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා රාජපක්ෂ පාලනයෙ කුප්‍රකට දුෂණ රැසක් අනාවරණය කළා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වී අද (16) දිනට මාස දෙකක් ගත වී තිබෙනවා. එසේ වුවත් රාජ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයකට අදාළ පත්කිරීම් සිදුකර නැහැ. ප‍්‍රධාන ගණයේ ලා සැලකෙන සංස්ථා. මණ්ඩල, අධිකාරි ආදී රාජ්‍ය ආයතන 238කුත් තවත් රාජ්‍ය ආයතන දෙසිය ගණනකුත් වශයෙන් පන්සිය ගණනක් තිබෙනවා. මේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම්වලට අදාළ බරපතළ ගැටලූ සහගතභාවයක් දකින්නට තිබෙනවා. පළමුවැන්න ආණ්ඩුව පත්වී මාස 02ක් ගතවී තිබියෙදීත් පත්වීම් සිදුකිරීමට ආණ්ඩුව අසමත් වීමයි. දෙවැන්න දේශපාලන හිතවතුන් පත්කිරීමේ ක‍්‍රියාවලියයි. තෙවැන්න ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ ඥාතීන් පත් කිරීමක් සිදුව තිබීමයි. සිව්වැන්න දුෂණ චෝදනා ලැබූ පුද්ගලයින්, ඒ නිසා අධිකරණයෙන් ඇපපිට සිටින පුද්ගලයින් රජයේ ඉහළම තනතුරුවල සිට පත්වීම් ලැබීමයි. කිසිදු සුදුසුකමක් පලපුරුද්දක් නොමැති පුද්ගලයින් එම තනතුරුවලට පත් කිරීම පස්වැනි කරුණයි. මෙම කරුණු පහම වර්තමාන දෙවැනි රාජපක්ෂ පාලනය තුළ රාජ්‍ය ආයතන කළමනාකරණයේ ගැටලූ ලෙස දැකිය හැකියි.

මේ ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරක සමයේ විධිමත්, විද්වත්, සුදුසුකම් ඇති පුද්ගලයින් මෙම තනතුරුවලට පත්කරන බව ජනතාවට පැහැදිලිව ප‍්‍රකාශ කළා. එම සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම්වලදී විශේෂඥ කමිටුවක් මගින් තෝරාගැනීම් සිදුකරන බව ඔවුන් කිවුවා. පෞද්ගලික අංශයේ දෙදෙනෙකුත් පළමු රාජපක්ෂ පාලනයට සම්බන්ධව සිටි පුද්ගලයින් දෙදෙනෙකුත් වශයෙන් තෝරාගැනීමේ කමිටුව සමන්විතව තිබෙනවා. මෙම රාජ්‍ය අංශයට සම්බන්ධ දෙදෙනා බරපතළ දුෂණෂණ චෝදනා ලැබූවන්. එක් අයෙක් නඩු තිබෙන කෙනෙක්. අනෙක් කෙනා අධිකරණයෙන් වරදකරුකරනු ලැබූවෙක්. එක් අයෙක් ලලිත් වීරතුංග මහතා අනෙක් පුද්ගලයා නාලක ගොඩහේවා මහතායි. තෝරාගැනීමේ කමිටුවම හොරාගෙ අම්මගෙන් පේන අහන මට්ටමකයි තිබෙන්නේ. නමුත් ජනතාව තුළ යම් විශ්වාසයක් තිබුණා, පත්කිරීම් නිවැරදි ලෙස සිදුකරන්නට උත්සාහයක් දරාවිය කියලා.

නමුත් දැන් ජනතාවට පෙනෙන්නට තිබෙන්නේ සම්පූර්ණ වෙනස් තත්වයක්. ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක් පාඩු ලබන, අකාර්යක්ෂම ආයතන වී තිබෙනවා. මීට ප‍්‍රධාන හේතුව තිබෙන්නේ දේශපාලන හිතවත්කම් මත දුෂිත පුද්ගලයින් ඒවාට පත්කිරීමයි. පළමු රාජපක්ෂ පාලනය තුළත් රනිල් මෛත‍්‍රී පාලනය තුළත් ගුවන් සමාගම හා ගුවන් සේවා අධිකාරිය වැනි ආයතනවලට පොදු තත්වයක් වුණා.

ගෝඨාට ගුවන් ටිකට්පත් දුන් ධර්මදාස ගුවන් සේවා අධිකාරියේ සභාපති

වර්තමානයේ ගුවන් සේවා අධිකාරියේ සභාපති වශයෙන් පත්කරනු ලැබ තිබෙන්නේ ධර්මදාස නැමැති පුද්ලයෙක්. ජනාමාධ්‍ය මගින් හෙලිදරව් කර ඇති විදිහට ඔහු සුදුසුකම් ඇති අයෙක් හෝ තේරීම් කමිටුවෙන් තෝරා ගත් අයෙක් නෙමෙයි; ගෝඨාභය මහතාගේ සංචාරවලදී ඔහුට ගුවන් ටිකට්පත් ලබාදුන් පුද්ගලයායි. ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ මාමණ්ඩිය තිලක් වීරසිංහ මහතාත් යෝෂිත රාජපක්ෂ මහතාගේ නැන්දණියත් පක්කරනු ලැබ තිබෙනවා. රාපක්ෂ පවුල පෙරදීත් බූදලයක් ලෙස ගුවන් සමාගම පාවිච්චි කර තිබුණා. දැන් එයම නැවත සිදුවෙමින් තිබෙනවා.

රනිල්ගේ ඥාති සහෝදරී ඉෂිනි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්

ජලසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස නිශාන්ත රණතුංග මහතා පත් කරනු ලැබ තිබෙනවා. ඔහු සීඑස්එන් නාලිකාවට අදාළව, ක‍්‍රිකට් පාලක මණ්ඩලයට අදාළව චෝදනා ලැබූ පුද්ගලයෙක්. මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ධුරයට උපාලි කොඩිකාර මහතා පත් කොට තිබෙනවා. ඔහුට ඇති සුදුසුකම් ගැටලූසහගතයි. දේශපාලන හිතවතුන් නිදසුනක් ලෙස හිටපු අගමැතිවරයාගේ වැඩිමල් සහෝදරයාගේ දුව, ඉෂිනි වික‍්‍රමසිංහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යනය ආසියාවේ පැරණිම එකක්. එය කලෙක සත්වෝද්‍යාන මොඩලයක් ලෙස පාවිච්චි වුණා. ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය ගෝඨාභය මහතාගේ ඡන්ද ව්‍යාපාරය කළා. ඇයට මාධ්‍ය සම්බන්ධ දැනුමක් ඇති. නමුත් ඇයට සත්වෝද්‍යානය සම්බන්ධ දැනුම ගැටලූකාරීයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයට ශෂී වෙල්ගම පත් කර තිබෙනවා. මීට කලින් රාජපක්ෂ පාලනය තුළ ඒ ක්ෂේත‍්‍රය තුළම විවිධ දුෂණ හේතුවෙන් අධිකරණමය ක‍්‍රියාවලට ලක්වී තිබෙනවා.

රාජ්‍යතාන්ත‍්‍රික සේවය සම්බන්ධ කිසිදු සුදුසුකමක් නැති මල්රාජ් සිල්වා

දැනට පුවත්පත්වල දැන්වීම් පළකර තිබෙන්නේ, ජනාධිපතිවරයා විසින් ඩුබායි තානාපති ලෙස මල්රාජ් සිල්වා නැමැත්තා පත්කිරීමට නියමිත බවයි. ඔහුට රාජ්‍යතාන්ත‍්‍රික සේවය සම්බන්ධ කිසිදු සුදුසුකමක් නැහැ. මෙය මැදපෙරදිග ප‍්‍රධාන පෙළේ තානාපති කාර්යාලයක්, අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක්. ඒ වෙනුවෙන් පත් කිරීමට යන පුද්ගලයා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ විදේශීය මිලදී ගැනීම් සම්බන්ධ චෝදනාවලට ලක්වී සිටිනවා. ඔහු ලංකාවේ පැවති කිසිදු පරීක්ෂණයකට පැමිණියේ නැහැ. ඔහුට අයත් නිවස ඩොලර් 8000ක මාසික කුලියකට, එනම් රුපියල් ලක්ෂ 14කට පමණ, ලොස්ඇන්ජලීස් ශ‍්‍රී ලංකා කොන්සුලර් කාර්යාලය වෙනුවෙන් ලබාගෙන තිබූ නමුත් එය භාවිත කර තිබුණේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතාට නැවතී සිටීම සඳහායි. ඒ පිළිබඳ පරීක්ෂණවලදී නිවසේ හිමිකරු ලෙස ඔහු සාක්ෂි දිය යුතුව තිබුණා. නමුත් ඔහු කිසිදා මෙහි පැමිණියේ නැහැ.

(ජනවාරි 13 වැනිදා අප මල්රාජ් සම්බන්ධයෙන් අනාවරණය කළා….   ජනතා මුදල් කබාසීනියා කල මල්රාජ්ට තානාපති කමක්! ගෙදර යන ගමන් විනිසුරු වු ඊවා…. ප්‍රංශයට … නාලකට එරෙහිවු නලින්ද සිල්වා මියන්මාරයට!)

රාජපක්ෂලාගේ 70 පැන්න මැන්ටලයක් ටෙලිකොම් සභාපති කමට!

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස පෙර ආණ්ඩුවෙන් පත් කර තිබුණේ ජනාධිපතිවරයාගේ සහෝදරයායි. දැන් ඔහු ඉල්ලා අස්වීමෙන් පසුව රාජපක්ෂ පවුලට හිතවත් ඉතාම වියපත් පුද්ගලයෙක් ඒ සඳහා පත්කිරීමට යනවා. ඔහු සංස්ථා සභාපති ලෙස පත්කිරීමට නියමිත වයස් සීමාව තුළ නැහැ. ටෙලිකොම් වැනි දක්ෂ තරුණ කළමනාකරුවන් පත්විය යුතු ආයතනවලට මෙවැනි අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින් පත්වූවිට එම ආයතන බිඳවැටීම වළක්වාලිය නොහැකියි. දැනටමත් මෙයට එරෙහිව ටෙලිකොම් ඉංජිනේරුවන් විරෝධය පළ කර තිබෙනවා. එහෙත් ආණ්ඩුව විශේෂ අධ්‍යක්ෂ මණ්ඩලයක් කැඳවා එම වැඩි වයස් සීමාව අනුමත කරගැනීමට යන බවට තොරතුරු ලැබී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයාත් අධිකරණවලින් වරදකරු කරන ලද පුද්ගයෙක්. ඔහුට රජයේ තනතුරු දැරිය නොහැකි බවට නියෝග පවා ලබා දී තිබුණා. අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාත් දුෂණ චෝදනා මත ඇප මත සිටින පුද්ගයෙක්. ජනාධිපති කොමිෂන් සභාවල චෝදනාවලට ලක්වූ පුද්ගලයින් ගණනාවක් නැවත තනතුරු සඳහා පත් කරනු ලැබ තිබෙනවා. එසේම ගුවන් තොටුපළ අධිකාරියේ සභාපති ලෙස පත්කරන ලද හිටපු හමුදා නිලධාරියා පළමු රැුස්වීමේදීම තමන්ට ගුන් සේවා ගැන කිසිදු අදහසක් නැතැයි ප‍්‍රකාශ කර තිබුණා. මෙය එහි සේවකයින්ට ලබාදෙන හැඟීම කුමක්ද?

එ.ජා.ප. ආණ්ඩුව තුළ රාජ්‍ය ආයතනවල පාලනය බිඳවැටුනා …

පසුගිය එ.ජා.ප. ආණ්ඩුව තුළ ප‍්‍රධාන ගැටලූව වූයේ පාලනයක් නොතිබීමයි. රාජ්‍ය ආයතනවල පාලනය බිඳවැටී තිබුණා. අවසන් වසරක පමණ කාලයක් අරාජික බවක් දැඩිව තිබුණා; අලූතින් තීන්දු ගත්තේ නැහැ. මැතිවරණ කාලයේත් තීන්දු තීරණ කිසිවක් ගත්තේ නැහැ. පසුගිය මාස 02 තුළත් බොහෝ ආයතනවල තීරණ ගැනුණේ නැහැ. විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, වරාය අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, දැව සංස්ථාව, ගුවන්විදුලිය, රූපවාහිනිය අධ්‍යක්ෂ මණ්ඩල තවමත් පත්කර නැහැ. ඇතැම් තැන්වල සභාපතිවරු පත්කර තිබුණත් අධ්‍යක්ෂ මණ්ඩල නොමැතිව සභාපතිට තීන්දු තීරණ ගත නොහැකියි. මේ තත්වය තුළ තවමත් රාජ්‍ය ආයතන බොහොමයක් අකර්මණ්‍ය වී තිබෙනවා. ධීවර සංස්ථාව, ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය, ඛනිජවැලි සමාගම වැනි ආයතවලට සභාපතිවරුන් පවා තවම පත් කර නැහැ. මාර්තු 01වැනිදායින් පසුව නැවතත් මැතිවරණයක් එනවා. මේ තත්වය තුළ වසරක පමණ කාලයක් මේ ආයතන අකර්මණ්‍ය වී තිබීමට නියමිතයි.

පොහොර ගන්නපගාව දෙන්න වෙලා….

මෙම තත්වය ආයතන තුළ සේවක ගැටලූවල වගේම රටේ ජනතාවට සපයන සේවාවලටත් දැඩිව බලපානවා. නිදසුනක් ලෙස විශාලතම වී වගා කන්නය වන මහ කන්නයට අදාළව විශාල පොහොර හිඟයක් ඇතිවී තිබෙනවා. දැන් ගොවීන්ට නොමිලේ නොව මුදලටවත් මිලදී ගැනීමට පොහොර නැහැ. ගොවීන්ට පොහොර ගැනීමට පගාව දීමට සිදුව තිබෙනවා.

සියලූම සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල ජනවාරි 06ට පෙර ඉවත් වන ලෙස ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කළා. එම හිස්තැන් පිරවීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. පසුගිය මාස 02 තුළම ආණ්ඩුව අකාර්යක්ෂමයි වගේම අසාර්ථකයි. තිබෙන්නේ මාධ්‍යවලින් රට පාලනය කරන තත්වයක්. ප‍්‍රධාන වශයෙන්ම මේ පිළිබඳව අපි රටේ ජනතාවගේ අවධානය යොමු කරනවා.

ඒ වගේම ආණ්ඩුව ජනතාව මුහුණපාන ගැටලූ පිළිබඳව අවධානය යොමු කරන පාර්ලිමේන්තුවේ දින ගණන අවම කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබඳ විවාදය පවා වරු දෙකකට සීමා කළා. ආණ්ඩුව උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව වසා තබා, තමන්ගේ සාක්කුවට දමා ගත් ජනමාධ්‍ය රොත්තේ වාසිය ගනිමින් රටේ ප‍්‍රශ්න හංඟමින් යාමටයි.

කබ්රාල්ගේ කබ්බ වැඩ ….

ඒ වගේම බැඳුම්කර වංචාවට අදාළව අධිකරණමය කටයුතු සඳහා අවශ්‍ය වෝහාරික විගණන වාර්තාව දැන් ලැබී තිබෙනවා. එය 2017 කෝප් කමිටුවේ වගේම ඒ පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශයක්. එය අන්තර්ජාතිකව පිළිගත් විගණන වාර්තාවක්. දැන් මෙය කෝප් කමිටුව වෙත ලැබී තිබෙනවා. පසුගිය රනිල්-මෛත‍්‍රී ආණ්ඩු සමයේදී බැඳුම්කර වංචාවට අදාළ කෝප් කමිටුවට උපරිම උත්සාහ කළා. වෝහාරික වාර්තාව පැමිණියේ ඒ බාධා මැඩගනිමින් ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාවේ නිර්දේශයක් අනුවයි. ඒ කාලයේ පාර්ලිමේන්තුව දෙවනත් වන්නට කෑ ගසමින් සිටි පුද්ගලයින් අද ආණ්ඩුවේ සිටිනවා. ඒත් ඔවුන් ඒ පරීක්ෂණ ගැන නිහඩයි. එවගේම රාජපක්ෂ පාලනයේ ඇතැමුන් මේ වාර්තාවට පවා විරෝධය පළ කරමින් සිටිනවා. අග‍්‍රාමාත්‍ය උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මේ වාර්තාවට එරෙහිව අදහස් දක්මින් සිටිනවා. ඔහු එම වාර්තාව කියෙව්වේ කොහොමද? වර්තමාන නීතිපතිවරයා එවකට සොලිසිටර් ජනරාල්වරයා ලෙස බැඳුම්කර කොමිසමේ සාක්ෂි දුන්නා. ඒවා ජනමාධ්‍යවල ප‍්‍රසිද්ධ වුණා. එවකට ඔහු එම සාක්ෂි විමසීම හානියක් ලෙස දැක්කේ නැහැ. අද ඔහු එම වාර්තාව මන්ත‍්‍රීවරුන්ට ලබා නොදෙන ලෙසට කථානායකට ඉල්ලීම් කරනවා. අප සිතන්නේ මේ වාර්තාව යට ගසන්නට හදන්නේ, බැඳුම්කර හොරුත් ඊට කලින් හොරුත් මේ වාර්තාවෙන් අහුවී ඇති නිසා විය යුතුයි.

අපි කථානායකතුමාට කියනවා වහාම මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. එළඹෙන 21 දින අපි මන්ත‍්‍රීවරුන් 06දෙනාම කථානායක හමුවී මේ පිළිබඳ ලිඛිත ඉල්ලීමක් කිරීමට බලපොරොත්තු වෙනවා.

වතු කම්කරුවන්ට දුන් ඡන්ද ගුණ්ඩුව

ඒ වගේම වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට නියමිත බවට පුවත් පළවෙමින් තිබෙනවා. මෙය වතු කම්කරුවන්, වෘත්තීය සමිති විසින් ගෙන ගිය අරගලයක්. මෙය ජනාධිපතිවරයාට නියෝගයක් මගින් කළ නොහැකියි. ඒ නිසා මෙම රුපියල් 250ක් වැඩිපුර ලබාදෙන්නේ කෙසේදැයි ආණ්ඩුව පැහැදිලි අදහසක් ප‍්‍රකාශ කළ යුතුයි. නොඑසේනම් මෙය පැහැදිලි ඡන්ද ගුණ්ඩුවක්. මෙය කිරීම සඳහා වතු සමාගම් එකඟ විය යුතුයි. මසකට අමතරව මිලියන 37.5ක් වැය වෙනවා. ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක් මේ පිළිබඳව අදහස් දෙකක් කියනවා අපි දුටුවා. රමේෂ් පතිරණ ඇමතිවරයා සමාගම්වලට බදු සහන ලබා දීමෙන් මෙම මුදල ලබාදෙන බව කිවුවා. අලූත්ගමගේ ඇමතිවරයා කියනවා, තේ මණ්ඩලය මගින් ගන්නා ණයක් මගින් මෙම මුදල කම්කරුවන්ට ලබා දෙනවා කියලා. මේ වැටුප් වැඩිවීම අපේ්‍්‍රල් මාසයේ ලැබීමට නියමිත බැවින් එය ඡුන්ද ගුණ්ඩුවක් වීමට ඇති ඉඩ වැඩියි. එක නිශ්චිත අදහසක් කියන ලෙසත් මේ පීඩාවට පත් කම්කරු ජනතාව රැුවටීමට ලක් නොකරන ලෙසත් අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

ආණ්ඩුව කියනවා ඊළඟ මැතිවරණයේදී 2/3ක බලයක් ලබාදෙන්න ජනතාවට සහන දෙන්න කියලා.
කිතුල් ගහට නැගපු මිනිහාටත් කියන්න දෙයක් තිබුණලූ. ආණ්ඩුවත් ඒ වගේ තමයි. මීට කලින් තිබුණ බොහොමක් ආණ්ඩුවලට 2/3කේ බලයක් තිබුුණේ නැහැ. නමුත් මීට පෙර පැවැති රාජපක්ෂ පාලනය තුනෙන් දෙකේ බලයක් හදාගත්තා. නමුත් ඒකෙන් වුනේ ගොඩක් ආයතන කඩාවැටුණ එකයි. මොකද අධික බලය අධික දුෂණය ඇතිකරනවා. තමන් හදාගත්ත බලය උපයෝගි කරගෙන ගොඩක් ආයතන දුෂිත තත්වයට පත්කරන්න රාජපක්ෂ පාලනය කටයුතු කළා. ගොඩක් ආයතන පාලනය කරන්නේ පනත් මගින්. හොඳ පනත් සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකා ඉදිරිපත් කරලා සම්මත කරගන්න පුළුවන්. ඒ මගින් වැඩ කරන්න ආණ්ඩුවට පුළුවන්. 2/3කේ බලයක් අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන වගේ කාරණාවලට. ජනතාවට පොහොර සහනාධාර දෙන්න වගේ කාරණාවලට ආණ්ඩුවට තුනෙන් දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව කරන්නේ ජනතාව මුලා කරන වැඩක්. මේ ආණ්ඩුව පත්වුණු දවසේ ඉඳලා ජනතාවට කෝචොක් කරන එක තමයි කරන්නේ. ඇත්තටම ආණ්ඩුව තමන්ගේ බැරිකම වහගන්න 2/3කේ බලය ගැන කතා කරන්නේ.

රන්ජන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජවිපෙ ඒ සම්බන්ධයෙන් අදහස මොකක්ද?

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම හා අධිකරණ ක‍්‍රියාවලිය පිළිබද අදහසක් කියන්න බැහැ. නමුත් රන්ජන්ගේ හ`ඩපට සම්බන්ධයෙන් පැති දෙකක් තිබෙනවා. එකක් තමයි රන්ජන් රාමනායක මහතා වැරදි සදාචාර විරෝධී ක‍්‍රියාවලියක් අනුගමනය කරලා තිබෙනවා. එය වැඩිහිටි වගකිවයුතු පුරවැසියෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි දෙයක්. ඒ මගින් මානව සම්බන්ධතා ඇති කර ගැනීම හා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් බරපතල ගැටලූ ගණනාවක් මතුවෙනවා. අනෙක් පැත්තෙන් රන්ජන් රාමනායක මහතාගේ ක‍්‍රියාවලියෙන් අපේ රටේ ඇත්ත තත්වය හෙළිදරව් වෙලා තිබෙනවා. මේ මගින් දේශපාලනයේ මුදුන්වල, මාධ්‍ය ආයතනවල මුදුන්වල, ඉහළ නිලධාරී මුදුන්වල, අධිකරණ ක්‍ෂේත‍්‍රයේ මුදුන්වල, ආගමික ආයතනවල මුදුන්වල ¥ෂණයට ලක්වෙලා තිබෙන තැන් හෙළිදරව් වෙලා තිබෙනවා. මේ රට වසාගෙන තිබෙන බොරුව හෙලිදරව් වෙලා තිබෙනවා. ඉහළ මුදුන්වල තිබෙන කැත වසාගෙන තිබෙන සමාජයක් මේක. ඒ නිසා රන්ජන් රාමනායක මහතා අනුගමනය කළේ වැරදි සදාචාර විරෝධී ක‍්‍රමවේදයක් වුනත් සමාජයේ කැත හෙළිදරව් වීම හොඳ දෙයක්. සදාචාරසම්පන්න ක‍්‍රමවේදයක් සහ ජනතා ව්‍යාපාරයක් මගින් මේ දේ කළානම් හොඳයි. ලෝකයේ එවැනි වීරයෝ ඉන්නවා තමන්ගේ අරගලය සදාචාරසම්පන්න විදියට කරපු. විකිලීක්ස් වැනි හෙළිදරව්කිරීමක් කළ අසාන්ජේ, එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවිරෝධී උල්ලංඝනයන් හෙළිදරව් කළ එඞ්වඞ් ස්නෝඩන් වැනි පුද්ගලයින් ජීවිත තර්ජනයන් පවා නොසලකා එවැනි දේ ලෝකයට හෙළිදරව් කළා. කොහොම නමුත් රන්ජන් රාමනායක කළේ සදාචාර විරෝධී දෙයක් වුවත් ලාංකේය සමාජය වසාගෙන සිටි කැත පේන්න පටන් අරගෙන තිබෙනවා. අපි යෝජනා කරන්නෙත් මේ හ`ඩපට තෝර තෝරා විකාශය නොකර වගකිවයුතු ආයතනයක් හරහා සියල්ල ප‍්‍රචාරය කරන්න. එතකොට සුදු රෙදිවලින්, ජාතික ඇඳුම්වලින්, සාටකවලින් වසාගෙන ඉන්න කුණු හෙළිදරව් වෙයි.

ජවිපෙ නායකයින්ගේත් හ`ඩපට එළියට එයි කියලා ඔබතුමාලා බයයිද?

අපි දේශපාලනය කරනකොට දේශපාලඥයින් සමග කතා කරන්න සිදුවෙනවා. මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ කියන ඕනෑම පුද්ගලයෙක් සමඟ අපිට දේශපාලනයේදී කතා කරන්න සිදුවෙනවා. නමුත් අපි කියනවා ඕන තරම් හ`ඩපට එලියට ආවත් අපි බයවෙන්නේ නැහැ. මොකද අපිට විශ්වාසයක් තියෙනවා මොන හ`ඩපටවල වුනත් දේශපාලන ඞීල් ගැන අපි කතා කරලා නැහැ. ඒ නිසයි අපි කියන්නේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැනි වගකිව යුතු ආයතනයක් මගින් මේවා සියල්ල ප‍්‍රචාරය කරන්න. නැත්නම් මහජන පුස්තකාලයේ තබන්න. එතකොට ජනතාවට ඇත්ත දැනගන්න පුළුවන්. තෝර තෝරා විකාශය කිරීම නොකළ යුතුයි.

Top