Anonymous Reporter

මේ වසලයත් ඒ වසලයත් හැර තවත් වසලයන් සිටිද?

තමන්ගේ පක්ෂයේ එවුන් පාතාල නායකයන් සමග නිදිවදිමින් අසරණ ජනතාව බිල්ලට දෙන්න හදන බව නොපේනෙන  30 අවුරුද්දක් තිස්සේ තිබුන යුද්ධය ගැන අනාවැකියක් තියා වෙනදේ වත් නොදැන යුධ කාලයේ  හෙණරාජ තෛලය කියලා තෙලක් විකුණුවා. සුරයක දාලා බෙල්ලේ දාගත්තහම වෙඩි වදින්නේ නැහැ කියලා ජනතාව ගොනාට ඇන්දු රනිල්ගේ සල්ලි වලින් ආතල් ගන්නා හිවල් ජ්‍යෙතීර්වේදී යෝගී සුජිත් නිශාන්ත නම් සටකපටි ව්‍යාපාරිකයා ද අද ටොම් පචයක් ඇද බා තිබේ.

ප්‍රශ්ණය තිබෙන්නේ කහපාටට හුරු මොකක් හෝ රෙදි කැබැල්ලක් ඇගේ ලාගත් පසු ඔහුන්ට රැවටෙන ජනතාවක් සිටින බව ඔහුන් විස්වාසය කිරිමයි.නමුත් සත්‍යනම් එය නොවේ මන්ද ඔය වගේ ගොන් ගොජබ්බයන්ගෙන් කතාවලට රැවටීමට හසුවන්නේ රට ගැන කැක්කුමක් නැතිව තවත් එකෙකුට විනයක් කරන්න උත්සහ දරණ එකෙකු පමණි.

එළැඹෙන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි ඡන්ද බලයක් ලැබෙන බවත් පාර්ලිමේන්තුවේ ආසනයක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් මේ රනිල්ගේ බත්බැලයා සදහන් කර තිබේ.

මෙහි ඇති විශේෂත්වයනම් ඔහු ඔහුගේ කතාව ආරම්භ කරමින් කියා සිටින්නේ තමන් විමුක්තිය සොයා යන අයෙකු බවයි….සමහර විට මේ ගොන් ගොජබ්බයා “විමුක්තිය” යන වචනයේ තෙරුම කිසිදිනක අසා නැතිවන්නට පුලුවන.අනික විමුක්තිය සොයාගිය බොහෝ දේනෙකු අද රනිල්ගේ බත්බැලයන් විම අනුව එජාපයට කඩේ යන වග හැදින්විමට භාවිතාකරන අනෙක් නම  විමුක්තිය වන්නටද බැරි නැත.මන්ද රතනලා…පාඨ්ළීලා නිවන් යන්නටද තොරාගත් මග ඒ මග නිසා විය හැක.

මිට අමතරව පඩත්තල රුවන් විජේවර්ධනගේ මඩ පුවත්පතව් න ලංකාදිප ගැනද යමක් කිවයුතුය මේ වනවිට ලංකාදීප හරහා හොර ජ්‍යෙතීර්වේදී දෙදෙනෙකුගේ හිවල් කතා එලිදැක්වු අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයේ ( ග්‍රීන් බ්ල්ඩ් ) සම සභාපති කේ ඒ යූ සරත්චන්‍ද්‍ර කල අනාවරණය හැර මේ දක්වා රටේ නමගත් ජ්‍යෙතීර්වේදීන් යැවු කිසිදු නිවේදනයක් ඔහුන් පලකර නෑ.“වසලයන්ගේ” බස් කම්බස් කරමු!

නමුත් ජනතාව ගොනාට ඇන්දවිම සදහා පමණක් එජාප ගූ පුවත් පත වන ලංකාදිප පුවත් පත පහත වාක්‍ය සදහන් කර තිබේ.

(විශේෂ – ඕනෑම ජ්‍යෝතීර්වේදියකුට තම අනාවැකි පළ කළ හැකි බව සලකන්න. ඔබේ අනාවැකිය ඔබේ දුරකතන අංකය ද සමග අපේ විද්‍යුත් ලිපිනයට එවන්න. esana.editor@gmail.com. නැත්නම් ෆැක්ස් කරන්න. (ලංකාදීප වෙබ් අඩවිය සඳහා යැයි පිටුවේ ඉහළින් ලියන්න) 011 24 79 245)

අවසාන වශයෙන් එකක් පමණක් කිවයුතුය න්දය කියන්නේ මිනිස්සු ළඟ තිබෙන දෙයක් ඒ ඡන්දයෙන් අගෝස්තු 17 වැනිදා දිනන්නේ මේ මවුබිමයි…එය එකාන්තයෙන්ම සිදුවන දෙයක් බව අද වන විට සහතික කර අවසන් මවුබිමේ ජයග්‍රහණය යනු මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයයි.

Top