විශේෂාංග

යහපාලන වෙස් ගත් වෛරය හා පලිගැනීම

මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විවිධ අවලාද නගූ පිරිස් (යහපාලනයේ පුරෝගාමීන්) බේද බින්න වීමට පටන්ගෙන තිබේ. ජනවාරි 8 වෙනිදාට ප්‍රථම වෛරය මුල් කරගෙන ඔවුන් බොහෝ දෙන රාජපක්ෂ මහතාට එරෙහිව එක් වී සිටියහ. එම පිරිස තමන් තුල වූ වෛරය බහුතර ජනතාවක් වෙත පතුරුවා ලුහ. ඒ සඳහා බාවිතා කළ උපක්‍රමය වූයේ විවිධ බොරු චෝදනා ඉදිරිපත් කර ඒවා ජනතාව තුල ක්‍රමයෙන් තහවුරු කිරීමයි. සිංහල බෞද්ධයන් ප්‍රාණඝාතයටත් වඩා හොරකම් කිරීම පිළිකුල් සහගත දෙයක් ලෙස සලකන බවක් පෙනෙයි. ඒ නිසා දෝ ධර්මපාල තුමාට හා සිරිමාවෝ මැතිනියට “හොරා “ යනුවෙන් චෝදනා කිරීමෙන් සතුරෝ සාර්ථක ප්‍රතිපල ලබාගත්හ. රාජපක්ෂ මහතාට ද හොරා යැයි චෝදනා කෙරිණි. අධිවේගී මාර්ග වලින් ගසාකෑ බවත්, විශාල ව්‍යපෘති වලින් දුෂිත ලෙස මුදල් ගසා කා රජපවුලක් ලෙස වැජබුන බවත්, මුළු රටම මහා ණය උගුලක සිරකර ඇති බවත්, සහගහන බදු ජනතාව මත පටවා ඇති බවත්, හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොට වැනි වැඩකට නැති ව්‍යපෘති සඳහා මහජන මුදල් නාස්ති කළබවත් චෝදනා කෙරිණි. මෙ කතා ඇත්ත යැයි සීතා සිරිසේන මයාට චන්දය දුන් ඇතැමුන් අලුත් ආණ්ඩුව මෙම කරුණු ගැන සොයා බලා ඇත්ත තත්වය එලිකරනු ඇතැයි සිතුහ. එවිට තම අනුමානය නිවැරදි යැයි හා රට වෙනුවෙන් නිවැරදි දේ කළේ යැයි ඔවුන්ට සතුටු වීමට හැකියාවක් තිබිණි.

නමුත් චන්ද දායකයින්ගේ අවාසනාවට යහපාලනයේ පුරෝගාමීන් තම වයිරය ඇතිකරගෙන තිබුණේ ඉහත කී දුෂණ හා වෙනත් කාරනා නිසා නොවේ. ඔවුන්ගේ ප්‍රශ්නය රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ කම හා රටේ ස්වයිරී බව වෙනුවෙන් පෙනී සිටීමයි.

වයිරයෙන් පසුවන්නෝ පළිගැනීමේ චේතනාවෙන් පසුවන්නොය. යහපාලනයේ පුරෝගාමීන් ද තම වයිරය සංසිඳුවා ගැනීම සඳහා මහින්ද මහතාගේ ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කලේ ය. රාජපක්ෂ මහතාට හිමිවිය යුතු නිලනිවාසය ලබාදීම පමා කළේය. ඔහුව විටින් විට ජනාධිපති කොමිසම හමුවට කැඳේව්වේ ය. ඔහුගේ බිරිඳ හා දරුවන් ද කොමිසම් හමුවට පමුණුවයි. ඔහුගේ සහෝදරයින් අත්අඩංගුවට ගැනීමට මාන බලයි.

මෙලෙස පලිගැනීම් කිරීම තුලින් යහපාලන පුරෝගාමීන්ට පමණක් නොව රාජපක්ෂ මහතා කෙරෙහි වෛරයෙන් පසුවුන ජනතාවට ද සතුටක් ඇතිවෙයි. කෙසේ වෙතත් ඇතැම් යහපාලන පුරෝගාමීන්ට රාජපක්ෂ රෙජිමයෙන් පළිගත්තා ඇතිය. නමුත් තවත් පිරිසකට තව දුරටත් පලිගැනීමට අවශ්‍ය වී ඇත.මෙ අතර වෛයිරයෙන් පසුවූ ජනතාවගෙන් කොටසක් තමන් නිරර්ථක වෛරයක් ඇතිකරගෙන සිටි බව පසක්කරගනිමින් සිටියි. මන්ද ඔවුන්ගේ සිත්තුල යහපාලන පුරෝගාමීන් විසින් රෝපණය කළ වයිරය සඳහා පදනමක් තිබූ බවක් ආණ්ඩුවට මේ දක්වාම පෙන්වා දීමට නොහැකි විය.සොයාගත් ලම්බෝගිනියක් නැත. කුඩු නැවතී නැත. අධිවේගී මාර්ග වල එකක මිලගණන් අසාධාරණ බව තහවුරු කර නැත. මහබැංකු බැඳුම්කර සිද්දිය හැර ජනතාවට එලි කල හෝ එලි වූ මෙගා දූෂණය කුමක් ද?

යහපාලනයේ පුරෝගාමීන් ගෙන් කොටසක් මහින්ද මහතාගේ පිටුපස සිටින බලවේගයෙන් (ජාතිකත්වයට ලැදි ජනතාව) ද පලිගැනීමට සැරසෙන බවට මෙම අයවැය උදාහරණයක් යැයි සිතමි. එහි කප්පාදු කර ඇති සහන වලින් (පොහොර,විශ්‍රාම වැටුප්,පාසල් අදුම් , වී මිල,අධ්‍යාපන ,සේවක අර්ථසාදක අරමුදල ..)වැඩිම බලපෑම සිද්ධවන්නේ ජාතිකත්වයට බර ජනතාවටයි. මෙලෙස වෛරය හා පලිගැනීම් ඔස්සේ අර්බුදයට ඇදෙන ආණ්ඩුව වැට්ටවීම සඳහා කලකිරුණු ජනතාව දිනා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකිවේවා.

උදයංග සුගතපාල
යුතුකම සංවාද කවය

Top