Anonymous Reporter

රටට හෙනහුරා වු රනිල්-චන්ද්‍රිකා-මෛත්‍රී යහපාලනයට එරෙහිව රට පුරා කළු කොඩි ඔසවමු

පසුගිය වසරක කාලයේ යහපාලනය තුළින් ජනතා අපේක්‍ෂා කිසිවක්‌ ඉටු නොකිරීම නිසා එයට විරෝධය පළකරමින් ජනවාරි 2 දා සිට 8 වැනිදා දක්‌වා රට පුරා කළු කොඩි එසවීමේ ව්‍යාපාරයක්‌ අරඹන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

යහපාලනය මුවාවෙන් ජනතා විරෝධී ගමනක්‌ යන ආණ්‌ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහිව සෑම නිවසකම කළු කොඩි ඔසවා තම විරෝධතාව පළකර සිටින ලෙස සියලු ජනතාවට යෝජනා කර සිටින බව මන්ත්‍රීවරයා ඉල්ලිමක් කලා.

“යහපාලනයේ වසරක ගමන්මඟ දෙස ආපසු හැරී බලන විට ජනතාව තුළ දැන් ඇතිවන්නේ දැඩි කලකිරීමක්‌ බවත් මේ රටේ ජාතික ආරක්‍ෂාව, ජාතික ආර්ථිකය, සුබසාධනය සහ සංස්‌කෘතිය සභ්‍යත්වය විනාශ වී ඇති බවට චෝදනා තිබෙනවා. තමන්ගේ නිවසේ කළු කොඩියක්‌ උසවා මේ අඳුරු යුගයට අපි අකමැතියි. මේ ආණ්‌ඩුව යන ගමන අපි ප්‍රතික්‍ෂේප කරනවා කියල කියන්න. එසේ නැතිනම් තමන්ගේ මුහුණු පොතේ හැඳුනුම් පින්තූරේ කළු කොඩියක්‌ බවට පත්කරන්න.”

Top