Featured

රාජපක්ෂලා බේද බින්න කරන මෛත්‍රීගේ හොරිකඩයන්ට මැයි දිනයෙන් පාඩමක්

රාජපක්ෂලා අත් අඩංගුවට ගෙන හෝ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට බලපෑම් කර හෝ මර්දණය කිරිමට නොහැකි වු මෛත්‍රීපාල සිරිසේන ඇතුලු යහපාලන ලපයි සිපයියන් රාජපක්ෂලා බෙද බින්න කිරිමේ පහත් අශාවන් සහිතව තැන තැන කුණු කතා කියමින් ඇවිදින බවත් ඔහුන් සියලුම දෙනාට ලබන මැයි පලමු වැනිදා වැඩකරන ප්‍රගතිශීලි ජනතාව කණ හරහා පහරක් ගසනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා සිටියා.

ඒ අනුව මැයි 01 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ඒකාබද්ධ විපක්ෂය පවත්වන මැයි රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළුපන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර ඇති අතර එම රැළිය ඓතිහාසික රැලියක් ලෙස ඉතිහාසගත වනු ඇති බවද ඔහු සදහන් කර තිබේ.

පසුගිය දිනක ඒකාබද්ධ විපක්ෂයේ සමාලෝචන රැස්වීමක් මධ්‍යම රාත්‍රියේ පවත්වා තිබෙන අතර, මෙම සාකච්ඡාවේදී මැයි දිනය වෙනස්ම ආකාරයකින් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් තීරණය කර කළ බවත් මෙම තීරණයට අනුව මැයි දින සැමරුම අනෙකුත් මැයි දිනය සමරන ආකාරයට වෙනස් ආකාරයකින් සැමරීමටද තීරණය කල බවද ඔහු අනාවරණය කර තිබේ.

Top