LNN SPY

ගෝඨාගේ රෙදි ඇමරිකාව ගලවයි … ඇමරිකානු පුරවැසිභාවය අත් හැරලා නෑ … ඇමරිකාවෙන් නිවේදනයක්!

Published on – Nov 15, 2019 ශ්‍රි ලාකේය ජනතාවගේ හෙට දවසේ සුරක්ෂිත බව තහවුරු කිරීමට සිය අමෙරිකානු පුරවැසිභාවය පවා ඉවත් කර ගනිමින් ජනාධිපතිවරණය ට ඉදිරිපත් වූ බවට ගෝඨාභය රාජපක්ෂ රටටම පෙන්වූ ටොපිය අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් සුනු විසුණු කොට තිබෙනවා.

හදිසි කාරණාවක් ලෙස සඳහන් කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී විසින් නොවැම්බර් 11 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයා වෙත  ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්පූර්ණ නොමැති බවත් ඔහු පෙන්වන සහතික ව්‍යාජ ඒවා බවත් ය.

ඒ අනුව යලිත් වතාවක් කිරිගහට ඇන්නා සේ ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසියෙක් බව තහවුරු වී තිබේ.

එසේම Homeland security investigation  ( HSI) අනුව ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා කළ ඉල්ලීමක් මේ වන තෙක් ස්වදේශීය ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බව එම ලිපියේ සඳහන් වෙනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවය විසින් නිකුත් කළා යැයි කියමින් ‘ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකයක්’ විශාල වශයෙන් අන්තර්ජාලයේ මෙන්ම ගෝඨාභයගේ ජනාධිපතිවරණ නියෝජිතයින් විසින් බෙදාහරින නමුත් එය ව්‍යාජ සහතිකයක් බවත් ක්‍රිස්ටෝපර් හාඩී සඳහන් කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් කිරීම පිළිබඳ කිසිදු ඉල්ලීමක් ‌‌මෙතෙක් ඇමරිකානු  අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් අසාමාන්‍ය ඉල්ලීමක් කළ විටක දී වුව ඒ සඳහා අවශ්‍ය හේතු සහ උපදෙස් ලබා දිය යුතු නමුත් එවැන්නක් සිදුව නැති බවත් ක්‍රිස්ටෝපර් හාඩි පවසයි.

දැනට අයැදුම්කර තිබෙන ගෝඨාභයගේ පුරවැසිභාවය අත්හැරීම පිලිබඳ විවිධ රාජ්‍ය ආයතන සිදුකරමින් තිබෙන ක්‍රියාවලියට ඉහත කී ව්‍යාජ සහතිකය බාධාවක් වී තිබෙන බැවින් එකී ක්‍රියාවලිය වහාම අත් හිටුවන ලෙසද ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයාට දන්වා තිබේ.

මේ අනුව මෙතෙක් කල් ගෝඨා පෙන්වූ ගෝනි සෙල්ලම බොරුවක් බව ඇමරිකාව විසින් නිල වශයෙන්ම අද අවධාරණය කර තිබේ. ඔහු ඇමරිකානු පුරවැසියෙකි. ඔහුට මේ ඡන්දයට ඉදිරිපත් විය නොහැකිය. ඔහු අද ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඔහු ව්‍යාජ සහතික ‌පෙන්වමින් රට මුලා කිරීමට එරෙහිව ලංකාවේ ‌මෙන්ම ඇමරිකාවේ ද ‌වෙනම නඩුවලට මුහුණ දීමට සිදුවනු ඇත.

රටම ඇන්දු ගෝඨාභයගේ පුරවැසිකම ගැන අමෙරිකාව කළ නිවේදනය,

Top