Published on: Jun 8, 2020- සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයට අයත් ‘ආසිරි’ පෞද්ගලික රෝහල් ජාලය, සම්බන්ධ කරගෙන පෞද්ගලික උපාධි විකුණන ආයතනයක් ස්ථාපිත කිරිම සදහා රජය අවසර ලබාදිමට කැමත්ත පලකර තිබේ.

වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඔහුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙසද අශෝක් පතිරගේ නම් කර තිබුන අතර රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරිමේ කුප්‍රකට ජාවාරමේ ඉදිරියෙන් සිටින අශෝක් ගෝඨාභය ජනාධිපති වි ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා ලෙස පත්කිරිමට කටයුතු කරනු ලැබුවා.පසුගිය කාලයේ රටතුල සිදුවු මහා පරිමාණයේ මුල්‍ය වංචා රැසක් පසුපස ඔහුගේ දායකත්වය තිබේන බව අනාවරණය වි තිබේ.

අශෝක් පතිරගේ තම සමාගම් වාර්ෂික සමාලෝචනයේදී ප්‍රකාශකර ඇත්තේ එංගලන්තයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධව ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පාඨමාලාවක් දියත් කිරීමට සූදානම්වන බවයි. එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව විසින් අනුමත කරන ලද මෙම අධ්‍යාපන වැඩසටහන 2020 දී දියත් කිරීමට නියමිත බවද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව ඒම නව ආයෝජන ව්‍යාපෘතිය සැලසුම්කර ඇති බවත් ඒ හරහා සිය සමාගම් සමූහයේ ලාභය වර්ධනය කිරීමේ නව දොරටුවක් ඒමගින් විවෘතවන බවද ඔහු අනාවරණය කර තිබේ.

ආසිරි රෝහල් ව්‍යාපාරය මේ වනවිට අශෝක් පතිරගේට අයත් සොෆ්ට්ලොජික් සමූහය යටතේ පවතී. ආසිරි රෝහල් සමූහය විසින් දැවැන්ත පෞද්ගලික රෝහල් 4ක් සහ රසායනාගාර සේවා පවත්වාගෙන යමින් 1978 සිට විවිධ ආණ්ඩු යටතේ ප්‍රතිපාදන කපමින් බිඳවට්ටනු ලැබූ නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවට අධික මිල ගණන් සඳහා සෞඛ්‍ය සේවා අලෙවි කරමින් සිටී.ඒම ව්‍යාපාර සමූහයටම වෛද්‍ය උපාධිය අලෙවි කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට ගෝඨාභය-මහින්ද ආණ්ඩුව අවසර ලබා දිමට  කැමත්ත පලකර තිබේ.

මින් පෙර 2009 වසරේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් මෙවැනිම ආකාරයෙන් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි කිරීමට පිහිටුවන ලද SAITM ආයතනය, දීර්ඝ ජනතා අරගලයක ප්‍රතිඵලයක් ලෙස වසා දමන්නට පසුගිය ආණ්ඩුවට සිදු විය.

මේ අතර  පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් සරසවි උපාධි අලෙවි කිරීම ආරම්භ කරමින් වෛද්‍ය උපාධිය කොටි 4කට අලෙවි කිරීමට ආණ්ඩුව අවසර ලබාදී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.

උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට ඒරෙහිව අරගල කරමින් දීර්ඝකාලීන අරගලයක නිරත වූ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලබාගත් ජයග්‍රහණ ආපස්සට හැරවීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් අ.වි.ශි.බ.ම. පළ කළ ඒම නිවේදනය මෙසේය.

ගෝඨාභය ආණ්ඩුව අධ්‍යාපනය විකිණීම අරඹයි. වෛද්‍ය උපාධිය ⁣රු. කෝටි 04යි.

ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව ආසිරි රෝහල් ව්‍යාපාරය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සැරසෙයි. ඇබර්ඩීන් වෙබ් පිටුවේ සඳහන් පරිදි එය සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. sri lankan pathway ලෙස නම් කරමින් ඇබර්ඩීන් මගින් ලබාදෙන MBchB උපාධිය මෙමගින් ලබාගත හැකි අතර පළමු වසර තුන ස්කොට්ලන්තයේදීත් අවසන් වසර දෙකෙහි සායනික පුහුණු මෙරට ආසිරි රෝහල් තුළදීත් සිදුකිරීමට සැලසුම් කර ඇත. අවශ්‍ය කෙනෙකුට ස්කොට්ලන්තයේදීම උපාධිය සම්පූර්ණ කිරීමට හැකියාව තිබේ. sri lankan pathway ක්‍රමය අනුව මේ උපාධිය සඳහා සිසුන්ගෙන් අයකරන මුදල රුපියල් කෝටි 3.6 කි. ස්කොට්ලන්තයේදීම උපාධිය සම්පූර්ණ කරන්නේ නම් මිල රුපියල් කෝටි 6.5කි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2008දී ආරම්භ කළ, යහපාලන ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය Saitm හොර උපාධි කඩය තුළින් උත්සාහ කළේ ද අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙළඳභාණ්ඩ ලෙස භෞතීස්ම කිරීමයි. රු. ලක්ෂ 120කට වෛද්‍ය උපාධියට එහි මිල කර තිබිණි. අවසානයේදී ගමක් නගරයක් පාසා ඇවිළ ගිය දැවැන්ත ජනතා විරෝධය විසින් Saitm ව්‍යාපෘතිය අහෝසි කරන ලදී. පාලකයන් Saitm ව්‍යාපෘතියෙන් පරාජය වී වසර දෙකක් ඉක්ම යන තැන දැන් නැවතත් එවැනිම විකෘතියක් සමාජගත කරමින් සිටියි.

ජනාධිපතිවරණ වේදිකාවල නම් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන බව විනා විකුණන බවට පොරොන්දු දුන්නේ නැත. නමුත් ජනාධිපතිවරයා විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කළ ඉදිරි ආර්ථික ඉලක්කයන්ගේ අධ්‍යාපනය විකිණීමට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. අධ්‍යාපන විකිණීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව දෙන බව ඔහු විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. ඇබර්ඩීන් සමඟ එක්ව උපාධි කඩයක් හැදීමට අවසර ලබා දී ඇත්තේ ඒ අනුවය. නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපය නමින් හොරණ මිල්ලණියේ ආරම්භ කිරීමට සැරසෙන කඩපිළට අනුමැතිය ඉල්ලමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයේ තිබුණේ එමගින් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි වන බවයි. මේ ඇස් පනාපිට පෙනෙන්නට පටන් ගෙන තිබෙන්නේ එහි යථාර්ථයයි. දෛනික වැටුපට වැඩකරමින් එදිනෙදා ජීවිතය ගැට ගසාගන්නා ජනතාව ජනගහනයෙන් 40% ක් වන රටක කෝටි හතරකට උපාධිය විකුණන්නට සැරසෙන්නේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යැයි පැවසීමම විහිළුවකි.

කොරෝනා වසංගතයට මුහුණ දීමට මහා ආර්ථික බලවතුන්ටවත් නොහැකි වී ඇති මොහොතක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව වැනි සමාජ ආරක්ෂණයන් නොවිකිණිය යුතු බවට ලෝක මට්ටමින් සාකච්ඡාවක් ගොඩනැගී තිබේ. වෙනකක් තබා පසුගිය දිනෙක ජාත්‍යන්තර සමුළුවක් අමතමින් ජනාධිපතිවරයාම ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයට මේ මට්ටමින් හෝ මුහුණ දීමට හැකි වූයේ නිදහස් සෞඛ්‍ය සේවාව නිසා වන බවයි. නමුත් යථාර්ථයේදී එම නිදහස් සෞඛ්‍යම, එම නිදහස් අධ්‍යාපනයම වලපල්ලට යැවීම සඳහා පිඹුරුපත් අදිමින් සිටියි. ගෝඨාභය ආණ්ඩුවේ වැඩපිළිවෙළ ද ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ පන්නයේ වන බවට මෙයම කදිම නිදසුනකි.

අධ්‍යාපනය, සෞඛ්‍ය වෙළඳභාණ්ඩ නොවේ. එහෙයින් ගැටලුව උපාධියේ මිල අඩුද වැඩිද යන්න නොවේ. ගැටලුව අධ්‍යාපනයට මිලක් නියම කිරීමයි. නියම කරන මුදල ගෙවිය හැකි පිරිසකට පමණක් අධ්‍යාපනය වරප්‍රසාදයක් කිරීමයි. සමාජයේ සාතිශය බහුතරයක් ජනතාවට අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමයි. Saitm අරගලයේදී අප මතු කළ මූලික ගැටලුව ද එයයි. එහෙයින් උපාධි කඩයක් ඇරඹීම ආසිරි මුදලාලිට ආශිර්වාදයක් වූවාට ජනතාවට ආශිර්වාදයක් නොවේ. එය සමාජයට ඛේදවාචකයක් කැඳවන්නකි. රජයක් කටයුතු කළ යුත්තේ මුදලාලිලාගේ මනදොළ පිනවීමට නොව ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටය. මෙහි අරමුණ සේ දක්වා ඇත්තේ මෙරට වෛද්‍ය හිඟයට පිළිතුරු සෙවීමයි. එයට ආසිරි මුදලාලි මැදිහත් වී උපාධි කඩ ඇරීමට වෙහෙසිය යුතු නොවේ. දැනටමත් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ තුළ සිටින වෛද්‍ය සිසුන් සංඛ්‍යාව එම හිඟය පිරවීමට ප්‍රමාණවත්ය. සමාජයේ නිරෝගීභාවය පිළිබඳව එපමණ කැක්කුමක් සහිත නම් කොරෝනා වසංගතය හමුවේ ආසිරි ඇතුළු රෝහල් කඩවලට වගකීමෙන් කටයුතු කළ නොහැකි වූයේ ඇයි? ලාභ රේට්ටුවට කෑදරකමින් ආසිරි ඇතුළු පෞද්ගලික රෝහල් සිදුකළේ කොරෝනා වසංගතය නොදුටුවා සේ කර ඇරීමයි.

Saitm ව්‍යාපෘතිය පිටුපසින් මෙරටට රිංගීමට ⁣උපාධි කඩ පෝලිමක් සිටි බවත් ඒ පෝලිමේ ඉදිරියෙන්ම ඇබර්ඩීන් ද සිටි බවත් සයිටම් පරාජය කරමින් ජනතාව ජයග්‍රහණය කරනවිට ඇබර්ඩීන්ටද පලා යාමට සිදු වූ බවත් අපට අමතක නැත. දැන් කොරෝනා වසංගතයට මුවා වී නැවතත් පරාජිත උපාධි කඩ කරුවන් සමාජය ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. Saitm කඩය සේම මෙයද එන්නේ බොරු ප්‍රචාර රැසක් සමගිනි. ප්‍රචාරණ දැන්වීම්වල, අත්පත්‍රිකාවල සඳහන් කරන්නේ ලංකාවේ MBBS උපාධිය ලබා දෙන බවයි. වෛද්‍ය සභාවේ අනුමැතිය සමඟ මෙරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කළ හැකි බවයි. Saitm සඳහා ද වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදීමට සිදු කළ නිර්ලජ්ජිත දේශපාලන මැදිහත්වීම් අපි මනාව අත්විඳ ඇත්තෙමු. Saitm මුදලාලි වෙනුවෙන් වෛද්‍ය සභාවේ සභාපතිවරයා පවා වරෙක මාරු කිරීමට කටයුතු කළේය. අධිකරණ තීන්දු කැරකුණේද සයිටම් මුදලාලිට අවශ්‍ය පරිදිය. මෙහිද සිදුවිය හැකි දෙය එයයි.

පාලකයන්ගේ අවශ්‍යතාවය පැහැදිලිය. සමාජයම කොරෝනා ගිනි පෙනෙල්ලෙන් බැට කමින් සිටින මොහොතක ආණ්ඩුව දිය පොදත් මිල කිරීමට සැරසෙයි. කොරෝනා වසංගතය හමුවේ නිදහස් සෞඛ්‍යයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින්ම සෞඛ්‍ය විකිණීමට පිඹුරුපත් අදියි. එසේ ගඟෙන් පැන් බී මුහුදට ආවඩන ගෝඨාභය ආණ්ඩුවට අප Saitm ඉතිහාසය නැවත සිහිපත් කර සිටිමු. අධ්‍යාපනයට, සෞඛ්‍යයට අත තබන පළමු මොහොතේම කුමන බාධක මැද වූවත් පාරට බැසීමට අපට කිසිඳු පැකිලීමක් නැති බව අවධාරණය කරමු.

අශෝක් පතිරගේලාගේ හරස් ගණුදෙනු,….

http://lankanewsnetwork.org/archives/23040

Published on: Jun 6, 2020- The people’s voice against the brutal slaughter of George Floyd clearly shows that the Blacks in United States are a great deal ahead in Equality before the law…!

නිදහස් ප්‍රකාශය (Declaration of independence – 1776) නිකුත් කරමින් එක්සත් ජනපදය අමරිකානු විප්ලවීය යුද්ධයෙන් (1775-1783) බ්‍රිතාන්‍ය කිරීටයේ අධිකාරය අවසන් කරන ලදී. 1783 පැරිස් ප්‍රඥප්තිය මගින් එය නිදහස් රාජ්‍යයක් ලෙස පිළින්නා ලදි.

දකුණු අප්‍රිකාව, ඉංදියාව, ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් ජනපදයද ඇතුළු තවත් රටවල් බ්‍රිතාන්‍යය යටත් විජිතව පැවති අතර ඒ නිසාම බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වාදුන් බලවතුන් සහ දුබලයන් සදහා වෙන් වූ වර්ගවාදී නීති වලින් ඒ රටවල් පාලනය කෙරිණි.

බ්‍රිතාන්‍යය යටත් විජිත වූ අන් රටවල් මෙන් නොව එක්සත් ජනපදය, ආයුධ සන්නද්ධ විප්ලවයකින් බ්‍රිතාන්‍යයන් පළවා හැරි ලොව එකම රාජ්‍යය වුවත් බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් වර්ග බේදය තහවුරු කළ නීති සහ පීඩිතයන් පීඩාවට පත් කරන නීති එහි ශක්තිමත්ව ස්ථාපිත වී තිබීම එරට සමාජයේ බරපතල ඛෙදවාචකයක් ඇති කරනු ලැබීය.

එහි ප්‍රතිඵල ලෙස ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (1865), නෝබල් සම්මාන ලාභී මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) (1968) වැනි දැවැන්තයන් වෙඩි උණඩයට සිය ජීවිත කැප කරණු ලැබූ අතර එවැනි ඝාතන නොනැවතී පැවතීම ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතියේ පාලනයේ ඇති අදුරු පැති කඩ ලෝකයට නිරාවරණය කරන්නට විය.

එවැනි තවත් කෘර ඝාතනයක් පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි පොලිස් නිලධාරීන් විසින් ද සිදු කළ අතර පොලිස් නිලධාරීන්ගේ වධහිංසනයෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් (46) නම් කළු ජාතික තරුණයා 2020 මැයි 25 දින ඝාතනයට ලක්වීම සියලු රටවල ජනතාව අතර ප්‍රභල කතිකාවක් ඇති කිරීමට සමත් ව තිබේ.

ලෝකයේ බිහිසුණු ඝාතන කොතෙක් සිදු වී තිබුණද, දෙවන ලෝක යුද්ධයේදී නාසීන් විසින් යුදෙව්වන් ගෑස් කාමරවල දමා හුස්ම ගැනීමට අවස්ථාව නොදී ඝාතනය කළ ආකාරය සිහිපත් කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති කලු ජාතික තරුණයා හුස්ම ගැනීමට ආයාචනා කරද්දීත් එයට කිසිම අවස්ථාවක් නොදී විනාඩි 9කට ආසන්න වේලාවක් හුස්ම ගැනීම වළක්වා ඝාතනය කිරීම මානුශ්‍යත්වයට එරෙහි ක්‍රියාවක් බව පැහැදිලිය.

හුස්ම ගැනීම වළක්වා සිදු කළ මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී සුදු – කලු බේදයක් නැතිව සමානත්මතාවයේ අයිතිය ඉල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේත්, ලෝකයේ තවත් රටවලත් උද්ඝෝෂණ පැවැත්වෙන අතර ඒ සියලු උද්ඝෝෂණ අතරින් නීතිය ඉදිරියේ සමානත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන්, බ්‍රිතාන්‍යයේ අන් යටත්විජිත ලෙස පැවති රටවල ජනතාවට වඩා බොහෝ ඉදිරියෙන් සිට ක්‍රියා කරන බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහිව ගෙන යන උද්ඝෝෂණවල ස්වභාවය අනුව මේ වන විට සනාථ වෙමින් ඇත.

බ්‍රිතාන්‍යය යටත් විජිත ලෙස පැවති ඉංදියාව, ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාව මෙන් නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ කලු ජාතිකයන් මැනවින් ඉංග්‍රීසි භාෂාව හසුරුවන හෙයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින නීති සහ එහි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කියවීමේ නෛතික සාක්ෂරතාවය ඔවුන්ට ලැබී ඇත. ඒ ඇසුරෙන් ලබන දැනුම භාවිතයට ගෙන තමන්ට එරෙහිව සිදුවන නීතියේ වෙනස්කම්වලට එරෙහිව ජයගන්නා ක්‍රියාදාමයන් වෙන අයෙකුගේ මෙහෙයවීමකින් තොරව ස්වාධීනව සිදු කිරීමට එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට නෛතික සාක්ෂරතාවය ලැබී ඇත. ඒ ශක්තිමත් නෛතික බලය හේතුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට යුක්තිය ඉටු කර ගැනීමට එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට අවස්ථාව හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාව, එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට මෙන් නොව නෛතික සාක්ෂරතාවය ලැබීමට නිදහස හෝ අවස්ථාව අහිමි ජනකොටසකි. ශ්‍රී ලංකාවේ අවශ්‍ය සහ වැදගත් නීතිමය කටයුතු සියල්ල කරනු ලබන්නේත්, තීරණ ගනු ලබන්නේත් බහුතර ජනතාවගේ භාෂාව වන සිංහල භාෂාවෙන් නොව සුළුතරයක් භාවිතා කරන ඉංග්‍රීසි භාෂාවෙනි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ජනතාවගේ නෛතික සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පවතින අතර ජනතාවට එරෙහිව සිදුවන බලවතුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව නෛතිකව ක්‍රියාකිරීමට ඔවුන්ට අවබෝධයක් නැත.

එක්සත් ජනපදයේ කලු ජාතිකයන් නෛතික ක්‍රියාකාරකම්වලින් නිදහස අත් කර ගන්නවා මෙන් ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට නෛතික ක්‍රියාකාරකම්වලින් නිදහස අත් කර ගැනීමේ ක්‍රමවේදය නොදනී. නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවුණත් (Ignorantia juris non excusat) නීතිය දැන ගැනීමට සිංහල ජනතාවට අවස්ථාවක් නැත.

නීතිය ඉදිරියේ සමානාත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන් බොහෝ ඉදිරියෙන් බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහි ‘ජනතා හඩ’ සාක්ෂි දැරුවද, ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාව නීතිය ඉදිරියේ සමානාත්මතාවය ලබා ගැනීමට තව කොතරම් කාලයක් ගත වෙයිද කිව නොහැකිය.

(ඉංග්‍රීසි පරිවර්තනය බලාපොරොත්තු වන්න)

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන – 2020.05.04

Published on: Jun 4, 2020 – තමන් ලේකම්වරුන්‍ මාර්ගයෙන් දාපු ඩීල් එකක හඬ පට තිබෙනවා නම් ඒවා එළියට දෙන්නැයි හිටපු අමාත්‍ය, අර්ජුන රණතුංග මහතා ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට අභියෝග කරයි. ඒ නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියකු හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් විමසූ අවස්ථාවේදීය. සියල්ලට ප්‍රථමයෙන් නිශ්ශංක සේනාධිපති මුදල් හම්බ කළේ කෙසේදැයි මේ ආණ්ඩුව සෙවිය යුතු බව ද අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය. ජනාධිතිපතිතුමාට පවා කෙළින් කථා කරන්න පුළුවන් වන්නේ එවිට යැයිද අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

”ඔය මනුෂ්‍යයා ඇවිල්ලා කතාකාරයෙක්. ලොකුවට කතා කළාට කිසි දෙයක් කරපු කෙනෙක් නෙමෙයි. රටේ සල්ලි හොරකම් කරපු පුද්ගලයෙක්. ආණ්ඩුවට එන සල්ලිනේ මේ මිනිහා සාක්කුවේ දාගෙන තියෙන්නේ. ඒකට නාවික හමුදාවේ සමහර ජ්‍යෙෂ්ඨයින්ව අල්ලා ගත්තා. හිටපු හමුදාපතිවරුන් අල්ලා ගත්තා. මම එතුමා ගැන හොඳ වාර්තාවක් දෙන්නම්. මොකද මම මේ සිදුවීම ගැන හොඳට අධ්‍යනය කරලා තියෙනවා. මිනිහා කරලා තියෙනවා දේවල් ඔක්කොම දන්නවා. කොහොමද ගත්තේ කියන එකත් දන්නවා. එයාට මෙතැන ඉන්‍න හම්බ වෙන්නේ නැහැ මම හරියට කතා කළොත්. ඔය නිශ්ශංක කියන පුද්ගලයා ඔච්චර සල්ලි හොයා ගත්තේ කොහොමද කියලා හොයන්නකෝ. ඊට වඩා තව යටින් තියෙන ව්‍යාපාර කියලත් ඔය ගොල්ලෝ හොයන්න. මම ඕවට කතා කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් හමුදාවේ හිටිය පුද්ගලයෙක් ඔච්චර මුදල් හම්බ වෙන්න එක්කෝ රටේ මුදල් මිනිහා අරගෙන තියෙනවා. එහෙම නැත්නම් වෙන ව්‍යාපාරයක වෙන මුදල් ගන්නවා ඇති. ඒව ගැන හොයලා බලන්න ඕන. දැන් මේ අලුතින් ආවේ අපේ විරුවෙක්නේ ආවේ. හරි දේ කරන්නනේ ආවේ අපේ ගෝඨාභය මහත්තයා. ඉස්සෙල්ලා ම කරන්න නිශ්ශංක සේනාධිපතිගේ තියෙන හොරකම් ටික හොයලා බලන්න, කොච්චර ගෙවන්න තියෙනවද කියලා. ඒවා ඉස්සෙල්ලා ම අර ගන්න. එ‍‍තකොට ජනාධිපතිතුමාට කෙලින් කතා කරන්න පුළුවන් කියලා හිතනවා. නමුත් මම හිතන්නේ නෑ ජනාධිපතිතුමාටත් ඕව කරන්න පුළුවන් කියලා. ගෝඨාභය මහත්තයටත් සමහර වෙලාවට ඔය කිව්වට මේ මිනිස්සුන්ට, සම්බන්ධකම් ඇති…”යි – Nissanka Senadhipathi

 


Published on: Jun 3, 2020- ප්‍රජාතන්ත්‍රවාදය තබ දොයිතුවකට මායිම් නොකරන වහල් සමාජය විසින් ඉල්ලා සිටි මිලටරී ජුන්ටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ (ජුනි 2 ) නිකුත් කරන ලද ඇති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටුවා තිබේ. වහල් සමාජයක අවශ්‍යතාවට ගැලපෙන පරිදි එය නම් කර තිබුනේ “සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්” යනුවෙනි.

ඒ අනුව secure country and a disciplined, virtuous, and lawful society නොහොත් “සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්” යන මිලිටරි ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කොට තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායට සන්නද්ධ හමුදා ප්‍රධානීන් සහ පොලිස් හා බුද්ධි අංශ ප්‍රධානීන්, රේගු ප්‍රධානියා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇතුලු සමාජිකයින් 13 දෙනෙකුගෙන් මෙම බලකාය සමන්විත වේ.

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාර්ය සාධක බලකා ප්‍රධානි තනතුර දරණ අතර මෙම සාමාජිකයින් 13 දෙනාම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමිකයින් ලෙස ඉහළ මිලිටරි හා පොලිස් තනතුරු හෙඹ වූ සහ හොඹවන පුද්ගලයින් ඇතුලත් වේ.

ශ්‍රී ලංකා යුද හමුදා අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා,ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් පියල් ද සිල්වා,එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී, සී. ඩි. වික්‍රමරත්න, වැඩබලන පොලිස්පති,මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය, රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී,මේජර් ජෙනරාල් සුරේෂ් සාලි, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ,මේජර් ජෙනරාල් ඒ. එස්. හේවාවිතාරණ, යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ,කපිතාන් එස්.ජේ. කුමාර, නාවික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ,එයාර් කොමදෝරු එම්.ඩී.ජේ. ගුවන් හමුදා බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ,ටී. සී. ඒ . ධනපාල, නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය සාධක බලකාය,වරුණ ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති යන අයගෙන් මෙම කාර්ය සාධක බලකාය සම්න්විත වේ.

ගැස්ට්ටුවට අනුව මුලික කරුණු 4 ක් ඇතුලත් වන අතර…..

“සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්” බිහි කිරීම සඳහා

1. රටේ ඇතැම් ස්ථානවල වර්තමානයේ සමාජයේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිකර ලෙස මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීම.

2. මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම, වරාය හා ගුවන්තොටුපළ හරහා විදේශයන්ගෙන් මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සහ රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන වෙනත් සමාජීය රෝග වළක්වා ගැනීම.

3. ශ්‍රී ලංකාවේ විදේශයන්හි සිට සිදුකරන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම.

4. බන්ධනාගාර හා ඒ අවට සිදුවන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම හා වැළැක්වීම යන ඒවා ඊට අයත් වේ.

ඒ අනුව ඉතාම පැහැදිලිවම 1 වැනි කරුණ හරහාම තමන්ට අවශ්‍ය පරිදි ආණ්ඩු විරෝධීන් මර්දනය කිරිම සදහා ගෝඨාභය තමන්ගේ මිලිටරි ජුන්ටාව මෙහෙයවනු ඇත.මන්ද “සමාජයේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිකර ලෙස මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීම ” යනුවෙන් සදහන් කර ඇති කරුණ අර්ථකතනය කරනු ලබනේ කවුරුන් විසින්ද? වහල්ලුන් පැතු රට දැන් උදා වි ඇත.

වහලුන් වෙනුවෙන් සිංහල භාෂාවෙන් ගැසට්ටුව් පහත දක්වා ඇති බව කරුණාවෙන් සලකන්න

Gotabaya Rajapaksa

Published on: Jun 3, 2020 – රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙකි. එකේ දෙකක් නැත. නමුත් රනිල් වටේ සිටින වට පනුවන් වැඩ්ඩන් නොවන බව නොරහසකි.රනිල් අභියෝග රැසකට මුහුන දි තිබේ.ඇතැම් එවා ජයග්‍රහණය කර ඇත සමහර එවා කල්මැරිමේ න්‍යායාට අනුව දිනා ගැනිමට හෝ විනාශ කිරිමට රනිල් දක්ෂයෙකි. එක්සත් ජාතික පක්ෂයේ මහා පලුව ලෙස සජිත් ඉවත් විමත් ඒ සමග කොරෝනා වසංගතයෙන් ලැබුන කල් මැරිමේ චාන්ස් එක නිවැරදිව කළමනාකරණය කිරිමට රනිල් සමත් විය.දැන් තිබෙන්නේ කර ගත්ත හරිය භාවිතයට යෙදිමය. නමුත් රනිල් වටේ සිටින වට පණුවන් පණුවන්ම පමනක් බ්ව තහවුරු වන්නේ රනිල්ගේ ගේම් එක Play කිරිමට ඔහුන් අදක්ෂයන් බව පෙන්විම හරහාය.

අද සමඟි ජනබලවේගයේ මාධ්‍ය හමුවට පැමිණි මහරගම මන්ත්‍රීවරු 09 දෙනාට විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ඊයේ දිනය යොදා කොළඹ දිස්ත්‍රික් කළමනාකරු පක්ෂ මහලේකම්ට ලිපියක් යොමුකිරිම හරහා වටපණුවන් වැඩේ අනාගෙන තිබේ.

එපමණක් නොව ලිපිය ආරම්භ කර ඇත්තේ හත් දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගන්නා බවට දක්වමින්ය. නම් සදහන් කිරීමේදී මන්ත්‍රීවරු අටදෙනෙකුගේ නම් ඊට ඇතුලත්ය. නමුත් අද දින මාධ්‍ය හමුවේ මන්ත්‍රීවරු නව දෙනෙකු සමගි ජන බලවේගය සමඟ සිටින බවට සහතික විය. එකිනෙකට පරස්පර සංඛ්‍යා දක්වමින් මෙසේ ලිපියක් නිකුත් කර ඇත්තේ ඇයි? ඒ රනිල් වටා සිටින වටපණුවන්ගේ අදක්ෂතාවය හැර අන් කිසිවක් නොව.

(අ)නාගත් රනිල්ගේ වටපණුවෝ …

මේ අතර මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 11 න් 9 ක් සහ කොට්ඨාස නායකයින් 25 න් 22 කු මෙන්ම මහරගම ඡන්ද පොළ මධ්‍යස්ථාන  90 ම නායකයින් සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වෙමින් සමගි ජන බලවේගය සහ රටේ මහජනතාව ජයග්‍රහණය කරවීම සඳහා එක්ව කටයුතු කරන බව අද උදෑසන පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මහරගම නගර සභාවේ විපක්ෂ නායක රුවන් ජයසිංහ මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් නව දෙනා සහ කොට්ඨාස නායකයින් 22 දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටියා.

එහිදි අදහස් දැක්වු නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක….

 

Published on: Jun 2, 2020 @ 15:50 Lk Time- මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම විසිකර දැමිම සදහා මේ වනවිට මෙහෙයුමක් දියත් වන බව පසුගිය 18 වැනිදා අප කල අනාවරණය තහවුරු කරමින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළා.

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කල අතර මෙම පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලදී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

⁣දින 10 ක් පුරා පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල කරුණු දැක්වීම් ඊයේ (01) අවසන් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට අවසර දෙනවාද නැත්ද යන්න පිලිබද තීන්දුව මීට ස්වල්ප මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

18 වැනිදා කල අනාවරණය ….

ගැසට් නිවේදන වලට එරෙහි පෙත්සම් වලට තාක්ෂණික විරෝධතා හරහට හිටි… 2002 වරද වසා දැමිම සදහා පෙත්සම් විසිවන ලකුණු!

http://lankanewsnetwork.org/archives/24289

http://lankanewsnetwork.org/archives/24277


The Supreme Court of Sri Lanka

Published on: May 27, 2020 – සමගි ජනබලවේගය සමග එක්ව සිටින පිරිසට එරෙහිව විනය පරීක්ෂණ ගැනීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවත් සමගි ජන බලවේගය කටයුතු කර ඇත්තේ මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරීය විසින් ඒකමතිකව සම්මත කරන ලද කාරණාවලට අනුගතව බවත් හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අවධාරණය කරනවා.

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබද අද එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්වරයානිකුත් කර තිබේන නිවෙදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රී සුජීව සේනසිංහ සදහන් කලේ කෘත්‍යාධිකාරී තීන්දුව ප්‍රකාරව කටයුතු කරන තම පිලට එරෙහිව විනය පරීක්ෂණ තබනවා වෙනුවට හරිනම් සිදුවිය යුත්තේ එම තීන්දුව කඩ කළ අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවයි.

නීතිය දන්නා එජාප මහලේකම්වරයා නීතිය නොදන්නවා සේ හැසිරීම ගැන කණගාටුව වන බවත් මේ මැතිවරණයෙන් පසුව එජාපයෙන් තිදෙනෙකු පමණ පාර්ලිමේන්තුවට පත්වනු ඇති අතර මන්ත්‍රීවරු, පාක්ෂිකයෝ ඇතුලු අති බහුතරය සිටින්නේ සමගි ජනබලවේගය සමග බවත් අද(27)සමගි ජනබලවේගය කාර්‍යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් වරයා ලෙස පෙනී සිටින නීතීඥ අකිල විරාජ් කාරියවසම් නිකුත් කර ඇති නිවේදනය පහත දක්වා ඇති අතර පසුගිය සතිය පුරා සජිත්ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ගැටුම් ඇති බවට රනිල් කල්ලිය විසින් පලකල අසත්‍ය ප්‍රචාර තහවුරු කිරිම සදහා උත්සහ දරා තිබුනා.

උපූටා ගැන්ම

මේ වනවිටත් වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා අත්සන් කළ බොහෝ සාමාජිකයන් එම තීරණය පිළිබද සිය පසුතැවිල්ල අප වෙත දන්වා එවා ඇත.

උපුටා ගැන්ම අවසන්

මේ අතර අකිලගේ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වු සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කළේ අද වන විට රටේ ජනතාව ආදරය කල එක්සත් ජාතික පක්ෂය අකිල ජාතික පක්ෂය,රනිල් ජාතික පක්ෂය මෙන්ම රවී ජාතික පක්ෂය වැනි කල්ලි වල පක්ෂයක් බවට පත්ව ඇති බවයි.

එම නිසාම සජිත් ගේ නායකත්වයෙන් සමගී ජන බලවේගය පිහිටු විමට කටයුතු කල බවත් ඊට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකමතිකවම කැමත්ත දැක්වු බවයි.අද වනවිට එක්සත් ජාතික පක්ෂයේ මලගම සිදුකිරිම සදහා එජාප නායකය ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ ඇතුලු කල්ලිය සුදානම් වෙමින් සිටින අතර ඒ සදහා රාජපක්ෂලා සමග ඩිල් කරමින් සිටින බවද ඔහු සදහන් කළා. රනිල්,අකිල,රවී,සාගල වැනි අය එජාප මලගම සිදුකිරිමට පෙර සමගී ජන බලවේගය  මහා මැතිවරණයේ බහුතර බලයක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයට,ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත පාක්ෂිකයින් සමග පක්ෂයේ බලය ලබා ගැනිමට සුදානමින් සිටින බවද ඔහු අවධාරණය කළා.

අකිල විරාජ් නිකුත් කල නිවේදනය පහත දැක්වේ….

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා ගෙන නාමයෝජනා භාර දී ඇත. වෙනත් දේශපාලන පක්ෂයක් හරහා අපේක්ෂකත්වය ලබා නාමයෝජනා අත්සන් කරන හෝ කිරීමට බලාපොරොත්තු හෝ වන ඕනෑම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු, පක්ෂ ව්‍යවස්ථාවේ 3(c) වගන්තිය යටතේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලිඛිතව ලබා ගත යුතුය.

මතභේදයට තුඩු දී ඇති සාමාජිකයන් කිසිවකු පක්ෂ ව්‍යවස්ථාවේ ඉහත කී 3(c) වගන්තියට අනුකූලව ක්‍රියා කර නොමැති අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිදු පූර්ව අවසරයක් ලිඛිතව ලබාගෙන නොමැත.

එසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයන්ට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාවේ 3(h) වගන්තිය යටතේ ක්‍රියාකිරීමට පක්ෂයේ දීර්ඝකාලීන පැවැත්ම ආරක්ෂා කර ගැනීම උදෙසා පක්ෂ නායකත්වය කටයුතු කරන තත්ත්වයට පත්වී තිබේ.මේ වනවිටත් වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා අත්සන් කළ බොහෝ සාමාජිකයන් එම තීරණය පිළිබද සිය පසුතැවිල්ල අප වෙත දන්වා එවා ඇත.

කෙසේ නමුත් පක්ෂ ව්‍යවස්ථාවේ 3 (h) වගන්තිය යටතේ එසේ වෙනත් දේශපාලන පක්ෂයක් හරහා මහමැතිවරණය සදහා නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වෙත දැනටමත් ඒ සම්බන්ධව නිදහසට කරුණු විමසා ලිපි යොමුකර ඇත.ඒ අනුව අදාළ සාමාජිකයන් විසින් ඒ සම්බන්ධයෙන් ලිඛිතව සිදු කරනු ලබන කරුණු දැක්වීම්/අභියාචනා සියල්ල ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර, සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

නීතීඥ අකිල විරාජ් කාරියවසම්
මහලේකම්
එක්සත් ජාතික පක්ෂ

Published on: May 25, 2020 – 1.) The 19th Amendment Bill was first presented to the Parliament in 2002 by amending Article 70 of the Constitution to remove the power of the President to dissolve the Parliament one year later.

2.) Seven Supreme Court judges unanimously decided on the 2002 bill, amending the 70th Article of the Constitution for removing the president’s power to dissolve the Parliament one year later which requires to be passed by the special majority and approved by the people at a referendum.

The final paragraphs of the determination are as follows;

“[(3) The inconsistency with Article 3 read with the relevant provisions of Article 4 would cease if clauses 2, 3, 4 and5 are deleted and substituted with an appropriate amendment to proviso (a) to Article 70 (1) of the Constitution by removing the period of one year in the proviso and substituting that with a period not exceeding three years.

SARATH N. SILVA, CJ.

S. W. B. WADUGODAPITIYA, J.

DR. SHIRANI A. BANDARANAYAKE, J.

A. ISMAIL, J.

P. EDUSSURIYA, J.

H. S. YAPA, J.

J. A. N. DE SILVA, J.

Nineteenth Amendment to the Constitution unconstitutional and requires to be passed by the special majority and approved by the people at a referendum subject to item 3 of the determination.)]”

3.) The Supreme Court determination of the 19th ammendment bill of 2002 can be read by selecting the following link of the website of the Ministry of Justice.

https://www.lawnet.gov.lk/2002/12/31/in-re-the-nineteenth-amendment-to-the-constitution/

(The above mentioned Supreme Court determination will be provided in Sinhala language by the writer in the near future.)

4.) The 19th Amendment Bill which was presented to the Parliament in 2002 was abandoned because the Supreme Court stated that the 19th Ammendment should be approved by the people at a referendum.

5.) For the second time, the 19th Ammendment of the Constitution was presented to the parliament in 2015 for ammending another 16 provisions of the Constitution and also for removing the president’s power in Article 70 of the constitution regarding the dissolving the Parliament one year later.

(Total of 17 provisions including 16 new provisions and the other provison of

removal of the power of the President to dissolve the Parliament one year after as in 2002)

6.) The Supreme Court determination was delivered in 2015 by three Supreme Court judges for 16 out of 17 provisions of the 19th Amendment Bill that was presented to Parliament for the 2nd time.

7.) The Supreme Court determination of the 19th ammendment bill of 2015 can be read by selecting the following link of the website of the Parliament.

Link- https://www.parliament.lk/si/business-of-parliament/sc-decisions-on-bills

(The above mentioned Supreme Court determination will also be provided in Sinhala language by the writer in the near future.)

8.) In 2015, the Supreme Court decided on 16 provisions, other than the provision which seven Supreme Court judges had made a determination on the removal of the President’s power to dissolve Parliament a year later by amending Article 70 of the 19th Amendment in 2002.

9.) In 2015, the Speaker of the Parliament violated the last proviso of Article 79, Sub Article 80.2 of the Constitution and the Supreme Court determination regarding the 19th ammendment in 2002 and also did not consider both the determinations of 2002 and 2015 ( all 17 provisions) of the 19th Amendment of the Constitution, although it was legally required to do so.

10.) The Speaker deprived the franchise of the President, Supreme Court judges, other judges, lawyers, university lecturers, teachers, public servants, journalists and all other citizens by violating the decision of the referendum given for the ammendment of article 70 which was secured by the Supreme Court.

11.) The Executive and the Judiciary’s ‘soundless procedure’ regarding the fact that the Speaker of Parliament acted in contravention of the unanimous determination of the Supreme Court in 2002 and deprived the referendum franchise right of the people raises serious doubt about the people’s voting right which belongs to excercising their sovereignty.

12.) Who are the so-called (Maha) democrats who deprived the referendum franchise right which was given to the people by the Supreme Court in the 19th Ammendment in 2002, with an English conspiracy in 2015?

Why is that?

* [This is an English translation of the writer’s article dated 16.05.2020 –

“ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී තහවුරු කළ විනිසුරුවරු, නීතිඥවරු , විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, ගුරුවරු, රජයේ සේවකයන්, මාධ්‍යවේදීන් ඇතුළු ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය 2015 දී කථානායකවරයා විසින් අහිමි කළ ආකාරය.(ලිපියේ පරිවර්තනයකි. පහත එම සබැදිය දක්වා ඇත )

LINK

Aruna Laksiri Unawatuna

B.Sc(Col), PGDC(Col), AAL

Email <arunaunawatuna@gmail.com>

Published on: May 25, 2020 – ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ට අයත් මොබිටෙල් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී (වැඩබලන ) ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ගේ සහෝදරයෙකු ගේ පුත්‍රයෙකු පත් කිරීම හේතුවෙන් සමාගම් අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ශ්‍රී ලංකා මොබිටෙල් හී ප්‍රධාන අලෙවි විධායක -(වැඩබලන ) වීමට අගමැති ලේකම් ගාමිණී සෙනරත් ගේ සහෝදරයාගේ පුත්‍රයකු වන ශශික සෙනරත් නැමත්තා පත්කර ඇති නමුත් දේශපාලන බලය හැරුනු විට තනතුර සදහා කිසිදු සුදුසුකමක් ඔහු විසින් සපුරා නැති බවයි වෘත්තීය සමිති ඇතුළු විරෝධය දක්වන පිරිස් අනාවරණය කර ඇත්තේ. ශාශික සෙනරත් නැමත්තා ශ්‍රී ලංකා මොබිටෙල් ප්‍රධාන අලෙවි විධායක (වැඩබලන ) ලෙස පත් වීම ලබන්නේ ඔහුට වඩා ඊට සුදුසුකම් ඇති නිලධාරීන් පනහකට වැඩි පිරිසක් සිටිය දී ය. අවුරුදු 15 ට වැඩි කාලයක් අලෙවි අංශයේ විශේෂී පළපුරුදු ඇති එනම් මෙකී පත්වීම වෙනුවෙන් නියමිත පරිසාධන මට්ටමේ සිටින ජේෂ්ඨ නිලධාරීන් සිටියි. ශශික සෙනරත් සතුව ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් හී විකුණුම් අංශයේ වසර 5ක පළපුරුද්ද පමණි. ඒ අනුව අතිශය තරගකාරී ක්ශේත්‍රයක් නියෝජනය කරන සමාගමක් සම්බන්ධව මෙකී පත්වීම කොහෙත්ම නොගැලපෙන්නක් අමුතුවෙන් සදහන් කල යුතුව නැත.

මිට අමතරව ශශික සෙනරත් දේශපාලන බලය උපයෝගි කරගෙන එක්වරම ශ්‍රේණි 4ක් ඉහළට ගොස් අදාළ තනතුර ලැබීම පමණක් නොව නව තනතුරේ වැටුපට අමතරව තවත් ලක්ෂ 10ක දීමනාවක් ද සකසා ගෙන තිබේ.

“2020 පාස්කු සතියේ සිකුරාදා තමයි මේ තනතුරට ඇබෑර්තු දක්වලා ආයතන අභ්‍යන්තරයේ නිවේදනයක් ප්‍රසිද්ධ කරන්නේ. සඳුදා වෙනකොට ඒ සඳහා ඉල්ලීම් කිරීමට තිබූ කාලය අවසන් වෙනවා. අවුරුදු 10 – 15 අලෙවි අංශයේ අත්දැකීම් බහුල අය විසිවෙනවා. ඇත්තට ම බාප්පා අගමැති ලේකම් වීම හැර වෙන කිසිම අවස්ථාවක් ශශික සෙනරත් ට නෑ.- වෘත්තීය සමිති නියෝජිතයෙක්

මේ වන විට ටෙලිකොම් සමූහයේ ලාභ දායකත්වයෙන් 50% ක පමණ කොටසක් ශ්‍රී ලංකා මොබිටෙල් දායකත්වයෙන් සැපයෙන බවත් එවැනි පසුබිමක මෙවැනි පලපුරුද්දක් , අත්දැකීම් සහ සුදුසුකම් සැපිරූවන් පසෙක තබා දේශපාලන බලපුළුවන්කාරකම් මත තනතුරු ලබා දීම අවදානම් තත්ත්වයක් බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.සමාගමේ ඉහළ තනතුරු අනවශ්‍ය ලෙස විශේෂයෙන් ම දේශපාලනීකරණය වීම හරහා සමාගමක් ලෙස වර්ධනය වනවා වෙනුවට බොහෝ රාජ්‍ය ආයතන මෙන් මූල්‍යමය වශයෙන් බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බවද ඔහු සදහන් කරනවා.

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම තනතුර සඳහා පුරප්පාඩු කැඳවනවා නම් එය විධිමත් ලෙස සිදුකරන ලෙස සමාගම් පරිපාලනය දැනුවත් කිරීමට ටෙලිකොම් සමූහයේ සේවක පිරිස් සහ වෘත්තිය සමිති කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.මිට අමතරව සාර්ථක ව පවත්වාගෙන යන රාජ්‍ය අනුබද්ධ ආයතන දේශපාලන බලහත්කාරය යොදා අවධානමේ හෙලනා කාරයට තනතුරු පත්කිරීම සම්බන්ධව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් දැනුවත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

Mobitel


Published on: May 21, 2020- 2015 අප්‍රේල් 28 වන දින 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරමින් ව්‍යවස්ථානුකූල නීතියක් බවට පත්කරමින් එවකට කතානායක චමල් රාජපක්ෂ මහතා අත්සන් තැබු අතර ඔහු මෙන්ම එයට එකඟ අත ඉස්සු සියලුම දෙනා බරපතල ව්‍යවස්ථා උල්ලංඝනයක් මෙන්ම රටේ නීතියේ ආධිපත්‍ය බලය නොසලකා හරිමින් ජනතාවද මුලාවට පත්කර තිබේන බව දැන් පැහැදිලි ලෙසම අනාවරණය වි තිබේ. ඒ අනුව බරපතල ව්‍යවස්ථා උල්ලංඝනයක් කරමින් කුමන්ත්‍රණයට දායක වු එවකට සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම කතානායකවරයාව සිටි චමල් රාජපක්ෂටද තරාතිරම නොබලා දඩුවම් කිරීම සහ ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සිදුකල යුතු බව නොරහසකි.

ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද 19වන සංශෝධනය 2015 අප්‍රේල් 28 වන දින ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහිදී සම්මත වු අතර තුනෙන් දෙකක බහුතරයෙහි අනුමැතිය එනම් මන්ත්‍රීවරු 225 අතරින් නොපැමිණි හත්දෙනා හැර 215 ක් පක්ෂව ද එක් අයෙකු විපක්ෂව ද තවත් එක් අයෙකු ස්වාධීනව ද ඡන්දය ප්‍රකාශ කිරීම මත සම්මත විය.

2002 දි ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

2002 වසරේදි එවකට රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ව සිටියදි 2002 සැප්තැම්බර් මස 19 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පනත් කෙටුම් පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එහි එක් සංශෝධනයක් වුයේ පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමයි.

2015 දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින්ද 2002 දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මෙන්ම ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම සීමා කරන විධිවිධාන ඇතුළත් කර ඇත.

ඒ අනුව 2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල්වරට ගෙනවිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමට උත්සාහ කළද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු විසින් ඒකමතිකව කියා සිටියේ වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමාකිරීම කරන්නේනම් ඒ සදහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවයි.

ඒ පිලිබද යම් අයෙකුට සැකයක් පවතීනම් අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යන lawnet වෙබ් අඩවියේ පහත සැබැදියේ ඇති එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවීමෙන් සැකය නිරාකරණය කර ගත හැකිය.

පහත සබැදුම මගින් කියවන්න….

https://www.lawnet.gov.lk/2002/12/31/in-re-the-nineteenth-amendment-to-the-constitution/

ඉහත වෙබ් සබැදියෙන් පැහැදිලිවම දක්වා ඇත්තේ 2002 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කර වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමට උත්සාහ කළද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු විසින් ඒකමතිකව කියා සිටියේ ඒ සදහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවයි..

(ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ අවසන් පිටුව ඔබේ පහසුව සදහා පහත දක්වා ඇත.

2) Clauses 2, 3, 4 and 5 contain provisions inconsistent withArticle 3 read together with relevant provisions of Article 4and as such have to be passed by a special majority requiredunder the provisions of Article 84 (2) and approved by thePeople at a Referendum.

(3) The inconsistency with Article 3 read with the relevantprovisions of Article 4 would cease if clauses 2, 3, 4 and5 are deleted and substituted with an appropriate amendmentto proviso (a) to Article 70 (1) of the Constitution by removingthe period of one year in the proviso and substituting thatwith a period not exceeding three years.

SARATH N. SILVA, CJ.
S. W. B. WADUGODAPITIYA, J.
DR. SHIRANI A. BANDARANAYAKE, J.
A. ISMAIL, J.
P. EDUSSURIYA, J.
H. S. YAPA, J.
J. A. N. DE SILVA, J.

Nineteenth Amendment to the Constitution unconstitutional and requiresto be passed by the special majority and approved by the peopleat a referendum subject to item 3 of the determination.) අවශ්‍යනම් ඕනෑම අයෙකුට ඉහත දැක්වෙන 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ ඉංග්‍රීසියෙන් ඇති එම කොටස් සිංහල භාෂාවෙන් පරිවර්තනය කර කියවිය හැක.

එසේනම් එකී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය උල්ලංඝනය කරමින් 70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරුවීමෙන් ජනාධිපතිවරයා වළක්වන ලෙස 79 සහ 80 ව්‍යවස්ථාවලට පටහැනිව විශේෂයෙන් ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනාගේ ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් 2015දී කථානායකවරයා 19යට සහතිකය යෙදුවේ කෙසේද?

ඒ අනුව 2002 දී 19යට ඉංග්‍රීසියෙන් ලබාදුන් එකී තීරණය 2015 සිටි කථානායකවරයාට තේරුම් ගැනීමට නොහැකිව එසේ සහතිකය යෙදුවා විය නොහැකි අතර මෙය ඉංග්‍රීසියෙන් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබාදුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය කිහිප දෙනෙකු විසින් ජනතාවගෙන් උදුරා ගැනීමක්ද වෙයි.

2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට අදාල ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේදීද ඉහත 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය සළකා බලා නැතිබව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තවමත් පනත් කෙටුම්පතක් පමණක් බවට සමාජයේ කතිකාවක් ඇති කරන ලේඛකයන්ගේ සහ විද්වතුන්ගේ අදහසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09 වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව නිකුත් කළගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවලදී මෙන්ම,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය 2002දී ජනතාවට ලබාදුන් ජනමතවිචාරණය ඡන්ද අයිතිය ජනාධිපතිවරයා විසින් මේ දක්වා ජනතාවට ලබා දී නැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය අහිමිකිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ බිදවැටීමටද හේතුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002 දී ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ආරක්ෂා කරදීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සෑම දෙනාගේම වගකීම සහ යුතුකම වන අතර, විධායකයේත්, ව්‍යවස්ථාදායකයේත් සහ අධිකරණයේත් අත්හල නොහැකි වගකීමකි.

ඒ අනුව දැන් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයාගේ සහතිකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ලබා ගත් කුමන්ත්‍රණකාරන්ට, එකී කුමන්ත්‍රණය යට ගැසූ අයට තරාතිරම නොබලා දඩුවම් කිරීම සහ ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව අවශ්‍ය ඉදිරි පියවර ජනාධිපතිවරයා විසින් ගැනීමය. නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවැන් තින්දුවක් ගනිද? ජනාධිපති අපේක්ෂකත්වය ගැනිම් සදහා චමල් රාජපක්ෂ සමග ගෝඨාභය පසුගිය ජනාධිපතිවරණයේදි ඇතිකරගත් එකඟතාව කුමක් විය හැකිද?

අනතුරක් අත ලගද?

නිතීයටපිටින් ජනතාවගේ මතය විමසිමකින් තොරව ශ්‍රී ලංකාවේ ඒකීයබව, බුද්ධාගමට ඇති ප්‍රමුඛත්වය මේ ආකාරයටම ජනමත විචාරණයකට නොගොස් අහිමි කිරීමට මෙය පූර්වාදර්ශයක් කර ගැනීමට මේ කුමන්ත්‍රණකාරීන් ක්‍රියා කිරිමට හැක.

constitutional crisis

Published on: May 20, 2020-රටේ පවතින වත්මන් තත්ත්වය මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සදහන් කළා.

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) තෙවැනි දිනයටත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සමස්ත සෞඛ්‍ය අංශ වලින් යහපත් ප්‍රතිචාරයක් හා මාර්ගෝපදේශන මාලාවක් ලැබෙන තෙක් මැතිවරණයක් පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන් අතර මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස දින 70 ක් ඇතුලත ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද මැතිවරණ කොමිසම අධිකරණයට දන්වා සිටියා.

මේ අතර මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) තීන්දු කළේය.පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල දීර්ඝ කරුණු දැක්වීම් සඳහා තවදුරටත් අවස්ථාව ලබා දීම සඳහා මෙම පෙත්සම් හෙට දක්වා කල් තැබීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කල බවයි අප වාර්තාකරු සදහන් කලේ.

මේ අතර ලබන ජුනි මස 20 වනදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැනුම් දුන් අවස්ථාවේ නැගී සිටි පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මැතිවරණ කොමිසමේ එම දැනුම් දීමට අනුව දැනටමත් හිමිවී තිබෙන බැවින් ඔහු සිය පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව දන්වා සිටියා.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 17 ,18 සහ 19 යන දින වල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බව පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව නාම යෝජනා පත්‍ර භාර ගත හැක්කේ සාමාන්‍ය රාජකාරි කාර්යාල වේලාවන් වල පමණක් බව පෙන්වා දුන් නීතිඥවරයා රජයේ නිවාඩු වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ මාර්තු මස 17 ,18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි සඳහන් කළේ.එය තමන්ගේ සේවාදායකයාගේ මතය බවද ඔහු අගවිනිසුරුවරයා හමුවේ සදහන් කළා.

කෙසේවෙතත් එම ප්‍රකාශයට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් එම කොමිසමේ සාමාජිකයෙකු විසින් මෙයාකාරයෙන් විවේචනය කරමින් කරුණු දැක්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කර තිබේ.

මේ අතර මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන 501 ⁣දරණ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශාලාවේ කිසිදු පින්තූරයක් ෆේස්බුක් සමාජ මාධ්‍යවල පළ නොකරන්නැයි , අගවිනිසුරු වරයා අද (20) විවෘත අධිකරණයට පැමිණි පිරිස හමුවේ අවවාද කරමින් නියෝග කර සිටියා.

මෙම අධිකරණ ශාලාව උපරිමාධිකරණයේ පිලිගැනීමේ උත්සව ශාලාව වුවද , මේවන විට එහි මෙම පෙත්සම් විභාගයට ගැනෙන හෙයින් එම අධිකරණයේ ගරුත්වය ආරක්ෂාවන පරිදි සියලු දෙනාම කටයුතු කළ යුතු බවත් එබැවින් දුරකථනය භාවිතයෙන් එම අධිකරණ ශාලාව ජායාරූප ගත කොට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමෙන් වහාම වළකින්නැයි ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය හමුවේ සදහන් කර සිටියා.

facebook

Published on: May 20, 2020 – ලොව කිසිම රටක කොරෝනා මර්දනය සඳහා හමුදාව යොදා නොගත් තත්වයක් මත කොරෝනා මර්දනය පිළිබඳ නිසි පුහුණුවක් නොමැති, ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇදුම් නොමැතිව නාවික හමුදාවේ රණවිරුවන් යෙදවූයේ කවුදැයි හිටපු පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවෙන් ප‍්‍රශ්ණ කර සිටියේය. අද කොළඹදි පැවති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් විමසා සිටියේ මෙවැනි අපරික්ෂාකාරි තීරණ ගත්තේ කවුදැයි යන්න ආණ්ඩුවෙන් පිළිතුරු ලබාදිය යුතු බවයි.

මෙහිදි මාධ්‍ය හමුව ඇමතු හිටපු මන්ත්‍රීවරයා

කොරෝනා ආසාධිතයින් සෙවීමේ කටයුතු සදහා ඒ පිළිබද නිසි අවබෝධයක් නැති, සෞඛ්‍යාරක්ෂිත ඇªම් කටිටල පවා නොමැතිව අහිංසක නාවික හමුදා නිලධාරින් යෙදවුයේ ඇයි ? ඉන්පසුව ඒ නාවික හමුදා නිලධාරින් ගම්වලට යැවීමට අවසර දුන්නේ කවුද ? යන්න රජයෙන් පිළිතුරක් අවශ්‍යයි. මෙවැනි අපරික්ෂාකාරි තීරණ සෞඛ්‍ය බලධාරින් අනුමත කළායැයි කිසිසේත් විස්වාස කරන්න බැහැ. මම වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගෙන් අහන්න කැමතියි එතුමාගේ අවසරය ගත්තාද කොරෝනා ආසාධිතයන් සෙවීම සදහා නාවික හමුදාව යොදවන්න. වෛද්‍යවරු අවසර දුන්නාද ? කාර්‍ය සාධන බලකාය අවසර දුන්නාද ? නැත්නම් නාවික හමුදාපති අවසර දුන්නාද ? මේ ප‍්‍රශ්නය ඉදිරියේ අද ආණ්ඩුව විත්තිකූඩුවේ සිටින්නේ. අහිංසක නාවික හමුදා නිලධාරින්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇදුම් නොමැතිව යෙදවූයේ කවුද යන්න බෝල පාස් නොකර රජයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවා නිවේදනයක් නිකුත් කරලා තිබුණා නාවික හමුදාවේ සිටින කොරෝනා ආසාධිතයින් සම්බන්ධව කිසිම තොරතුරක් නැහැ කියා.

අනෙක් කාරණය ජනවාරි මාසයේ ගුවන්තොටුපළ වසා දමන ලෙසට අපි ඉල්ලා සිටියත් ආණ්ඩුව එයට පිළිතුරු දුන්නේ හාස්‍යයෙන්. නමුත් එලෙස කි‍්‍රයා කළ අනෙක් රටවල් අද සාර්ථකව කොරෝනා වසංගතය මර්දනය කරලා. රජය ගුවන්තොටපළ වසා නොදමා රජයට ආවඩන මාධ්‍ය ආයතන කිහිපයක් හා එක්ව වීඩියෝපටයක් නිර්මාණය කළා ශී‍්‍ර ලංකාවේ කොරෝනා නැහැ අපේ රටට එන්න කියලා. ඉන්පසු බොහෝ පිරිසක් අපේ රටට එන්න පටන්ගත්තා. ජනවාරි මාසයේ අග සිට මාර්තු 20 දක්වා කාලයේ තමා මේ අය ලංකවාට ආවේ. සංචාරක මගපෙන්වන්නන් සමග යුරෝපිය සංචාරකයෝ, ඉතාලිය හා මැදපෙරදිග සිට පැමිණි අය, ව්‍යාපාරිකයන්, ඉන්දියාවට ගිය වන්දනාකරුවන් ආදි සති 06ක කාලයක් තිස්සේ මෙරටට ආ පිරිස් සම්බන්ධව ගුවන්තොටුපලේදි කිසිම පරීක්ෂණයක් සිදුකලේ නැහැ. මේ සති 06දි තමයි අපේ රටට කොරෝනා පැමිණියේ. පළමු කොරෝනා රෝගින් සියය විදේශීකයින්. නිසි වෙලාවට ගුවන්තොටුපළ වසාදැමුවානම් අපේ රට සුරක්ෂිත වෙන්න තිබුණා. මාර්තු 17 රටේ නායකයා ඇහුවා කොරෝනා රෝගින් 28ක් තියාගෙන රට වහන්න පු`එවන්ද කියා. මේ ගැන මාධ්‍ය හෙළිකරන්නේ නැහැ. මේකයි තත්වය.

පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ මේ නිසා. එතකොට මේ සිය`එ කරුණු හෙළදරව් වෙනවා. කොරෝනා තිබෙන හැම රටකම පාර්ලිමේන්තුව කි‍්‍රයාශීලි දායකත්වයක් දක්වනවා. මේ සිය`එ ප‍්‍රශ්ණ සාකච්චා කරලා විසදුම් ලබාදෙන්න තිබුණා. නමුත් ජනවාරි සිට මාර්තු දක්වා ආණ්ඩුව කලේ දේශපාලනය පමණයි. එක්සත් ජාතික පක්ෂයේ බෙදිල්ල වාසියක් කරගෙන නාම යෝජනා ගන්න ආණ්ඩුව මාර්තු වෙනකන් කලේ දේශපාලනය. කොරෝනා මර්දනය නෙමේ. ආණ්ඩුව වැරුද්ද භාරගන්න ඕන නිහතමානිව.

ඊයේ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා අපිව විවේචනය කරන බලපැම් කරන ජාත්‍යන්තර සංවිධාන සමග තිබෙන සම්බන්ධතා නවත්වනවා කියා. මම අහන්න කැමතියි එම් සී සී ගිවිසුම අහෝසි කරනවාද ? මොකද අපේ රටට බලපැම් කරන සංවිධාන පිටුපස සිටින්නේ ඇමරිකාව හා බටහිර රටවල්.

වත්මන් තත්වය හමුවේ ඉදිරි මැතිවරණය ජයග‍්‍රහණය කලහැකිදැයි යන්න මෙහිදි මාධ්‍යවේදින් විසින් විමසා සිටිමේදි ලබාදුන් පිළිතුර,

මැතිවරණය තියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ජනාධිපතිතුමා බලයට පත්වුනේ නොවැම්බර් මාසයේ. මේ වෙනකන් කරපු එක දෙයක් කියන්න පු`එවන්නම්. යහපාලන ආණ්ඩුවේ දින සියයයි මේ ආණ්ඩුවයි අහසට පොළව වගේ. අපි කොරෝනා ගැන ප‍්‍රශ්ණ කලාම ආණ්ඩුව පිළිතුරු දුන්නේ පරිප්පුයි සැමන් වලින්.

එක්සත් ජාතික පක්ෂය හා ඇති ගැටුම්කාරි තත්වය පිළිබදවද මෙහිදි කරුණු විමසා සිටියා,

අපිට සතුරෝ නැහැ. මත ඉදිරිපත් කිරිම් පමණයි ගැටුම් නැහැ. අපිට ලැබෙන තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂයේ සමහරු ආණ්ඩුවට එක්වෙන්න බලාගෙන ඉන්නේ. සමහරු ආරාධනා එනකන් බලාගෙන ඉන්නවා. අපිට ආණ්ඩුවට යන්න උවමනාවක් නැහැ. අපිට ජනවරමක් හම්බුනොත් අපි ආණ්ඩුවක් හදනවා. පස්ස දොරෙන් ආණ්ඩු හදන්න සමගි ජන බලවේගයට උවමනා නැහැ. තුනෙන් දෙකක් නෙමේ ආණ්ඩුවට 113ක් ගන්නත් බැහැ. ගම්වලට ගිහින් බැලූවම තේරෙයි.

Lakshman Kiriella
Sri Lankan Politician
Top