පුවත්

ඡන්දය පෙනී පෙනී රාජිතගෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක්!

මන්ත්‍රී රාජිත සේනාරත්නගේ මූලිකත්වයෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක් පිහිටුවා තිබේ.එහි ආරම්භය ඊයේ (06) කොළඹදී සිදුවුණ අතර ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියා.

දුමින්ද දිසානායක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම එජාපයේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද ඊට එක්ව සිටියා.පැෆරල් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයිදන්ද ඊට සහභාගී වුණා.

මේ වන විට ලොව පුර දරුණු යුධ ගැටුම් ඇවිලී තිබුණද ඒවාට එරෙහිව දැනෙන විරෝධයක් පෙනෙන්නට නැති අතර විශේෂයෙන් ශ්‍රී ලනකව තුළ මීට ඉහත කාලවලදී මෙම යුද්ධයන්ට එරෙහිව විශාල හඬක් නැගුණ නමුත් දැන් එවැනි පරිසරයක් දැක ගත නොහැකි බවයි රාජිත සේනාරත්න පැවසුවේ.

මෙහිදී පලස්තීනයේ ගාසා තීරණයේ ඇතිව තිබෙන සමූල ඝාතනයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වුණා.

රුසියානු යුක්‍රේන යුද්ධය, සුඩානයේ සිවිල් යුද්ධය, මියන්මාරයේ ඇතිව තිබෙන තත්ත්වය, ඇතුළු ලෝකය පුර විසිරි තිබෙන යුද ගැටුම් හේතුවෙන් රටවල තුළ මතුව තිබෙන අරාජික තත්ත්වය ගැන සේනාරත්න මහතා මෙහිදී අවධානය යොමුකළා.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වරින් වර එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා පරාජය කළද අවසානයේ ඊශ්‍රායලය ගෙන යන තිරස්චීන ක්රිය්වට විරෝධය දැක්වීමට තිබෙන අතර ඇමරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රමුඛ රටවල විශ්ව විද්‍යාල තුළද පන්ති වර්ජනය කරමින් මෙම යුද්ධයන්ට විරෝධය දක්වන තැනට පත්ව තිබෙන බවද සේනාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

Top