Published on: May 20, 2020- ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී සමස්ථ රටේ මහජනතාවගේ හැසිරීම මත පදනම්ව විශේෂ මැතිවරණ සමීක්ෂණයක් බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදු කර තිබේන අතර එම සමික්ෂණයට අනුව මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රි පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 125ක් සමග විශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයක් අත්කර ගන්නා බව  බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුකර තිබේන විශේෂ මැතිවරණ සමීක්ෂණයක් හරහා අනාවරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

එම සමීක්ෂණ වාර්තාවට අනුව රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබාදෙන එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට හැකි වන්නේ මන්ත්‍රී ධුර 8ක් පමණක් බව අනාවරණය වි තිබේ.සජිත් ප්‍රේමදාස නායකත්වය ලබාදෙන සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 67 ක් ඉක්මවා යැමට හැකි වනු ඇති බවත් අනාවරණය කර තිබේ.

කොළඹ, ගම්පහ, කුරුණෑගල, නුවරඑළිය, පුත්තලම හා කළුතර දිස්ත්‍රික්ක වල එක් මන්ත්‍රී ධුරයක් පමණක් එක්සත් ජාතික පක්ෂයට දිනා ගැනීමට හැකිවන බවත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර දෙකක් හිමිවන බවත් එම සමීක්ෂණය පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණට ගම්පහ, කොළඹ සහ ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවේ. දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රි ධුර 14 ක් හිමිකරගන්නා අතර එම සන්ධානයෙන් ගැලවුණු විග්නේෂ්වරන් කණ්ඩායම මන්ත්‍රීධුර 2 ක් ලබාගනු ඇතැයි සමීක්ෂණය මගින් තහවුරු වී තිබේ.

මන්ත්‍රී ධුර 5ක් සම්බන්ධයෙන් අවසන් නිගමනයක් දක්වා නොමැති එම සමීක්ෂණය, වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒවා රවුෆ් හකීම්, රිෂාද් බදුර්දීන් වෙත හෝ පොහොට්ටුව වෙත ආකර්ශනය වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.

සියලු දේශපාලන පක්ෂ වල වැඩි අවධානයක් යොමු වන කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර බෙදී යාමේදී ඉන් 10 ක් හිමිකරගැනීමට පොහොට්ටුවට හැකි බව සමීක්ෂණ වාර්තාව පෙන්වාදෙයි. සමගි ජන බලවේගයට 7 ක් හිමි වද්දී, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රී ධූරයකට සීමා වී ඇත.

දැනට පවතින තත්ත්වය අනුව පොදුජන පෙරමුණට සමීක්ෂණ වාර්තාවේ නිශ්චිත මන්ත්‍රීධුර 125 ආරක්ෂා කරගනිමින් උපරිම මන්ත්‍රී ධුර 140 දක්වා යා හැකි බව බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී තිබේ.

බත්තරමුල්ල පොහොට්ටු කාර්යාලයේ බැසිල්ගේ තාක්ෂණීක කණ්ඩායම සහ රටපුර පලාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේන අතර කොරෝනා සමයේ රජය ලබාදුන් 5000ක් මුදල සහ විවිධ සහනාධාර බේදාදිම වැඩසටහන් වලදි ජනතාවගෙන් ලැබුන ප්‍රතිචාරයන්ද මේ සදහා භාවිතා කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මින් පෙර  සෑම මැතිවරණයක් අභිමුඛවම බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවැනි සමීක්ෂණයක් සිදුකර ඇති අතර එවායේ ප්‍රතිපල  90%ක්ම නිවැරදි ඒවා විය.

කෙසේවෙතත් මහා මැතිවරණය පවත්වන දිනය ඒ සදහා ප්‍රබලම ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවත් මැතිවරණය අගෝස්තුව පසුව පැවැත්විමට සිදුවුවහොත් මෙම   ප්‍රතිඵලයෙන් භාගයකට ලගා විම පවා දැඩි අසීරූ තත්ත්වයකට පත්වන බවද බැසිල් විසින් සදහන් කර තිබේ.කොරෝනා අවසන් කල විරුවා ලෙස ගෝඨාභය සහ මහින්ද සමාජයේ මතුකලයුතු බවත් ඒ සදහා මේ වනවිටත් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබේන බවත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. මේ වනවිට කොරෝනා රෝගීන් හදුනා ගැනිම සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ නතරකර දමා ඇති අතර පසුගිය කාලසිමාවේ රෝගය පැතීර යෑම සම්බන්ධයෙන් වාර්තා සියල්ලක්මද මේ වනවිට යටගසා ඇති බවද ඔහු සදහන් කළා.(ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් බලාපොරොත්තු වන්න )

2020 Sri Lankan parliamentary election

Sri Lanka Podujana Peramuna (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

Published on: May 19, 2020- මාර්තු මස 02 වැනි දා ජනාධිපතිවරයා විසින් විසුරුවා හල පාර්ලිමේන්තුව නැවත ජුනි මස 02 වන දා ට පෙර රැස්විය යුතු බවත් එසේ රැස් නොවන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත වන බවත් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කර සිටියා.

ජූනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද අවසන් කලයුතුව තිබුනද එය හෙට (20) පෙරවරු 10 .00 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ආරම්භ කෙරුණේ ඊයේ(18) දිනයේදියි.

සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර , හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක හා කුමාර වෙල්ගම යන හිටපු අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනකට වැඩි කාලයක් එය යළි රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අවසර හිමි නොවන බවත් එවැනී අවස්ථාවක විසුරුවා හරින ලද පැවති පාර්ලිමේන්තුව යළි බලාත්මක තත්ත්වයට පත්වන බව ද නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඉකුත් 2019 වසරේ සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මූල්‍ය භාවිතය සඳහා අවසර හිමි වන්නේ අප්‍රේල් මස 30 වනදා දක්වා පමණක් බවත් ඉන් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය මූල්‍ය භාවිතා කිරීමට රජයට හැකියාවක් නොමැති බවත් මෙහිදී නීතිඥ ප්‍රනාන්දු මහතා පෙන්වා දුන් අතර ඒ අනුව අප්‍රේල් මස 30 වනදායින් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිදුකරනු ලබන රාජ්‍ය මුදල් වැය කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් වන බවද පෙන්වා දුන්නා.

පෙත්සම් කැදවූ අවස්ථාවේ පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ඒ මහතාගේ නීතිඥ විරාන් කොරයා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක නොඉක්මවන කාලසීමාවක් තුළ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට විධිවිධාන සලසා තිබෙන බවයි.

ඒ අනුව ඉකුත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මස 2 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවන දා ට පෙර රැස්කිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය කරුණක් බව ද නීතිඥ කොරයා මහතා පෙන්වා දුන්නේය.

පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(19) පෙරවරුවේ 10.00ට දෙවන දිනයේත් ආරම්භ වූයේ 501 ⁣දරණ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශාලාවේ මීටරය දුර පරතරය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විවෘත අධිකරණය හමුවේ අසුන් ගැනිමද සිදුවුනා.

අප කල අනාවරණයන්…..


http://lankanewsnetwork.org/archives/24289

http://lankanewsnetwork.org/archives/24277

Published on: May 18, 2020 – මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම විසිකර දැමිම සදහා මේ වනවිට මෙහෙයුමක් දියත් වන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව 19 සම්බන්ධයෙන් (70ව්‍යවස්ථාව සංශෝධනයට) 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය, 2015දී කථානායකවරයා උල්ලංඝනය කිරීම යට ගැසීම සදහා ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවලදී නීතිපතිවරයා තාක්ෂණික විරෝධතා පදනම් කර ගනිමින් පෙත්සම් විභාගයට නොගෙනම විසිකර දැමිම සදහා කටයුතු කරන ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවයන් තුනක් ගොනු කළ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් මෙම පංච පුද්ගල විනිසුර මඩුල්ල හමුවේ පෙත්සම් කැදවිණි.

නීතීඥ චරිත ගුණරත්න , රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීන මාධ්‍යවේදී විකටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන් මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ. ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.

කො⁣රෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20’වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බවත් පාර්ලිමේන්තු ව විසුරුවා හැරීම කල දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සදහා මැතිවරණය පැවැත්විය යුතු අතර එසේ නොකිරීම නීතිවිරෝධී බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි. එමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බැවින් මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළ ව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසද ඉල්ලා තිබිණි.

කෙසේවෙතත් මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කාලවිරෝධී බවත් , ඇතැම් පෙත්සම් වල අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති නම් නොකිරීම සහ ඉල්ලා සිටින සහනයන් ප්‍රදානය කිරීම සදහා පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිය මූලික වි⁣රෝධතා ඉදිරිපත් කියා සිටියාය.

එසේම පෙත්සම් හි වගඋත්තරකරුවකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාද මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වී ඇති බවත් , එසේම එම පෙත්සම් නීතියට පටහැනි ලෙස ගොනු කෙරී ඇති බවත්ය.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම ,එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කර තිබේ.

මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කිරිමට හැකියාවක් නොලැබුනහොත් පාර්ලිමේන්තුව රැස් නොකරම පවත්වාගෙන යැමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවනු ඇත.

The Supreme Court of Sri Lanka


Published on: May 17, 2020 – ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමට ඇති හැකියාව සීමාකිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට නියම කළ 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය, 2015දී කථානායකවරයා උල්ලංඝනය කිරීම, ජූනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහි නඩුවලදී වත්මන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සළකා බලයිද?

1 වන වරට 19ය 2002දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ පළ කර ඇත.

2002 වර්ෂයේ ගෙන එනු ලැබූ එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකී 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 වන වගන්තිය අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් එය නීතියක් වන්නේ ජනමත විචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බව අගවිනිසුරු ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනකු විසින් තීරණය කර තිබූ අතර ඒ හේතුවෙන් එකී 19යේ ඉදිරි කටයුතු එතනින් නතර විය.

2 වන වරටත් 19ය 2015දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 19 වගන්තිය මගින් පාර්ලිමේන්තුව විසිරවීමට අදාළ ජනාධිපතිවරයා සීමා කරන විධිවිධානද දැක්වේ.

2015 දී ගෙනා 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර එනම් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 7 දෙනකු විසින්, එදා (2002) ගෙනා 19ය සම්බන්ධයෙන් තීරණය කළ පරිදි පාර්ලිමේන්තුව විසිරුවීමෙන් ජනාධිපති වළක්වන විධිවිධානය නීතියක් බවට පත් කිරීමට ජනතාවගේ මතය විමසන ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍යතාවය පූර්ණය කළ යුතු වුවත්, මේ වනතෙක් එසේ කටයුතු කර නැති නමුත් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනෙකු ලබා දුන් ඒකමතික තීරණයට පටහැනිව ජනමතවිචාරණයකට නොගොස් 2015 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත්‍රණකාරී ලෙස නීතියක් ලෙස බලහත්කාරයෙන් පවත්වාගෙන යයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09 වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව නිකුත් කළ

ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවකින් නලීන් පෙරේරා (අ.වි) බුවනෙක අලූවිහාර (වි), සිසිර ආබෲ(වි) ප‍්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප‍්‍රසන්න ජයවර්ධන (වි) සහ මෘදු ප‍්‍රනාන්දු (වි) විසින් ලබා දුන් තීන්දුවේදී පවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසරුවීමට ඇති හැකියාව සීමාකිරීමට ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට, සම්බන්ධයෙන් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය සළකා බලා නැති බව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තවමත් පනත් කෙටුම්පතක් පමණක් බවට සමාජයේ කතිකාවක් ඇති කරන ලේඛකයන්ගේ සහ විද්වතුන්ගේ අදහසයි.

එවන් තත්ත්වයක් තුළ (2002 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව කථානායකවරයා සහතිකය යෙදූ) 19යට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් මැතිවරණ කොමිසම විසින් 2020 ජුනි 20 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව ගොනු වී ඇත.

එකී පෙත්සම්වල පසුබිම

2020 මාර්තු 02 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර අප්‍රේල් 25 දින මහමැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නාමයෝජනාද බාරගෙන තිබුණි.

(නීති විරෝධී 19ය යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් විරෝධය දක්වා මෙම ලියුම්කරු විසින් ජනාධිපතිවරයාට සිය විරෝධය දක්වා ඇත)

පසුව ඇති වූ විශේෂ තත්ත්වය මත මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනක් නොඉක්මවීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට වන අවශ්‍යතාවය ඒ අනුව සපුරාලිය නොහැකි තත්වය උද්ගතවී ඇති පදනමින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

මෙම පෙත්සම් සළකා බැලීම සදහා අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල විනිසුර මඩුල්ලක් මේ වන විටත් පත්කර ඇති අතර මැයි 18 සහ 19 දිනවල ඒ සදහා නියම කර ඇත.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සංයුතිය සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවෙ විනිසුරු 7දෙනාගේ සංයුතියේ වැදගත්කම.

මැතිවරණ කොමිසම විසින් 2020 ජුනි 20 පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව ගොනු වී ඇති පෙත්සම් විභාගය සදහා අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ(වි)

සිර ආබෲ(වි), ප්‍රියන්ත ජයවර්ධන(වි) විජිත් මලල්ගොඩ (වි) සමන්විතවන අතර, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවෙ විනිසුරු 7දෙනාගේ සංයුතියට නලීන් පෙරේරා (අ.වි) බුවනෙක අලූවිහාර (වි), සිසිර ආබෲ(වි) ප‍්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප‍්‍රසන්න ජයවර්ධන (වි) සහ මෘදු ප‍්‍රනාන්දු (වි) ඇතුලත් විය.

මෙම විනිසුරු සංයුතීන් දෙස සැළකිල්ලෙන් බැලීමේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවේ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අද අගවිනිසුරුවරයා වීමත්, එදා තමන්ගේ නීති තර්ක පිළිනොගත් විනිසුරුවරු 4දෙනෙකු සමග 2020 මැයි 18 සහ 19 දිනවල, මැතිවරණ කොමිසම විසින් 2020 ජුනි 20 පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව ගොනු වී ඇති පෙත්සම් සළකා බැලීම සදහා පංච පුද්ගල විනිසුරු සංයුතිය සකස් වීමත් සුවිශේෂ වෙයි.

නීතියේ ස්වභාවය සහ ධූරවල ස්වභාවය මෙය වුවත්, 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 සහ 80 ව්‍යවස්ථාවලට පටහැනිව සහතිකය යෙදීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය මෙම පංච පුද්ගල විනිසුරු නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසදන්නේද? එසේ විසදෙන්නේනම් මෙම නඩුවේ විනිශ්චය සහ විශේෂයෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් දක්වන විනිශ්චය ජනතාවට ඉතා වැදගත් වන බවත් මෙම ලියුම්කරුගේ අදහසයි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිශ්චය ජනතාවට ඉතා වැදගත් වන බව.

මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට එරෙහි නඩුවල විනිශ්චය කවර ස්වාභාවයක් ගත්තද, එය ඉතා වැදගත් වන්නේ ඉහත කාරණා මත පමණක් නොවේ.

පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් පිළිගෙන ක්‍රියා කරමින් ජූනි 20 පවත්වන මැතිවරණය අවලංගු කළහොත් එනයින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මාර්තු 02 දිනැතිව පාර්ලිමේන්තුව විසුරුවන ලද ගැසට්ටුවත් අවලංගු වෙනවද? යන්න නීතිමය ලෙස දැනගැනීම ජනතාවට ඉතා වැදගත් වේ.

මන්ද යත් වසර 4 1/2ක් ගෙවීයන තෙක් පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය 2018.12.13 දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 දී පාර්ලිමේන්තුව විසිරුවීම අදාල නඩුවේ විනිශ්චය කර ඇති හෙයින් (2002 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව කථානායකවරයා සහතිකය යෙදීම සළකා නොබලා) එකී විනිශ්චයෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීම වෙනස්වන්නේ කෙසේද? යන්නත් පිළිබද ලැබෙන අර්ථනිරූපණයත් වැදගත් වේ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට එරෙහි නඩුවලද විනිශ්චයේදී,

1. 2002 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනාගේ ඒකමතික තීරණය,

2. 2015 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගෙ තීරණය

3. 2018 දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවීම අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු 7 දෙනාගේ තීන්දුව

සහ ඉදිරිපත් කරන වෙනත් නීති සැළකිල්ලට ලක් කරමින් සිය විනිශ්චය ලබා දෙනු ඇත.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති හැකියාව සීමාකිරීම සම්බන්ධයෙන් 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය සහ එහි දැක්වෙන ජනමත විචාරණයේ අවශ්‍යතාව සහ එකී ජනමත විචාරණය මේ දක්වා නොපැවැත්වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සළකා බලයිද? යන්න කීමට තවම අවස්ථාව නොවුණත් එකී විනිශ්චය අධ්‍යනය කිරීමෙන් පසු එකී විනිශ්චයේ බලපෑම සම්බන්ධයෙන් කතිකාවක් ඇති කළ හැකිය.

මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය 2020 ජූනි 20 දින පැවැත්වීමට එරෙහි නඩුවල පංච පුද්ගල විනිශ්චය බහුතර ජනතාවට කියවිය හැකි සිංහල භාෂාවෙන් ජනතාවට සන්නිවේදන කිරීමට විධායකය විසින් කටයුතු කිරීම නෛතික බලවන්ත සමාජයක් බිහි කිරීමටත්, විනය ගරුක සමාජයක් සදහා දිරි දීමක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමක්ද වෙයි. ඒ වෙනුවෙන් විධායකය පෙළඹවීම නීතිය අගයන පුරවැසියන්ගේ වගකීම වෙයි.

(2020.05.16)

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col)


Published on: May 10, 2020 – රාජපක්ෂ (වැ.බැ ) රජයේ උද්දච්ඡකම, නොහැකියාව හා මූල්‍ය විනයක් නැති නිසාම අප රටේ ආර්ථිකය යළි වතාවක් හදිස්සි ප්‍රතිකාර ඒකකයට නොව මෘත ශරීරාගාරය (Mortuary) වෙත තල්ලු කිරීමට මේ රටේ ජනතාව මේ රජයට ඉඩ නොතැබිය  යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.රජයේ නොහැකියාවට රාජ්‍ය සේවකයන් වග කිව යුතු නැත යන්නයි එම නිවේදනය වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ.

රටේ ආර්ථිකය නිසි ලෙස කලමනාකරණය කළ නොහැකි රජයේ නොහැකියාවට රාජ්‍ය සේවකයන් වග කිව යුතු නැත

නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බැරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලයේ සිටි රජයන් එම අර්බූද නිසි ලෙස කළමනාකරණය කළා විනා එය රජයේ සේවකයන්ගේ කර මත පැටෙව්වේ නැත.

එහෙත්,  “අපට බලය දෙන්න අපි කරලා පෙන්වන්නම් – සල්ලි හොයන හැටිත් අපි දන්නවා” යැයි ජනාධිපතිවරණ සමයේ කී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අසුනේ සිටින වත්මන් රජය කොරෝනා වසංගතයෙන් ආර්ථික අර්බුදයක් ඇති වූ වයි කියමින් එය විසඳීම සඳහා සමස්ත රාජ්‍ය අංශයේ 14 ලක්ෂයක් පමණ සේවක පිරිසගේ මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන මෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා ඇත. කොරෝනා වෛරසය නිසා ගෝලීය ආර්ථික අර්බූදයක් ඇතිවූ බව සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකාවේ කොරෝනාව ව්‍යාප්තවීමට පෙර සිටම මහා ආර්ථික අර්බූදයක් හට ගත්තේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරන ලද රටේ මූල්‍ය විනය මෙම රජය සම්පූර්ණයෙන්ම බිඳ දැමූ නිසාය.

ඕනෑම රටකට නොසිතූ ආකාරයට හා නොසිතූ වේලාවක ස්වාභාවික මෙන්ම මිනිසුන් විසින් ඇතිකරන ලද ව්‍යසනයන් සිදුවීම සාමාන්‍යයි. බලයේ සිටින පාලකයන් දක්ෂ නම් රටේ ආර්ථිකය නිසි ලෙස  කළමනාකරණය කිරීමෙන් ඒවාට විසඳුම් සොයා හත හැකිය. එසේ අවස්ථානුකූලව ආර්ථිකය සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කරනවා විනා ජනතාවගෙන් හෝ රාජ්‍ය සේවකයන්ගෙන් තමන් හරි හම්භ කළ මුදල රජයට පරිත්‍යාග කරන්නැයි මෙතෙක් කිසිදූ රජයක් ඉලා සිටි බවට වාර්ථා වී නොමැත.

කෝවිඩ්-19 වෛරසය ලෝක ආර්ථිකය මුළුමනින්ම හුදකලා කර සෑම රටකම ජන ජීවිතය අවිනිශ්චිතතාවයකට පත් කර ඇතැයි කියමින් අපගේ දේශීය ශක්තිය විදහා දක්වනුවස් මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන්නැයි 14 ලක්ෂයක් පමණ වන සමස්ත රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන්   ජනාධිපති ලේකම් ලිපියක් මගින් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරස් ව්‍යාප්තියට පෙර සිටම එනම් මෙම රජය බලයට පත්වී මුල් මාස තුනක් ඇතුළතදීම රජය මහා ආර්ථික අර්බුදයකට තල්ලු වූ බව නොරහසකි. කෙසේ හෝ බලය ගැනීමේ පරමාර්ථයෙන් ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් 2020 මාර්තු වන විටම ආර්ථිකය කඩා වැටුණි.

2014 වසරේ (රු. බිලියන 1000)  ට්‍රිලියනයක් පමණ වූ වාර්ෂික රාජ්‍ය ආදායම යහ පාලන රජයේ අවසානය වන විට එය දෙගුණයක් දක්වා එනම්  ට්‍රිලියන් දෙකකට ආසන්න මුදලක් දක්වා (රු. බිලියන 2000) වැඩි කරන ලදී. එහෙත් මෙම රජය ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් ජනතාවට කිසිදූ ආර්ථික ප්‍රතිලාභයක් අත්නොවූ වා සේම  රාජ්‍ය ආදායම ද 2014 පැවති තත්ත්වයකට යළි අඩු වෙමින් පවතියි.

මා මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී පැවති රුපියල් ට්‍රිලියනයක් පමණ වූ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඉලක්කය ඡන්දය ලබාගැනීමේ අරමුණින් ජනතාව නොමඟ යවන පොරොන්දු දීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම මේ වසරේ දී අඩකට වඩා ප්‍රමාණයකින් අඩු වනු ඇත.

රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සඳහා මසකට රුපියල් බිලියන 100 බැගින් වසරකට බිලියන 1200 ක් වැය වෙතැයි  ජනාධිපති ලේකම්ගේ ලිපියෙන්ම පිළිගෙන ඇති ආකාරය බලන විට මෙම රජය යටතේ රාජ්‍ය ආදායම වැටුප් ගෙවන්නට පවා ප්‍රමාණවත් වේ දැයි සැක සහිතයි.

යහපාලන රජය සමයේ වසර හැටකට පසු වූ දරුණුම නියඟයක් 2016 වසරේ දී වාර්ථාවූ අතර 2017 වසරේ දී ගංවතුරකින් කෘෂිකර්මාන්තයට විශාල හානි සිදු විය. ඒ වගේම 2018 ඔක්තෝබර් මස සිදු වූ දින 52 ක ව්‍යවස්ථා කුමන්ත්‍රණය මෙන්ම  2019 පාස්කු ඉරු දින ත්‍රස්ථ ප්‍රහාරය හේතුවෙන් ද දියුණු වෙමින් පැවති  සංචාරක ක්ෂේත්‍රයට විශාල පාඩු සිදු විය. එවන් අර්බුදකාරී අවස්ථාවේ වූවද යහපාලන රජය විසින් පොරොන්දු වූ පරිදී වාර්ෂික වැටුප් වැඩිකිරීම සිදුකළා විනා ඒවා අඩු කිරීම පිළිබඳව කිසිදු අවස්ථාවක තීරණයකට එළෙඹියේ නැත.

යහ පාලන රජයේ සමයේ ඉහත අභියෝග රැසක් මධ්‍යයේ වූවද ආර්ථික ක්‍රියාවලිය උත්තේජනය කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබීය.

රාජ්‍ය සේවක හා විශ්‍රාමික වැටුෆ් හා දීමනා මුල් දින 100 දීම වැඩිකරන ලදී

යහපාලන රජය විසින් 2018 වසරේ පත් කරන ලද රනුග්ගේ කොමිසම් වාර්ථාවේ නිර්දේශිත පරිදි රාජ්‍ය සේවක වැටුප් හා පන් ලක්ෂයක් පමණ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපද 2020 ජනවාරියේ සිට වැඩි කිරීමට අතුරු සම්මත ගිණුම මගින් ප්‍රතිපාදන වෙන් කර තිබූ නමු දූ මෙම රජය බලයට පත් වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිකිරීම කප්පාදු කරන ලදී. එම වැඩිවීමත් සමග 2015 මූලික වැටුපට සාපේක්ෂව 107 % න් වැඩිකර තිබූ රාජ්‍ය සේවක වැටුප 2020 ජනවාරියේ සිට 135 % දක්වා වැඩිවීමට නියමිතව තිබුණි.

2015 දී අප, රජය භාරගන්නා විට රාජපක්ෂ රජයේ සමයේ නොගෙවූ හා හිඟ බිල් පත් රු. බිලියන 140 ක පමණ දේශීය ණය 2016 වසර තුළ පියවන ලදී.

සමෘධි හා වැඩි හිටි දීමනා දෙගුණ කරන ලදී

2016 දී වසර 40 ට පසුව ඇතිවූ දරුණුතම නියගයෙන් සිදු වූ වගා හානි හා

2017 මහා ගංවතුරෙන් විනාශ වූ දේපල හානි නිසා  ආර්ථිකය කඩා වටෙන්නට නොදී එය යළි ගොඩනැගීම සඳහා හානි පූර්ණ වශයෙන් රු 20 ලක්ෂයක් දක්වා වන්දි දෙන ලදී.

රාජපක්ෂ රජයේ සමයේ අවසර ගෙන 240 % වැනි අධික පොලියට ක්‍රියාත්මක කළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් බැට කෑ නියඟයෙන් හානියට පත් දිස්ත්‍රික්ක 13 ක සිටි රුපියල් ලක්ෂයක් දක්වා ණය ලබාගෙන සිටි පුද්ගලයන් 45000 කගේ ණය සම්පූර්ණයෙන්ම කපා හරින ලදී.

රටේ ග්‍රාමීය ආර්ථිකය වේගවත් කිරීම සඳහා “ගම්පෙරලිය” වැඩසටහන යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම වසරකට රු මිලියන 300 බැගින් ලබාදෙන ලද අතර එය 2020 දී රු මි. 400 දක්වා වැඩි කිරීමට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර තිබිණි

එමෙන්ම “එන්ටප්‍රයිස් ශ්‍රී” ලංකා වැඩසටහන යටතේ ව්‍යවසායකත්වය දියුණු කරන පෞද්ගලික ආයෝජනයන් දිරිමත් කරන ව්‍යවසායකතව ශ්‍රී ලංකා වැඩ සටහන මගින් රු මිලියන 90,000 ක් පෞද්ගලික ආයෝජනවලට රජය අඩු පොලි ණය ලබාදුන්නේය. එම සාර්ථක වැඩ සටහන මෙම රජය මගින් නවතා දැමීමෙන් ආයෝජනයට අවශ්‍ය මුදල් නොමැතිව ව්‍යවසායකයන් තම ආයෝජන අත් හරින අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටි ති.

දින 52 ක දේශපාලන කුමන්ත්‍රණය නිසා රුපියලේ අගය අවප්‍රමාණය වූ අතරම සංචාරක ක්ෂේත්‍රය ඇතුළුව  ආර්ථිකයට සිදු වූ දැවන්ත පසුබෑම ද කළමනාකරනය කරන ලදී.

පාස්කු ප්‍රහාරයෙන් පසුව විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය නංවන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විවිඩ සහන ලබාදීමට ක්ෂණිකව කටයුතු කළ අතර ග්‍රාමීය මට්ටමේ සංචාරක පොඩ්ඩන්ට ද පොලි සහන ණය පැකේජයන් හඳුන්වා දෙන ලදී.

පාස්කු ප්‍රහාරය නිසා වෙසක් සමය සමරන්නට බැරිවීමෙන් දුෂ්කරතාවයට පත් වූ වෙසක් තොරන් නිර්මාණකරුවන් හා වෙසක් සංගීත කණ්ඩායම් ආදීන්ට ද රජය මගින් සහන දෙන ලදී.

මේ සියලු සහන හා ආර්ථික උත්තේජන පැකේජයන් මැද රාජපක්ෂ රජය විසින් ලබාගෙන තිබූ 60% ට අධික ණය ඇතුළු සියලු ණය වෙලාවට ගෙවීම් කිරීම ද සිදු කළේය.

මේ සියල්ල ඉදිරියේ එනම් ශ්‍රීමත් ජොන් කොතලාවල මහතාගේ රජයේ කාලයෙන් පසුව ප්‍රථම වතාවට අයවැයේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් ලබා ගෙන රාජ්‍ය ආදායමෙන් අපේ ණය ආපසු ගෙවීමට හැකි තත්ත්වයට රට පත් කළ හැකි විය.

ආර්ථික අර්බූද හා දේශපාලන කුමන්ත්‍රණ මැද ආර්ථික ක්ෂේත්‍රයේ මෙවන් දියුණුවක් යහපාලන රජයට ලබා ගැනීමට හැකි වූයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මා විසින් හඳුන්වා දෙනු ලැබූ රාජ්‍ය පාලනයට ඉතා වැදගත් මූල්‍ය විනය හේතුවෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

මෙවැනි අභියෝග මධ්‍යයේ වූවද වසර පනස් ගණනකට පසුව අප රටේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් ලබා ගැනීමට හකිවීම තුළින් අපගේ ආර්ථික ගමන් මගේ නිවැරදි භාවය මනා ලෙස ඔප්පු වෙනවා ඇත. 2015 දී හදිස්සි ප්‍රතිකාර ඒකයේ අවසන් හුස්ම ගනිමින් සිටි ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නිරෝගී සුවය දක්වා ගෙන යන මග ආරම්භ කරන්නට හැකි වූයේ අප රජයේ මනා මූල්‍ය කළමනාකාරිතවයත් මූල්‍ය විනයත් නිසා බව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුව ඇත.

මේ රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බූදය වසංකිරීම සඳහා කොරෝනා වෛරසය මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද ක්‍රම ක්‍රමයෙන් අඩපණ කරමින් හමුදා පාලනයකට මග පාදමින් සිටියි. එමෙන්ම කොරෝනාව මුවාවෙන්ම මෙම රජය බලයට පත් කරන්නට කටයුතු කළ අන්ත සිංහල ජාතිවාදීන් පිනවීම සඳහා මෙරටේ දෙමල මුස්ලිම් ජනතාව දඩ මීමා කරගෙන ජාතිවාදය, ඉදිරියේ දී පැවත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා අවියක් බවට පත්කරගෙන ඇත. කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් වරුන්ගේ මෘත දේහයන් ආදාහනය කිරීමේ තීරණය ද මෙම අන්තවාදීන් අතොලොස්සක් පිනවීමට ගත් තීන්දුවක් බව ද දැන් ඉතාමත් පැහැදිලිය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන භීතිකාවක් තිබෙන රාජපක්ෂවරුන් පාර්ලිමේන්තුව නොකැඳවීම තුළින් අළුත් අය වැයක් ඉදිරිපත් කිරීම පවා වළක්වා රට තුළ බරපතල ආර්ථික, මූල්‍යමය හා ව්‍යවස්තාදායක අර්බුදයක් නිර්මාණය කර තිබේ.

එපමණක් නොව, , රටේ ණය ගැනීමේ නීතිමය සීමාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉක්මවා ගොස් ඇති අතර පාර්ලිමේන්තුවී අවසරයකින් තොරව විදේශ ණය ලබා ගෙන තිබේ.

තම මැයි මස වටුප රජයට පරිත්‍යාග කරන මෙන්  රජයේ සේවකයන් වෙත කරන අද මෙම අභූත ඉල්ලීම ගැන මතුවෙමින් පවත්නා විරෝදතාවය ඉදිරියේ එය, ජනපති ලේකම්ගේ ඉල්ලීමක් ලෙස හුවා දක්වා ඇඟ බේරාගැනීමට රජය දැන් උත්සහ දරමින් සිටියි. එය සත්‍ය නම් එය ඊටත් වඩා බරපතල තත්ත්වයකි.

වර්තමාන රජයේ ජේ‍යිෂ්ඨ ඇමතිවරයෙකු විසින් පවා ආර්ථික ඝාතකයා ලෙස හඳුන්වන ලද මෙම ලේකම්වරයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2001 දී  සෘණ ආර්තික වර්ධනයක් පත්කිරීමට මුදල් ලේකම් ලෙස නායකත්වය දුන් මොහු වැනි කෙනෙකුට මෙවැනි ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ කවරෙක් දැයි රට දැන ගත යුතුය. 2014 වසර වන විට පණ අදිමින් හදිසි ප්‍රතිකාර ඒකකයේ පිහිටි ආර්ථිකය අප භාරගත්තේ ද වත්මන් ජනපති ලේකම් විසින් වසර 10 කට ආසන්න කාලයක් මෙහෙයවන ලද එම ආර්ථිකයයි. එපමණක් නොව වර්තමාන රජයේ තවත් ඇමතිවරයෙකු විසින් පවරන ලද නඩුවක වැරදිකරු වී දඩයක් ද නියම කරන ලද අතර රජයේ සේවයේ කිසිදූ තනතුරක් දැරීමට ආචාර්ය ජයසුන්දර මහතා නුසුදුස්සෙක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම තීන්දු කරන ලදී.

මෙම රජයේ උද්දච්ඡකම, නොහැකියාව හා මූල්‍ය විනයක් නැති නිසාම අප රටේ ආර්ථිකය යළි වතාවක් හදිස්සි ප්‍රතිකාර ඒකකයට නොව මෘත ශරීරාගාරය (Mortuary) වෙත තල්ලු කිරීමට මේ රටේ ජනතාව මේ රජයට ඉඩ නොතැබිය  යුතුයි.

මංගල සමරවීර

හිටපු මුදල් අමාත්‍ය

පුවතේ කාටුනය…..

Published on: May 8, 2020 – සිය රාජකාරිය නිසිලෙස ඉටු නොකරන හොරට පඩි ගන්නා, පසුගිය කාලයේ ආයතනය තුල විවිධ කඩාකප්පල්කාරි කටයුතු සිදුකල කිහිප දෙනෙකු අතර සිටින ITN සුරැකීමු සභාපති ලෙස පෙනී සිටින ප්‍රවෘත්ති අංශයේ සුළු සේවකයයෙකු ලෙස සේවය කරන  චතුර නැමත්තාට ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුදර්මන් රදලියගොඩ විසින් මැර තර්ජනය කර බියවද්දා ඇති බව වාර්තා වේ.

දින කිහිපයකට පෙර ප්‍රවෘත්ති අංශයේ අභ්‍යන්තරයේ හටගත් ගැටුම්කාරි තත්ත්වයක් හේතුවෙන් චතුර නැමත්තා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට පහරදිමට උත්සහ කර තිබේන අතර පසුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවය අත්හිටුවිමට කටයුතු කර තිබේන අතර පසුව ඔහු විසින් සුදර්මන් ඉලක්ක කර සමාජ ජාලා හරහා එල්ල කල මඩ ප්‍රහාරය හමුවේ කුපිත වු සුදර්මන් මෙම තර්ජනය කර තිබේන බව ITN සුරැකීමු සමාජිකයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

පසුව අද දිනයේ ITN සුරැකීමු සභාපතිවරයා ලෙස කටයුතු කල තමන්ගේ වැඩ තහනම් විම් සම්බන්ධයෙන් විරෝධතාවයක යෙදිමට ITN සේවකයන්ට ආරාධනා කර තිබුන නමුත් දෙදෙනෙකු හැර වෙන් කිසිවෙකුත් එම ආරාධනනය පිලිගෙන නොමැති අතර අදාල විරෝධතාව පිළිබඳව දැනගත් යකඩ සුදා චතුරට දුරකතනයෙන් අමතා තර්ජනය කර ඇති අතර “තෝ වගේ 2.50 එකෙක් එලියට දැම්මාට මහින්ද මහත්තයා එන්න නැ යකෝ තොව බේර ගන්න … මතක තියා ගනින් ආපහු මෙතන කියවන්න ගත්තොත් තියනවා තොගේ ඔලුවටම… ” යනුවෙන් තර්ජනය කර ඇති අතර තමන්ට එරෙහිව facebook හී පලකර තිබේන පොස්ට් සියල්ලමද ඉවත් කරන් ලෙසටද තර්ජනය කර ඇති සුදර්මන්  සති දෙකකට පසුව යලිත් සේවයට ගැනිමටද චතුරට පොරොන්දු වි තිබේ.

http://lankanewsnetwork.org/archives/22204

http://lankanewsnetwork.org/archives/20763

http://lankanewsnetwork.org/archives/20574

http://lankanewsnetwork.org/archives/20304

 

Published on: May 8, 2020 – රාජ්‍ය සේවක වැටුප් කොල්ලයටක පඩි භාගේ ජයසුන්දර විසින් පාර කපා ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.ආණ්ඩුවේ පැවැත්ම උදේසා රාජ්‍ය සේවක වැටුප කපා ගැනිමට උත්සහ දරණ වත්මන් රාජපක්ෂ ජුන්ටාව එය බලහත්කාරයෙන්ම සිදුකිරිමට කටයුතු කරමින් සිටින බව මේ වනවිට අනාවරනය වි තිබේ.ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය සේවකයින්ගෙන් කළ පෞද්ගලික ආයාචනයක් ලෙස එය පෙන්නුවද පැහැදිලිවම ඒ පසුපස කුමන්ත්‍රණයක් ඇති බව තහවුරු වේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නේති මහතා විසින් සිදුකරන මෙම අනාවරණය බලන්න….

Published on: May 4, 2020 – දින 52ක කුජිත ආණ්ඩුවේ බලහත්කාරයෙන් අගමැතිකමේ රැදි සිට පසුව අධිකරණය විසින් කනෙන් ඇද දොට්ට දැමු මහින්ද රාජපක්ෂ හට යලිත් එවන් අවස්ථාවක් උදාවෙමින් තිබේන බවට ඔහුගේ සමීපතම උපදේශකයන් පෙන්වා දි තිබෙන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියා.පාර්ලිමේන්තුවේ යලි කැදවිමට කටයුතු කලහොත් අනිවාර්යයෙන්ම බහුතරය පෙන්විමට අවස්ථාවක් උදාවනු ඇති බවත් එවන් අවස්ථාවක් උදාවුවහොත් අනිවාර්යයෙන්ම මහින්දට අගමැති කම අහිමි වනු ඇති බවයි එම කණ්ඩායම පෙන්වා දි ඇත්තේ.ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මහින්ද සිය බලවත් විරෝධය දක්වන බවයි අප දේශපාලන වාර්තාකරුවන් අනාවරණය කර සිටියේ.

මේ අතර  යම් හෙයකින් පාර්ලිමේන්තුව නැවත කැඳවනු ලැබුවහොත් මහින්ද රාජපක්ෂට අගමැතිධූරය අහිමි වන බවට බුද්ධි අංශ විසින් ද මේ වනවිට අනතුරු ඇඟවීම කර තිබේන අතර   දින 52  කුමන්ත්‍රණයට නායකත්වය ලබා දෙමින් මහින්ද රාජපක්ෂ අගමැතිධූරය ඩැහැගත් ආකාරයට ම මහින්ද රාජපක්ෂ වෙතින් අගමැතිකම ගිලිහි යන බවයි බුද්ධි අංශ පෙන්වා දි ඇත්තේ.

ගෝඨාභය රාජපක්ෂ සිය සහෝදරයා වූවද ඔහු ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ සිට රට දිනෙන් දින ආර්ථික අතින් සහ අනෙකුත් සියළුම අංශ අතින් දිනෙන් දින ප්‍රපාතයට යන බවත් ඒ හරහා දිනෙන් දින ගෝඨාභය රාජපක්ෂ ගේ නොහැකියාව එලියට එන බවත් මහින්ද පසුගිය රාත්‍රියක සිය අතිශය සමීපතමයන් හා පවසා ඇති බවත් අප දේශපාලන වාර්තාකරුවන් වාර්තා කරනවා. එසේම කොරෝනා මර්දන ව්‍යාපෘතියේදි ගෝඨාභය  රාජපක්ෂ අසාර්ථක බවද ගෝඨාභයගේ අසාර්ථක බව වහන්න පාර්ලිමේන්තුව රැස් කොට සිය අගමැතිධූරය නැති කර ගැනීමට තමා කිසිසේත්ම සූදානම් නැති බවද මහින්ද රාජපක්ෂ මෙහිදි පවසා ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට දෙකඩ වී සිටියද පාර්ලිමේන්තුව නැවත කැඳවනු ලැබු අවස්ථාවක නැවත වරක් එක්සත් ජාතික පෙරමුණ ලෙසට පාර්ලිමේන්තුවේ පෙනි සිටීම පිළිබඳව මේ වන විටද සාකච්ඡා ආරම්භ වී ඇති බවද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. එසේම ජනතා විමුක්ති පෙරමුණේ සහය ද මහින්ද රාජපක්ෂ විරෝධි පාර්ශයවයට ලැබෙන බවද, දෙමළ ජාතික සන්ධානය සහ අනෙකුත් මුස්ලිම් පක්ෂ වල සහය ද අනිවාර්යයෙන් ම එක්සත් ජාතික පෙරමුණ වෙත හිමි වන බැවින් පාර්ලිමේන්තුවේ බහුතර බලය විපක්ෂය සතු වන අතර ආණ්ඩුවට සිය බලය රැක ගැනීමට කිසිසේත්ම නොහැකි වන බවයි වාර්තා වන්නේ.

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජුනි මස 20 වෙනිදාවත් මහමැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියදි ධූර කාලය අවසන් වීමට ප්‍රථමව විසුරුවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ජනාධිපතිවරයාට දේශපාලන උපදේශකයන් උපදෙස් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන්   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද යම් නම්‍යශීලී භාවයක් පෙන්වා ඇති අතර ඊට් හේතු වි ඇත්තේ තමන් ජනාධිපති විමත් සමග එල්ල ඉ තිබේන දෑඩි අප්‍රසාදය යම් තරමකට අඩුකර ගැනිමටය.

තත්ත්වය මෙසේ වෙද්දි මහින්ද රාජපක්ෂ යටින් රිෂාද් බදුයුඩින්ට සිය සහෝදරයා බේරා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන අතර ඒ හරහා මුස්ලිම් ජනතාවගේ සහය තමා වෙත ලබා ගැනීමට සැළසුම් කොට තිබෙනවා. ඇඳිරි නිතිය හා වෙනත් සෞඛ්‍ය රෙගුලාසි බව පෙන්වා දෙමින් ආණ්ඩුව මේ වන විට දි දෙමළ හා මුස්ලිම් ජාතිකයන් පාලනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති අතර එයට විරෝධය දක්වමින් සුළු ජාතිකයන් දිනෙන් දින ආණ්ඩුව කෙරෙන් ඈත් වෙන බවද අප දේශපාලන වාර්තාකරුවන් වාර්තා කළා.දමිළ,මුස්ලිම් ජනතාව මත බලහත්කාරයෙන් මිලීටරීකරණ බලපෑම් එල්ල කිරිම හමුවේ උතුරේ මෙන්ම කදුකරයේද ආණ්ඩුවට සහය දැක්වු පක්ෂ රැසක් එම සහය දැක්විමෙන් ඉවත් විමට තින්දුවක් ගෙන තිබිමද රාජපක්ෂලාට බලපෑමක් වි තිබේ.පවතින තත්ත්වය හමුවේ දෙමළ, මුස්ලිම් සුළු ජාතිකයන්ට ආණ්ඩුව කෙරෙහි ඇති සුළු විශ්වාසය පවා දිනෙන් දින නැති වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Published on: May 3, 2020- වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අධිකරණ කටයුතුවලට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධපලකර තිබේ.නිත්‍යානුකූල නොවන අකාරයට ඇදිරිනීතියි පවත්වාගෙන යන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් සහ සේවාදායකයන්ගේ අයිතීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය ඉටුකිරිමට ව්‍යවස්ථාවේන්  බැදී සිටින නීතිඥවරුන්හට ඇදිරි නීති බලපත් ලබා ගැනිමට කියන්නෙ නම් පොලිසියටද පාරේ ගමන් කිරිමට බලපත්‍ර ලබා ගැනිමට වනු ඇත.

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් නීතිඥවරුන් පෙන්ව දෙන්නේ තමන්ට සිදුවිය හැකි අප්‍රසන්න ප්‍රතිඵල කෙරෙහි නොසළකා සේවාදායකයන් කෙරෙහි සිය යුතුකම ඉටු කිරීම නීතිඥවරයාගේ බැදීම බව වැඩ බලන පොලිස්පතිවරයා දන්නවාද? යන්න ගැටලුවකි.(1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල 15, 16 සහ 18 රීති..) කොරෝනා වෛරසය හමුවේ සිය ජීවිතය පවා අනතුරේ හෙළා ගනිමින් සිය වෘත්තීය වගකීම ඉටු කිරීමට නීතිඥවරු ඉදිරිපත්වීම වැරදි විය නොහැකිය.

කොරෝනා වෛරසය පාලනයටය කියමින් සිය නිවසේ කාලය ගත කිරීමට හැකියාව තිබියදී ජනතාවට අවශ්‍යම සේවයක් සපයන නීතිඥවරයාට සිය වෘත්තීය වගකීම නීතිගරුකව ස්වාධීනව ඉටුකිරීමට නොදෙන්නේ ඇයි? නීතියේ පිළිසරණ පතා එන අය නීතියේ පාලනයෙන් ඈත් කර අනීතික සමාජයක් ඇති කිරීමටද? යන්න වැඩ බලන පොලිස්පතිවරයාගෙන් විමසිය යුතුය.

සිය සේවාදායකයාට සහාය වීමට අධිකරණයට යන නීතිඥවරයාට ඇදිරි නීති බලපත් ගැනීමට නියම කිරීම සාධාරණ ද? එය සිරගතවී සිටින අයට, අගතියට පත් පාර්ශවයන්ට, වින්දිතයන්ට පොදුවේ ජනතාවට කරන අයුක්තියක් නොවේද? යන්න ප්‍රායෝගිකව විමසිය යුතුය.

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දක්වමින්, එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස නීතිඥවරයෙක් දැනුම් දී ඇත.

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම.

විද්‍යුත් තැපෑලෙනි (2020.04.29)

සී. ඩී. වික්‍රමරත්න මහතා
වැඩබලන පොලිස්පති,
පොලිස් මූලස්ථාන,
කොළඹ 01,
විද්‍යුත් තැපෑල :- igp@police.lk

ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම.

1.සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් සහ සේවාදායකයන්ගේ අයිතීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් නීති මගින් නීතිඥවරුන්ට සහ සේවාදායකයන්ට ලබා දී ඇති අයිතිවාසිකම් ඇදිරි නීතිය පැනවීම මත ඔබට අහිමි කළ නොහැකිය.

2.ඔබගේ උක්ත ලිපිය මගින් අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගැනීමට නීතිඥවරුන්ට නියම කිරීම සම්බන්ධ එකග විය නොහැකි අතර එය නීතිඥ වෘත්තීය කටයුතුවලට බාධා කිරීමක් මෙන්ම සේවාදායකයන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමක් වෙයි.

3.මේ ආකාරයට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියේදී නීතිඥවරුන් සීමා කිරීම, කොන්දේසි පැනවීම, විධාන කිරීම සම්බන්ධව විරෝධය දක්වමි.

4.නීතිඥවරුන්ට ඇදිරි නීති බලපත් ලබා ගැනීමට දක්වා ඇති එකී කොන්දේසිය/ විධානය ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

මෙයට,

විශ්වාසී,

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

(දුර. 0712063394)

විද්‍යුත් තැපෑල :- arunaunawatuna@gmail.com

පිටපත් –

1.නීතිඥ හරිගුප්තා රෝහනධීර, අධ්‍යක්ෂ ජනරාල්(නීති), ජනාධිපති ලේකම් කාර්යාලය. කොළඹ 01.

විද්‍යුත් තැපෑල :- ps@presidentsoffice.lk

2.සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය. කොළඹ 12.

විද්‍යුත් තැපෑල :- basl.lawnet@gmail.com, basl@basl.lk

3.නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12.

විද්‍යුත් තැපෑල :- administration@attorneygeneral.gov.lk

අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීමට අදාල වැඩ බලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපිය….

නීත්‍යනුකූල නොමැති ගෝඨාගේ ඇඳිරි නීතිය! සම්බන්ධයෙන් අප පසුගියි 4 වැනිදා අනාවරණය කල අතර මේ එහි උපුටා ගැනිමකි.

මෙම ඇඳිරි නීතිය දණ්ඩ නීති සංග‍්‍රහයේ 262 සහ 264 දක්වා වගන්ති යටතේ පනවා ඇති නමුත් මෙවැනි මොහොතක එම වගන්ති යටතේ ඇඳිරි නීතිය පැනවීමට නීත්‍යනුකූල අයිතියක් නොමැත. එම කාරණාව සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරිමට අපද කටයුතු නොකලේ  සාමාන්‍ය පුරවැසියන් ඇඳිරි නීතිය නොසලකමින් පාරට බැසීමේ අවදානමක් තිබු නිසා නමුත් ආණ්ඩුව එම තත්ත්වය අවභාවිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි වන ආකාරයට නීතිය අවභාවිත කරමින් සිටියදි ඇදිරිනීතිය නිත්‍යානුකූල නොවන බව අප ජනතාවගෙන් සැගවිම සදාචාරාත්මක නැත.

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනත යටතේ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කළ හැකි අතර ඒ යටතේ ඇඳිරි නීතිය පැනවිමේ හැකියාව ඔහුට ලැබේ. නැතහොත් මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනතේ 16 වැනි වගන්තිය යටතේ ගැසට් පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කොට ඇඳිරි නීතිය පැනවීමේ හැකියාව ඇත.එවන් තත්ත්වයක් යටතේ කුමන ප‍්‍රදේශවලට ඇඳිරි නීතිය පනවනවාද, කුමන පුද්ගලයන්ට පිටට යෑමට හැකියාව ලැබෙනවාද වැනි කාරණා නීත්‍යනුකූලව සඳහන් කල යුතුය.නමුත් මේ දෙකම කිරිමට ගෝඨාභය සමත්ව නෑ.

Published on: Apr 30, 2020 – පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන එකකයේ රදාවගෙන සිටින නිතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබාගැනිම සදහා මෙහෙයුමක් අද (30) දිනයේ දියත් වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමයන් වලට පටහැනිව යමින් නීතිපති දෙපාර්තමේන්තුවට නොදන්වාම හෙට දිනයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් විසින් රඳවා ගෙන සිටින නීතිඥවරයා නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කිරිමට සුදානමක් පවතින බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

සැකකාර නිතීඥ හිජාස් හිස්බුල්ලා

පාස්කු දින එල්ල කෙරෙනු ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ නීතිඥයා වන හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥයන් 158 ක් අත්සන් තැබූ ලිපියක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත යොමු කර තිබුන අතර නීතිඥවරයා නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබුනා.අදාළ පෙත්සම සලකා බැලිම අප්‍රියෙල් 21 දින සිදුකිරිමට නියමිතව තිබු නමුත් කොරෝනා වසංගත පැතිර යෑම හේතුවෙන් එම ප්‍රදේශයන් වසා දැමිම හේතුවෙන් එදින එම කැදවිම සිදුනොවු අතර පෙත්සම් සලකා බැලිම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් විසින් හෙට දිනයේ අදාළ පෙත්සම් කැදවා රදවාගෙන සිටින නීතිඥවරයාට ඇප ලබාදිමේ සුදානමක් ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට කිසිදු දැනුම් දිමක් කර නොමැති අතර ඒ අනුව ඔහුන්ව නොකැදවාම නීතිඥවරයාට ඇප ලබාදිමට කටයුතු කිරිමට කටයුතු කරමින් සිටින බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ. මේ පසුපස බලවත් බළල් අතක් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදි අනාවරනය කිරිමට අප සුදානම්.කොරෝනා හේතුවෙන් කොළඹ උසාවි සියල්ලම පාහේ වසා දමා තිබියදීය හදිසීයේ අභියාචනාධිකරණය කැදවිම පසුපස එම බළල් අත ක්‍රියාත්මක වන බව පැහැදිලිය.

ඒ වෙනුවෙන් සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස්ට ලක්ෂ 50ක මුදලක් රදවාගෙන සිටින හිජාස් හිස්බුල්ලාගේ පාර්ශවයෙන් ලබාදිමට කටයුතු කර තිබේන අතර එයට මැදිහත්කරු ලෙස කටයුතු කර ඇත්තේ ජනාධිපති නීතිඥ ඉක්රම් මොහොමඩ් (Ikram mohomad) හරහා වන අතර ඉක්රම් මොහොමඩ් හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීතිඥවරයා වන අතර ඊට අමතරව ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ද හිජාස් වෙනුවෙන් පෙනී සිටි. මේ අතර හෙට දිනයේ නවාස්ට අමතරව අභියාචනාධිකරණයේ විනිසුරුවරයන් ලෙස කටයුතු කරන විනිසුරුවරියක වන කුමුදුනී වික්‍රමසිංහ සහ මුදල් ලබා ගැනිම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයක් ඇති දේවිකා අබේරත්න හටද මිලියන 3 බැගින් මුදල් ලබාදිම ඉක්රම් මොහොමඩ් හරහා සිදුව තිබේ.(ඊට අදාළ සාක්ෂී අප සතුව ඇත.) විනිසුරුවරියක වන කුමුදුනී වික්‍රමසිංහ ඉක්රම් මොහොමඩ්ගේ පෞද්ගලික මිතුරු සමීපතම මිතුරීයක වන අතර ඇයගේ පවුලේ නඩු රැසකටමද ඉක්රම් මැදිහත් වි තිබෙන බව නොරහසකි.

හෙට දිනයේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥ සනත් විජෙවර්ධන නැමති ඉක්රම් මොහොමඩ්ගේ කණිෂ්ඨයෙකු වන අතර ඔහු හිජාස් හිස්බුල්ලාගේ නීති උපදේශකයා ලෙසද කටයුතු කරයි.

මෙම සිද්ධියටම අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් යන අයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර එම අත් අඩංගුවට ගැනිමට අවශ්‍ය ප්‍රබලම සාක්ෂි රැසක් රහස් පොලිසිය මඟින් සොයාගෙන තිබුන අතර ප්‍රහාරයට පෙර දිනයේ එනම් 2019 අප්‍රියෙල් 20 දින යවන ලද SMS පණිවිඩයක් එහි ප්‍රබලම සාක්ෂිය බවට පත්ව තිබේ.

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ගොනුකර තිබෙන මෙම “හබයාස් කෝපුස්” පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේන අතර පෙත්සම්කරුවන් කියා රහස් පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා නීතිඥවරයා අත්අඩංගුවට ගත් බවත් ඒ අනුව අත්අඩංගුවේ පසුවන නීතිඥවරයාගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා සිය නීතිඥවරුන්ට අවකාශ ලබා දෙන ලෙස රහස් පොලිසිය වෙත නියෝගයක් නිකුත් කර ලෙසත් ඔහුව අත්අඩංගුවෙන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.කෙසේවෙතත් නීතිඥවරයා අත්අඩංගුවට ගත්තේ ප‍්‍රමාණවත් තොරතුරු, සාක්කි, හා පදනම් කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අවධාරණය කර සිටියා.

නීතිඥයන් 158 ක් අත්සන් තැබූ ලිපිය

Published on: Apr 23, 2020 – මාර්තු මස 02වෙනි දින සිදුකළ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශනය දැන් බලරහිත බැවින් වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට තමන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ හිටපු සභානායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය. විසුරුවා හැරීමේ ප‍්‍රකාශනය බලරහිත බැවින් කතානායකතුමාට නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ බලතල හිමිවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රකාශනයේ මැතිවරණය පැවැත්විය යුතු දිනය ලෙසට අපේ‍්‍රල් මස 25දින සඳහන් කොට තිබූවත් රටේ පවතින තත්වය අනුව එම දිනය ජූනි මස 20 වන දිනය ලෙසට සංශෝධනය වීම හේතුවෙන් පැහැදිලිවම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශනය බලරහිත වන බව හිටපු සභානායකවරයා අවධාරණය කර සිටී.

පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව විපක්ෂයක් ලෙස රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරිමට බලාපොරොත්තු වන බවත් කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රජට ගෙනයන කාර්්‍යයන් සදඟා අවශ්‍ය වන මුදල් ප‍්‍රතිපාදන මෙන්ම නීතිරීති සම්පාදනය කිරිම සඳහාද විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බවද හිටපු සභානායකවරයා ප‍්‍රකාශ කරසිටි.

2018 ඔක්තෝම්බර් මස එවකට හිටපු ජනාධිපතිවරයා නීති විරෝධිව පාර්ලිමේන්තුව විසුරුවා හැරි නමුත් කතානායකවරයා ස්ථාවරව සිට නීතිවිරෝධි විසුරුවාහැරීම පිළිනොගැනීම හේතුවෙන් යහපාලන රජයම නැවත බලයේ පිහිටුවීමට එවකට ජනාධිපතිවරයාට සිදුවුණා යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Published on: Apr 18, 2020 පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් වැරදිකරුවන් සොයා යාම ආණ්ඩුවේ තවත් ජනතාව මුලා කිරීමේ දහන් ගැටයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. ඒ මේ වන විට මහ ජාතියේ සිගිති ආතල් එක වෙනුවෙන් පාස්කු ප්‍රහාරය සඳහා වගකිව යුතුවන්නේ හිටපු අමාත්‍ය රිෂාද් බදුයුඩීන් සහ ඔහුගේ සැකකරු බව පෙන්වා දෙමින් කොරෝනා අස්සේ ජනතාවගේ සියළු සැක සංකා දෝමනස්සයන් අහෝසි කරමින් සිටි ආණ්ඩුව හදිසියේම යූ ටර්න් එකක් අද උදෑසන ගැනීම හේතුවෙනි.

ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මේ වන විට හිටපු අමාත්‍ය රිෂාද් බදුයුඩීන් අමතා ඇති අතර ලබන මැයි මස 30 වෙනිදා මැතිවරණය පැවැත්වීම ඉඩ ඇති බව දන්වා තිබේ. එහිදි ඔවුන් රිෂාද් හිටපු අමාත්‍යවරයට යෝජනා කොට ඇත්තේ දිනන ආණ්ඩුව හා එක්වී මේ සියලු ප්‍රශ්න විසඳා ගන්නා ලෙසයි. එසේම මැතිවරණයෙන් පසුව රිෂාද් බදුයුඩීන් සහ ඔහුගේ පවුලේ සියලු දෙනාට ඇති චෝදනා අවසන් කරන බවත් ඔවුන් සඳහන් කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ 2/3 ක බහුතරය ලබා ගැනීම රාජපක්ෂවරුන්ට ඉතා අත්‍යවශ්‍ය කාරණයක් වන අතර මේ වන විට එයට ඇති විශාල බාධාව වන්නේ සුළු ජාතිකයන්ගේ ඡන්ද රාජපක්ෂවරුන් සමඟ නොවීමයි. ඒ අතරිනුත් මුස්ලිම් ජනතාව කොහෙත්ම රාජපක්ෂවරුන් පිළිනොගන්නා අතරම මෙවන් පසුබිමක් රිෂාද් බදුයුඩීන් රාජපක්ෂවරුන් හා එක්වීම රාජපක්ෂ තුන් බෑයන්ට සිය අනාගත අවුරුදු 5 සුරක්ෂිතව ගත කිරීමට උපකාරි වනු ඇත.

මේ අතර පෙරේදා (16) වෙනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබු අතර එහිදි පැය හතරකට අධික කාලයක් CIDවිසින් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කොට ගෙන තිබේ.  මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම ප්‍රශ්න කිරීමේදි හිටපු අමාත්‍යවරයාගෙන් මන්නාරම ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

පසුව CIDයෙන් පිටතට පැමිණීමෙන් පසුව බදුයුඩීන් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ මේ සියළු චෝදනා පදනම් විරහිත බවත් දේශපාලන වාසි ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් හරහා මෙය සිදුවන බවත් ය. එසේම ඊට දින දෙකකට පෙර අත්තඩංගුවට පත් සිය සහෝදරයා වූ රියාජ් බදුයුඩීන් පිළිබඳව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ සිය සහෝදරයා බෝම්බකරුවන් සමඟ සම්බන්ධයක් නැති අහිංසකයෙකු බවයි.

රියාජ් අලුත් pඅවුරුද්දට අසු දින එනම් අප්‍රේල් 14 වෙනි දින පොලිසිය විසින් අත්තඩංගුවට ගනු ලැබූවේ පාස්කු ප්‍රහාරය සිදු කළ බෝම්බකරුවන් සමඟ සම්බන්ධතාවයක් ඇති බවට චෝදනා කරමිනි.

මේ අතර පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු පාර්ශවයන් අත්තඩංගුව ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සමබන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද සිය ප්‍රශංසාව රජයට පල කළ සිටියා.

Top