පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධ අවස්ථාවලදී ඇමරිකාව වරින් වර සිය නිෂේධ බලය අයුතු ලෙස භාවිත කිරීම ප්‍රධාන රටක් ලෙසට පැවරි ඇති වගකීම් පැහැර හැරීමක් බව චීනය පවසනවා
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසුවේ නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ(01) පැවැත්වූ රැස්වීමක් අමතමිනි.
ඇමරිකාව යුක්ති සහගත ස්ථාවරත්වයක සිටිමින් ගාසා තීරයේ පවතින ගැටුම් නැවැත්වීමටත් ව්‍යසනය සමනය කිරීමටත් සිය කාර්යභාරය ඉටු කළ යුතු බව හෙතෙම කියාසිටියා. විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව පලස්තීන ගැටළුව සදාචාරත්මක, සාධාරණ අයුරින් විසඳීමටත්, පලස්තීනයේ හා ඊශ්‍රායලයේ යහපැවැත්මට මෙන්ම මැදපෙරදිග ප්‍රදේශයේ තිරසර සාමය වෙනුවෙන් ද කටයුතු කිරීමට චීනය සූදානම් බව ද Fu Cong මහතා එහිදී සඳහන් කර තිබෙනවා
තුන්වැනි ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදයේ උපකාරක ක්‍රියාකාරකම් පැවැත්වේ.
අදාළ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්, සුප්‍රසිද්ධ විශේෂඥයින් හා විද්වතුන්, ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල නියෝජිතයන්, අන්තර්ජාතික ව්‍යවසායන්හි ප්‍රධානීන් සහ චීනයේ රටවල් රැසක තානාපතිවරුන් ඇතුළු චීන හා විදේශීය නියෝජිතවරු බෙයිජිං අගනුවරට රැස් වී එම ක්‍රියාකාරකම්වලට සහභාගි වී සිටිති.
ඔවුන් තහනම් මාලිගාව, ටොංෂෝ දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රෑන්ඩ් ඇළ සංස්කෘතික සංචාරක ස්ථානය සහ බෙයිජිං නාගරික පුස්තකාලය යනාදී ස්ථාන නරඹමින් එම නගරයේ ඉතිහාසය හා නූතනත්වයේ සම්මිශ්‍රණයේ අද්විතීය චමත්කාරය අත්විඳ තිබේ.
මෙවර ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය, සංවාද හා හුවමාරු සඳහා වන සහභාගීත්ව හා විවෘත වේදිකාවක් පිහිටුවා ඇති බවත් මෙම චාරිකාවෙන්, චීන මාදිලියේ නවීකරණයේ චමත්කාරය වඩා පැහැදිලිව අවබෝධ කර ගත් බවත් එම ක්‍රියාකාරකම්වලට සහභාගි වූවන් පවසා ඇත.
පසුගිය 29වැනිදා ආරම්භ වූ ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන ලදී. එය පුළුල් බලපෑමක් සහිත ජාත්‍යන්තර මාධ්‍ය හුවමාරු වේදිකාවකි.
‘ජාත්‍යන්තර කම්කරු දිනය’නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා, මධ්‍යම කාරක සභාව වෙනුවෙන් රටේ ශ්‍රම බලකාය වෙත සිය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි.
මෙම වසර, නව චීනය පිහිටුවීමේ 75වැනි සංවත්සරය මෙන්ම 14වැනි ‘පස් අවුරුදු සැලැස්මේ’ ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ තීරණාත්මක වසරක් බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.
වැඩකරන ජනතාව වෙහෙස මහන්සි වී, පරාර්ථකාමී ලෙස දායකත්වය ලබා දෙමින් පක්ෂයේ හා රටේ අභිවෘද්ධිය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කොට තිබේ. සෑම තරාතිරමකම පක්ෂයේ කමිටු සහ රජයන් වැඩකරන ජනතාව ගැන සැලකිල්ලක් දැක්විය යුතු අතර, කම්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ප්‍රායෝගික ලෙස ආරක්ෂා කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.
චීන මාධ්‍ය සමූහයේ “චීන-ප්‍රංශ සූපවේදීන්ගේ තරඟය” නමැති දැවැන්ත චීන-ප්‍රංශ ආහාර සංස්කෘතික හුවමාරු වැඩසටහන ඇරඹේ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙන්, අද(30) එම වැඩසටහන චීන මාධ්‍ය සමූහය සහ චීනයේ ප්‍රංශ තානාපති කාර්යාලය විසින් ඒකාබද්ධව ආරම්භ කර ඇත.
චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong, චීනයේ ප්‍රංශ තානාපති Bertrand Lortholary සහ චීන ලලිත කලාගාරයේ අධ්යක්ෂ Wu Weishan යන මහත්වරු එක්ව පොදුවේ එම වැඩසටහන එළි දැක්වීමේ උත්සවයට සහභාගි වූහ.
මෑත වසරවල චීන මාධ්‍ය සමූහය ප්‍රංශයේ විවිධ කෂේත්‍රවල මිතුරන් සමඟ ඵලදායී සහයෝගිතා මාලාවක් පවත්වා දෙරටේ සංස්කෘතික හුවමාරු අඛණ්ඩව පුළුල් කොට තිබෙන බව Shen Haixiong මහතා එම උත්සවය අමතමින් පැවසීය. මෙම වැඩසටහන චීනයේ සහ ප්‍රංශයේ සම්ප්‍රදායන් හා සංස්කෘතික දැනුම නිරූපනය කරන අතර, දෙපාර්ශ්වයේ අධ්‍යාත්මික සම්බන්ධතාව සහ චිත්තවේගීය බැඳීම ප්‍රවර්ධනය කරන බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.
චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා 2024 බෙයිජිං ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. ඊයේ (28) එහි පැමිණි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ රටේ අන්තර්ජාල තාක්ෂණය සහිත බුද්ධිමය විදුලි මෝටර් රථ සංවර්ධනය කිරීමේ දැවැන්ත ප්‍රවණතාව පිළිබඳව ආඩම්බර විය හැකි බව යි.
මෝටර් රථ සමාගම් ගුණාත්මක භාවය මත පදනම් ව, කේන්ද්‍රීය තාක්ෂණ වර්ධනයට යොමුවෙමින් බුද්ධිමය නිෂ්පාදන මට්ටම වැඩිදියුණු කරනු ඇතැයි ද ලී ච්‍යං මහතා එහිදී බලාපොරොත්තු පළ කළේය. එමෙන්ම එම සමාගම් නිසි ඉදිරිදැක්මකින් යුතුව තාක්ෂණික පර්යේෂණවල නිරත වෙමින්, ගෝලීය අඩු කාබන් හරිත පරිවර්තනය උදෙසා සක්‍රිය දායකත්වය ලබාදිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
මේ අතර, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Elon Musk මහතා අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ පැවැත්විණ. අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ, චීනය තුළ Tesla සමාගමේ වර්ධනය චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාවන්හි සාර්ථක නිදසුනක් ලෙස සැලකිය හැකි බව යි.
සාධාරණ සහයෝගිතා, අන්‍යෝන්‍ය ප්රතිලාභ සහ පොදු ජයග්‍රහණ, දෙරටේ මූලික අවශ්‍යතාවට මෙන්ම දෙරට ජනතාවගේ පොදු අපේක්ෂාවට ගැලපෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ශංහයි නගරයේ ස්ථාපිත Tesla සුපිරි කර්මාන්ත ශාලාව, තම සමාගමේ ඉහළ කාර්ය සාධනයක් සහිත කම්හලක් බව Elon Musk මහතා එම හමුවේ දී පැවසීය. චීනය සමග පොදු ජයග්‍රාහී සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමෙන් උසස් ප්‍රතිඵල හිමිකර ගැනීමට තම සමාගම අපේක්ෂා කරන බව ද ඔහු කියාසිටියේය.
චීන මාධ්‍ය සමූහයේ “8K අධි පැහැදිලි නාලිකාව” ප්රචාරක වැඩසටහන පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය අද(27) චීනයේ ශන්හැයි නගරයේ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණ. එමෙන්ම චීන මාධ්‍ය සමූහයේ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායම“සරසවියට ප්රවේශවීම”නමැති ක්‍රියාකාරකමක් ආරම්භ කිරීම එහිදී ප්‍රකාශ කෙරිණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ ශන්හැයි නගරයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ස්ථාවර සාමාජික, ප්රචාරක කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි Zhao Jiaming මහතා එම උත්සවයට සහභාගි වූහ. ශන්හැයි ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ සංස්කෘතිය සංවර්ධන සමාගම, චීන DTV මාධ්‍ය සමාගම, Aliyun ශන්හැයි ශාඛා සමාගම යන සමාගම් හි ප්රධානිහු එහිදී චීන මාධ්‍ය සමූහයේ 8K අධි පැහැදිලි නාලිකාව ප්රචාරක වැඩසටහනේ රාමු ගිවිසුම අත්සන් කළහ.
මේ අතර චීන මාධ්‍ය සමූහයේ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදිත කණ්ඩායම “සරසවියට ප්රවේශවීම”නමැති ක්‍රියාකාරකමක් ශන්හැයි නගරයේ පිහිටි විශ්වවිද්‍යාල රැසකදී පවත්වනු ඇත. එමගින් විශ්වවිද්‍යාලවල ගුරුවරුන් හා සිසුන් සමඟ අදහස් හුවමාරු කරමින් චීන මාධ්‍ය සමූහය හා විශ්වවිද්‍යාල අතර පවතින අන්‍යෝන්‍ය හුවමාරු හා සහයෝගතා තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(26) බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමුවී ඇත.මෙම වසරට චීන-ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 45වැනි සංවත්සරය යෙදී තිබේ. දෙරට හවුල්කරුවන් මිස, විරුද්ධවාදීන් නොවිය යුතු අතර අන්‍යෝන්‍ය වශයෙන් හානි සිදු නොකරමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව එහිදී ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර තිබෙනවා.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වේ. විවෘත සහ සමෘද්ධිමත් ප්රවේශයකින් ඇමරිකාව ඉදිරියට යනු දැකීම චීනයේ අපේක්ෂාව වන අතර, එලෙසම ඇමරිකාව ද චීනයේ සංවර්ධනය කෙරෙහි ධනාත්මක ආකල්පයක් දරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
වත්මන් ලෝකයේ පවතින සංකීර්ණ අභියෝගයන් රැසකට මුහුණ දීමේදී ඇමරිකාව හා චීනය එක්ව සහයෝගිතා පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා එහිදී කියාසිටියා. ‘නව සීතල යුද්ධයක්’ඇරඹීමට ඇමරිකාව අපේක්ෂා නොකරයි. එමෙන්ම චීනයේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමටත් චීනයේ සංවර්ධනය මර්දනය කිරීමටත් ඇමරිකාව උත්සාහ නොකරන බව ඔහු පවසා තිබෙනවා. ඇමරිකා-චීන සම්බන්ධතාවයේ විධිමත් හා ස්ථාවර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා අනවබෝධයන් වළකමින් වගකීමෙන් යුතුව මතභේද පාලනය කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා
චීනය සමඟ තම රටවල සබඳතා යහපත් අතට වර්ධනය වෙමින් පවතින බව විමසුමකට අනුව අග්නිදිග ආසියා රටවල ප්‍රතිචාර දැක්වූවන් විශ්වාස කරයි.
සිංගප්පූරුවේ “Lianhe Zaobao” පුවත්පතේ වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, පසුගිය 2වැනිදා නිකුත් කෙරුණු “අග්නිදිග ආසියා තත්ත්ව වාර්තාව: 2024” හි මේ පිළිබඳව පළ වී ඇත.
අදාළ විමසුමට අනුව, චීනය අග්නිදිග ආසියාව කෙරෙහි ආර්ථික හා දේශපාලන ක්ෂේත්රයේ ඉතා විශාල බලපෑමක් ඇති රටක් ලෙසට අඛණ්ඩව සැලකෙන බව එම වාර්තාව පෙන්වා දී තිබේ. බොහෝ ප්‍රතිචාර දැක්වූවන් විශ්වාස කරන්නේ අග්නිදිග ආසියානු රටවල් සහ චීනය අතර සබඳතාව වැඩිදියුණු වෙමින් පවතින බවයි. උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස කලාපීය ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව පිළබඳව තමන්ගේ විශ්වාසය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි ඔවුන් පවසා ඇත.
ඉදිරි වසර තුන තුළ තම රට සහ චීනය අතර සබඳතා සැලකිය යුතු ලෙස වැඩිදියුණු වනු ඇතැයි අදහස් කරන පුද්ගලයින්ගේ අනුපාතය 2023 දී 38.7% සිට වර්තමානය වන විට 50%කට වඩා වැඩි වී තිබෙන බව එම වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.
මෙම විමසුම සඳහා පුද්ගලයින් 1994 දෙනෙක් සහභාගී වී ඇත. ඔවුන් ආසියාන් සංගම් රටවල ශාස්ත්‍රීය ක්ෂේත්රය, බුද්ධි මණ්ඩල, ව්‍යාපාරික ක්ෂේත්රය, සිවිල් සමාජ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය, රාජ්‍ය දෙපාර්තමේන්තු මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන ලද පිරිසකි.
චීන ජාතික විදේශ විනිමය පරිපාලනය මෑතකදී “2023 වසරේ චීනයේ ගෙවුම් ශේෂ වාර්තාව” නිකුත් කළේ ය. මෙම වාර්තාවට අනුව, පසුගිය වසර අවසන් වන විට, චීනයේ විදේශ විනිමය සංචිතය ඇ.ඩොලර් ට්‍රිලියන 3.2කට වඩා වැඩි වූ අතර, රටේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂය සාමාන්‍යයෙන් ස්ථාවර මට්ටමක පවතී. චීනයේ විදේශ විනිමය වෙළඳපොළේ ඔරොත්තු දීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, වෙළඳපොල අපේක්ෂාවන් මූලික වශයෙන් ස්ථාවරව පවතී. රටේ විදේශ විනිමය වෙළඳාම තාර්කික සහ නියමිත පටිපාටියේ පවතින බවද සඳහන් වෙයි.
මෙම වසරේ චීනයේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂය මූලික වශයෙන් සමතුලිතව පවතිනු ඇති බව එම වාර්තාවේ දැක්වෙයි. ප්‍රධාන සංවර්ධිත ආර්ථික ඒකකයන් හි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමයෙන් සකස් කෙරෙන අතර, ගෝලීය ද්‍රවශීලතාව දැඩි කිරීමේ තත්ත්වය ලිහිල් වනු ඇත. එසේම සාර්ව ආර්ථික ප්රතිපත්තිවල යහපත් ප්‍රතිඵල අඛණ්ඩව නිකුත් වන බැවින්, චීනයේ ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වන අතර, ගෙවුම් ශේෂය සඳහා එහි මූලික සහයෝගය තවදුරටත් වැඩිදියුණු වනු ඇත.
චීනයේ තායිවාන ප්‍රදේශයේ Hualian කෝරළය ආශ්රිත මුහුදු ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ 7.3ක භූමිකම්පාවක් හටගනී. භූමිකම්පා
අපිකේන්ද්‍රය ආශ්රිත ව සුනාමි තත්ත්වයක් ඇති වූ අතර, නැගෙනහිර තායිවානයට ඉන් බලපෑම් එල්ල වී ඇත.
මෙම භූමිකම්පාව අද(03) උදෑසන 7:58ට පමණ හටගෙන තිබේ. ඉන් පසු තායිවානය පුරා ලක්ෂ 3කට අධික පවුල්වලට විදුලිය ද විසන්ධි වී ඇත. එය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වුව ද පවුල් අසූහත් දහස් එකසිය තිස්දෙකකට තවමත් විදුලිය ඇණ හිට ඇති බව තායිවාන විදුලි සංස්ථාව පවසයි.
චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් කියාසිටියේ භූමිකම්පාව පිළිබඳව චීන මහා ගොඩබිමේ ඉහළ අවධානය යොමුව ඇති බවයි. ඉන් පීඩාවට ලක්ව සිටින ජනතාවට හෘදයාංගම සංවේගය ද පළ කර ඇත. පශ්චාත් ආපදා තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් අවශ්‍ය සහන කඩිනමින් තායිවාන ප්‍රදේශයට ලබා දීමට මහා ගොඩබිම සූදානම් බව ද ඇය කියා සිටියාය.
මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් විදේශිකයන් තිදෙනෙකු මිය ගොස් ඇති බව හමාස් සන්නද්ධ සංවිධානයේ මාධ්‍ය කාර්යාලය ඊයේ(01) සවස නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. මියගිය තිදෙනා “World Central Kitchen” නමැති පුණ්‍යායතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් වන අතර ඔවුන් බ්‍රිතාන්‍ය, පෝලන්ත සහ ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන බව එම ප්‍රකාශයේ සඳහන් විය.
එම සංවිධානයේ සාමාජිකයින් ගාසා තීරයට ආහාර සහනාධාර සපයමින් සිටි බවත්, එවැනි මානුෂීය ආධාර ලබා දෙන සේවකයින් සහ සිවිල් වැසියන් කිසිවිටෙකත් ඉලක්ක නොකළ යුතු බවත් එම පුණ්‍යායතනය ද අද(02) ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ ය.
පලස්තීන ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා නිකුත් කළ දත්තවලට අනුව ගෙවී ගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ කළ යුද මෙහෙයුම්වලින් පුද්ගලයින් 63ක් මිය ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 94කි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පලස්තීන-ඊශ්‍රායල් ගැටුමේ නව වටය ආරම්භ වීමෙන් පසුව, ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයින් 32,800 කට වැඩි පිරිසක් මිය ගොස් 75,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
චීන රාජ්‍ය සංවර්ධන හා ප්රතිසංස්කරන කමිටුව, ජාතික බලශක්ති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම හා ග්‍රාමීය අමාත්‍යංශය ඒකාබද්ධව ග්‍රාමීය ප්‍රදේශවල සුළං විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ඇතැයි චීන රාජ්‍ය සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව ඊයේ(1) ප්‍රකාශයක් පළ කළේය. ඒ අනුව 14 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය තුළ ග්‍රාමීය ප්‍රදේශවල සුළං විදුලි ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නැංවෙනු ඇත. සෑම ගම්මානයකම සුළං විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 20ක් ඉක්මවා නොයාම එම ව්‍යාපෘතිවල ප්‍රධාන ලක්ෂණයයි. එමෙන්ම ගම්මාන හා සමාගම් සහයෝගිතා පැවැත්වීම යන සුළං විදුලි ආයෝජන හා ඉදිකිරීමේ නව රටාව, පොදු සංවර්ධනය හා පොදු භාවිතය යන ප්රතිලාභ බෙදා හැරීමේ නව ක්‍රමය ගවේෂණය කිරීම ද එහි විශේෂත්වයන් ය.
චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල පුළුල් සුළං සම්පත් තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල තැනින් තැන තිබෙන බිම් ප්‍රයෝජනයට ගනිමින් සුළං විදුලි ජනනය සංවර්ධනය කරමින් භාවිතයට ගැනීම ඉන් ප්‍රවර්ධනය කෙරේ. ග්‍රාමීය බලශක්තිය හරිත මෙන්ම අඩු කාබන් පරිවර්තනයකට යොමු කිරීමට එමගින් හැකියාව ලැබෙනු ඇත.
Top