Breaking
22 Feb 2025, Sat

චීනයට එරෙහි ඇමරිකානු සටන උග්‍ර අතට! කෘත්‍රිම බුද්ධියටත් වැට බඳී!ඇමරිකාවට එරෙහිව චීනයේ විරෝධය!

ඇමරිකාව චීනයට එරෙහිව පනවන ලද ආ‍යෝජන සීමා පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි. චීනයේ අර්ධ සන්නායක, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, ක්වොන්ටම් තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්‍රවලට සිදු කෙරෙන ආයෝජන සීමා කිරීම සඳහා, බෙයිජිං වේලාවෙන් අද(10) උදේ ඇමරිකානු ජනාධිපති Joe Biden විධායක නියෝගයක් අත්සන් කර ඇත. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය අදහස් දක්වමින් දැඩි විරෝධය පළ කළේය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් Joe Biden පසුගිය බදාදා විධායක නියෝගයකට අත්සන් තැබු අතර ඒ අනුව පරිගණක චිප්ස් වැනි සංවේදී තාක්‍ෂණයන්හි චීනයේ නව එක්සත් ජනපද ආයෝජන තහනම් කරන ලද අතර අනෙකුත් තාක්ෂණික කොටස් සම්බන්ධයෙන් රජයේ දැනුම්දීම් අවශ්‍ය බවද සදහන් කළා.ඒ අනුව අර්ධ සන්නායක සහ ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, ක්වොන්ටම් තොරතුරු තාක්ෂණ සහ ඇතැම් කෘතිම බුද්ධි පද්ධති යන අංශ තුනක චීන ආයතනවල එක්සත් ජනපද ආයෝජන තහනම් කිරීමට හෝ සීමා කිරීමට දිගුකාලීනව බලා සිටි නියෝගය එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරයාට අවසර ලබා දුන්නා.

ඊනියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඇමරිකාව චීනයට එරෙහිව ආයෝජන සීමා පනවන්නේ චීනයේ සංවර්ධන අයිතිය අහිමි කරමින් තමන්ගේම ආධිපත්‍යය පවත්වා ගැනීමේ අරමුණින් බවත්, එය පැහැදිලිවම ආර්ථික බලහත්කාරයක් සහ තාක්‍ෂණික හිරිහැර කිරීමක් බවත් චීන විදේශ අමාත්‍යංශය සඳහන් කළේය. ඇමරිකාවේ එම ක්‍රියාවලිය, වෙළඳපොළ ආර්ථිකයේ සහ සාධාරණ තරඟකාරීත්වයේ මූලධර්මයන් උල්ලංඝණය කිරීමකි. එය ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙතට දැඩි හානි කිරීමක් මෙන්ම ගෝලීය කාර්මික හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය බරපතල ලෙස කඩාකප්පල් කිරීමක් බව ද චීන විදේශ අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඇමරිකාවේ එම වැරදි තීරණය වහාම ඉවත් කර, දෙරටේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයට හිතකර පරිසරයක් නිර්මාණය කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කර ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.