Breaking
22 Feb 2025, Sat

දිවයින කතෘතුමා සහ හංසයාට චන්දය දුන් සිංහලයින් වෙත

පසුගිය ජනාධිපති මැතිවරණයෙන් පසු දිවින පත්‍රය ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දැක්ම විශේෂාංග ලිපිය මෙන්ම කීර්ති වර්ණ කුලසුරියගේ ආරක්ෂක කොලමද   දිවයින කතෘතුමා  විසින් ඉවත් කළ බව දුටිමු . එහෙත් ඒ සඳහා වර්තමාන අගමැති (පස්ස දොරෙන් අගමැතිකමට පත්වූ ) රනිල් වික්‍රමසිංහ විසින් ඔබට පසුගිය දිනක පුදුම සහගත ප්‍රසංසාවක්  කර ඇත . ඔබ වැනි කතෘවරුන් මහින්ද රාජපක්ෂගේ වැසිකිළි ශෝදන ‘සක්කිලියන්’ බව පැවසීම එම ප්‍රසංසාවයි .

සිංහල ජාතිකත්වයක් කිසිදිනක නැති එයට සැමදා විරුද්ධ වූ රනිල් වික්‍රමසිංහ දිවයින පත්‍රයට විරුද්ධවීම පුදුමයක් නොවේ . එහෙත් ඔහු ඔබට අවමන් කිරීම සඳහා වැසිකිළි ශෝදන අයගේ කුළය ඇදගැනීම පිළිකුල් සහගතය . මේ විසිඑක්වන දශකයේ මිනිසුන් ඔවුන් කරණ රැකියාව අනුව  අවමන් නොකළ යුතු බව රනිල් හාමු නොපිළිගනී.

ම මෙය ලියන්නට සිතුවේ ඉදිරි කාලයේදී කොළඹ හතේ රනිල් හාමු පහත ආකාරයෙන් ඔහුට විරුද්ධවන සිංහලයන්ට බැණ වදිනු ඇති බව හංසයාට චන්දය දුන් සිංහලයින් වෙත මතක් කිරීමටයි .නුඹලා රාජපක්ෂගේ රෙදි හෝදපු රදවූ

නුඹලා රාජපක්ෂට බෙර ගහපු බෙර වායෝ

නුඹලා රාජපක්ෂට වලන් හදපු කුඹල්ලු

නුඹලා රාජපක්ෂට මාළු අල්ලපු කරාව , හාලි

නුඹලා රාජපක්ෂට හුණු හදපු හුණ්නෝ

 හංසයාට චන්දය දුන්නේ රනිල් අගමැති කිරීමට නොව මෛත්‍රීපාල ජනාධිපති කිරීමට බව සමහරු තර්ක කරනු ඇත.එහෙත් රනිල් ඇතුළු බටහිර බලවේගවල උවමනාව කුමක්ද යන්න දැන් සියළුම සිංහලයන්ට හොඳින් තේරී ඇතැයි සිතමි.

 ගාමිණී පරාක්‍රම

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.