LNN SPY

බේස්ට් ලයිෆ් පෙන්වා ජනතා මුදල් කොල්ලයක්! – ගවපාලක නීතිය දොයි!

රට පුරා යළිත් පිරමීඩ ක‍්‍රම හිස ඔසවමින් ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ. මෙය පිරමිඩ නොව ‘ජාල ක‍්‍රම’ ලෙසින් හඳුන්වන ජාවාරම්කරුවන් ගනුදෙනු සිදු කිරීමේ දී මුදල් පමණක් නොව භාණ්ඩ හරහා ද මෙම ව්‍යාපාර පවත්වාගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින බවට වාර්තා වී තිබේ.වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායක පත්විමත් සමග යලිත් මේ ජාවාරාම් කරුවන් සක්‍රිය  ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

වර්තමානයෙ රටේ අංක එකේ පිරමිඩ ජාවාරම්කරුවෙකු වන මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධිය හා සමාන දේශමාන්‍ය ආචාර්ය උපාධිය සහිත මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි සමයේ මහින්දාගමනය චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස ලක්ෂ 500ක් පමණ වියදම් කර ජනපතිවරයා හමුවන්නට තිබු අශාව සපුරාගත් දමින්ද උපාලි ප්‍රනාන්දු හෙවත් ඛෙස්ට් ලයිෆ් ඉන්ටනැෂනල් (ඉන්ටනැෂනල් කියා කිව්වත් ලෝව කිසිදු රටක නැත) නමින් පිරමිඩ ජාවාරමේ යෙදෙන කණ්ඩායම තමන්ගේ සමාජිකය බදවා ගැනිම වේගවත් කර තිබේ.

විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, නාන කාමර කට්ටල, රුක් ආයෝජන ,දේපොල වෙළෙඳාම්, ස්වර්ණාභරන හා වන්දනා චාරිකා ආදී විවිධ දෑ මෙම ජාල ජාවාරම හරහා අලෙවි කිරීම මොහුගේ ආදායම් මාර්ගය වී ඇති අතර එහිදී ඔහු සාමාජික මුදලක් මෙහි සාමාජිකයින්ගෙන් අය කිරීම වෙනුවට කරන්නේ රුපියල් විසි තිස් දාහක පරතරයක් තබා භාණ්ඩ විකුණා අධික ලාභ ලැබීම බව මේ පිළිබඳ අප කළ විමර්ශනයේදී තහවුරු වි තිබේ.

නො.343, හොරණ පාර අළුබෝමුල්ල, පානදුර ප්‍රධාන කාර්යාලය ලෙස පවත්වාගෙන යන අතර ඔහුන්ගේ බොරු අසන්නට තරම් නාගරික ජනතාව මොඩයන් නොවන බව දන්නා Best Life කාරයෝ ග්‍රාමිය මට්ටමෙ ජනතාව රවට්ටමි  ඔහුන්ගේ පඩිපතට විදිමට දක්ෂයන් වි තිබේ.පසුගිය සිකුරාදා තමන්ගේ කළමනාකරුවන් යනුවෙන් නම්කරගෙන සිටින පිරිස සමග හමුවක් පවත්වා දමින්ද උපාලි ප්‍රනාන්දු නම් වු හොර දෙටුවා  පවසා ඇත්තේ…මහින්දගේ කාලේ වගේ නෙවේ …රනිල්ලා ඉන්නකොට ආර්ථිකය නිදහස තියනවා …බය නැතුව වැඩ කරගෙන යන්න ……..යනුවෙනි.. අප වාර්තාකරුවන් අනාවරණය කරගෙන ඇති අකාරයට ගෙවුනු මාස 2ක කාලය තුල මාතර,ගාල්ල.කුරුනෑගල,අනුරාධපුර සහ පොලොන්නරුව යන ප්‍රදේශ වලින් පමණක් සමාජිකයන් 3000ක් ඉක්මවා බදවාගෙන තිබේ.

 විව්ධ නම් වලින් වෙබ් අධවි රාශියක් විවෘත කරමින් තමන් සතුව ව්‍යාපාර ජාලයක් ඇති බවට ව්‍යාජ මවා පෑම් මගින් මොහු ලංකාවේ ජනතාව අන්දවා තිබේ.සාමාජිකයින්ගේ හඳුන්වා දීම මත මෙම ජාල ජාවාරම සිදු කරන අතර එහිදි සාමාජික ජාලයෙන් බැහැරව කිසිදු අලෙවියක් සිදු නොකරයි. මෙම ක්‍රියාදාමයේ මුල් අදියරේ සහභාගී වන්නන්ට මෙයින් යම් සහනයක් සැලසුනද ඊට පසුව සාමාජිකත්වය ලබා පැමිණෙන අයට සිදු වන්නේ වැඩි මිලට බාල භාණ්ඩයක් ගෙන ගෝල්ඩන් කී /සක්විති ජාවාරම් කරුවන්ට හසු වූ පරිද්දෙන් සිය දිවි නසා ගැනීමේ වෙළෙඳාමකට සම්බන්ධ වීමක් බව අමුතුවෙන් කිව යුතු නෑ …..

මෙවැනි රටේ ජනතාවගේ ලේ උරා බොන ජාවාරම්කාරයන්ට යහපාලනයෙන් ලැබෙන්නෙත් මේ අකාරයේ බුරුලක්නම් රටේ ජනතාවට සිදුවන්නේ කම්බ හොරුන්ටත්  මෛත්‍රී වෙවා යැයි පැතිම පමණි.

ඉක්න්මනින් මුදල් උපයාගැනීම සඳහා හදුන්වා දෙන පිරමීඩාකාර ක්‍රම වලට දායක නොවන්නැයි ශ්‍රී ලංකා මහා බැංකුව අනතුරු අඟවා ඇති අතර භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමෙන් අනතුරුව එය වෙනත් අයට විකුණා ලාභ ලබීම ට උත්සහ කිරීම පිරමීඩාකාර ක්‍රම වල ස්වභාවය බවද පැහැදිලිව දක්වා තිබේ.

01. පිරමීඩාකාර ක්‍රම සම්බධයෙන් ගතයුතු පියවර පිළිබඳව ශ්‍රී ලංකා වට උපදෙස් දුන් ඇමරිකානු විශේෂඥය රොබට් ෆිට්ස් පැට්‍රික් කියා සිටියේ නිමක් නැති මේ ජාල ගත ක්‍රම වලින්

සියයට අනුවක් පමණ දෙනා පාඩු ලබන බව එවැනි ක්‍රම ආරම්භ කරන්නන් දැන සිටියත් අනුන් ගැන නොසිතන නිසා මෙවැනි රැවටිලිකාර ක්‍රම ඉදිරිපත් කරන බවයි.

02. පිරමීඩාකාර ක්‍රම වෙනුවෙන් තර්ක කරන ඇමරිකානු මුල්‍ය උපදේශක රොබට් කියෝස්කි කියා සිටින්නේ මුදල් උපයනවා නම් අනුන් ගැන සිතීම නතර කළ යුතු බවයි.

03. මාධ්‍යවේදී අසන්ත සිරිමාන්නට අනුව පිරමීඩාකාර ක්‍රම ඉදිරිපත් කරන්නන් ප්‍රයෝගකාරී ලෙස පිරිස් බඳවා ගැනීම් කරති.

04. මේ ගැන හොයා බැලූ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්තට අනුව උගත් නුගත් වෙනසක් නොමතිව පිරිස් පිරමීඩාකාර ක්‍රම වලට දායක වෙති.

ඛෙස්ට් ලයිෆ් ඉන්ටනැෂනල් හොරු ගැන නෙත් FM කල අනාවරණය (සාවධානව අසන්න)


 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top