Breaking
23 Feb 2025, Sun

ජවිපෙ කියන්නේ බොරුවෙන් ඉපදිලා බොරුවෙන් මැරෙන අයට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පවතින මිත‍්‍රත්වය නිසා ඔහු කළ ඉල්ලීමකට උදවිවක් ලෙස තමන්ට අයත් කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි පීකොක් නමින් හැඳීන්වෙන මන්දිරය නොමිලේ දේශපාලන කටයුතු කිරිම සදහා තමන් ලබාදුන් බවත් මහින්ද රාජපක්ෂගේ යලි දේශපාලන ආගමනය ඉවසා ගැනිමට නොහැකිව අනාථව සිටින රනිල් පසුපස යන අනුර කුමාරලා අද එලිපිට රඟන බව ඒ.එස්. පී ලියනගේ මහතා පවසයි.

මොණර භවනත් මහින්ද මිලට ගනී! යනුවෙන් ජවිපෙ වෙබ් අධවියේ පලවි තිබෙන පුවත් සම්බන්ධයෙන් අප වාර්තාකරු කල විමසිමකදි ඔහු මේ බව කියා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ උපතින්ම පච කියින් පක්ෂයක්…එයාලා ජිවත් වෙන්නෙත් බොරුවෙන් ..මැරෙන්නෙත් බොරුවෙන්….

එළුවාගේ ඇටදෙක වැටෙන නරියා සේ බලාසිටීන අනුර කුමාරලාට අන්තිමට වෙන දේ අනුර කුමාරවත් නොදන්නා බව මතක් තබාගෙන සිටිම නුවනනට හුරුය.

~~උපුටා ගැන්ම  ලංකා ටෘත් වෙබ් අධවිය ~~

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ගේ පීකොක් මන්දිරය ලෙස ප‍්‍රකට නිවස ලබා දෙන බව පසුගියදා මාධ්‍ය වාර්තා පළවුනා. 
       මෙම පීකොක් මන්දිරය ගැන පසුගිය සති අන්ත පුවත්පතකට ඒඑස්පී ලියනගේ විස්තර කර තිබෙනවා. ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කල මෙම නිවසහි ලියනගේ මහතා වසර ගනනක් පදිංචි වී සිට ඇති අතර ඔහුට වැඩිම වාසි අත්කර දුන් නිවස ලෙස මෙම නිවස ප‍්‍රසිද්ධය. මීට පෙර විවිධ රටවල විදේශිකයන්ට මසකට ලක්ෂ හතරකට කුලී පදනම මත දුන් මෙම නිවස හිටපු ජනපතිට ලබාදෙන්නේ කිසිදු මුදල් අයකිරීමකින් තොරව බව ඔහු කියා තිබෙනවා. ලියනගේ මහතා හා හි මෙම නිවස ලබා දෙන බවද ඔහු ප‍්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒ.එස්.පී. ලියනගේට අයත් කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි පීකොක් නමින් හැඳීන්වෙන මන්ධිරය මිලයට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ.එස්.පී. ලියනගේ පසුගිය සතියේ පුවත්පත්වලට ප්‍රකාශකර තිබුනේ එය නොමිලේ මහින්ද රාජපක්ෂට ලබාදෙන බවය. එහෙත් ඔහුගේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් අනාවරණය කර තිබෙන්නේ මේ වනවිට බරපතල ආර්ථික අර්බුදයකට මැදිව සිටින ලියනගේ එම මන්ධිරය නොමිලේ ලබාදුන් බවට කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවය. රුපියල් ලක්ෂ 4 බැගින් ‍මාසික කුළියකට ලබා දී තිබූ මන්ධිරය නොමිලයේ දීමට මේ වනවිට ලියනගේට කිසිම හැකියාවක් නැති බව වාර්තා වේ.

මේ අතර තවත් වාර්තා සඳහන් කරන්නේ ජ්‍යොතිෂඥයන්ගේ උපදෙස් පරිදි පීකොක් මන්ධිරයේ පිහිනුම් තටාකය මහින්ද රාජපක්ෂගේ කේන්ද්‍රයට සුදුසු ලෙස සකස්කරමින් පවතින බවය. එමෙන්ම වසර අටකට පසු මෙම මන්ධිරය මහින්ද රාජපක්ෂ මහතාට අයත්වන පරිදි එකඟතාවයක් මත එය ලබා දී ඇති බව හෙළි වේ.

කොළඹ පිහිටි අලංකාර මන්ධිර දෙකෙන් එකක් ලෙස ‍පීකොක් මන්ධිරය හඳුනාගෙන තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ජනාධිපති මන්ධිරයට අමතරව අරලියගහ මන්ධිරයද පරිහරණය කළ අතර රටේ විවිධ ප්‍රදේශවල අලුතින් ජනාධිපති මන්ධිර ඉදිකරනු ලැබීය.

~~උපුටා ගැන්ම අවසන්~~


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.