Breaking
24 Feb 2025, Mon

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම විසින් අත්පත් කර ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

සන්ධානයේ අගමැති අපේක්ෂක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැහැදිළිව අවස්ථා කීපයකදීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද කණ්ඩායම විසින් එම සන්ධානයේ බලය තහවුරු කරගැනීමට තීරණය කර ඇතැයි එම පාර්ශ්වයට සම්බන්ධ සමීපතම ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව සඳහා සාමාජිකයෝ 37 දෙනෙක් ඇතුළත්ව සිටිති. ඉන් 25 දෙනෙක් සන්ධානය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වන අතර සෙසු පිරිස සන්ධානයේ සෙසු ප්‍රධාන පක්ෂ ලෙස සැලකෙන සමසමාජ පක්ෂය,කොමියුනිස්ට් පක්ෂය,දේශ විමුක්ති ජනතා පක්ෂය,මහජන එක්සත් පෙරමුණ හා මහජන පක්ෂය යන පක්ෂවලට අයත් වෙති.

මින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් 25 දෙනාගේ බහුතරය හා සෙසු පක්ෂ සාමාජිකයන්ගේ බහුතරය ද මහින්ද කණ්ඩායමට ලැබී ඇතැයි වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකම වේදිකාවකට ගෙන ඒම සඳහා යැයි ප්‍රකාශ කරමින් පත්කර තිබෙන කමිටුව ‘කල් මැරීම’ සඳහා පමණක් පිහිටුවන ලද්දක් බවත් එම කමිටුවට මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව එකඟ කර ගැනීමට නොහැකිවනු ඇති බවටත් වාර්තාවේ.

රජය නිල වශයෙන් මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම මහින්ද කණ්ඩායම විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය නිල වශයෙන් අත් පත් කර ගැනීමට සැලසුම් සැකසී ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.